පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවඳ අතරින් පවසයි

2024 අගෝස්තු 17 වෙනි සෙනසුරාදා සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිත, ජේසු බිළිඳුන් තුරුලේ හොවාගත් නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ප්‍රතිමාවෙන් පිච්ච මල් සුඝන්ධය පැතිරෙමින් තිබිය දී, එම ප්‍රාතිහාර්‍යය ආරම්භ වී විනාඩි 15කට පමණ පසුව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දර්ශණ දෙව්මැඳුරේ මෙම ප්‍රාතිහාර්‍යය සිදුවෙමින් පැවත් දෙව් මවුන්ගේ ප්‍රතිමාව පාමුළ සිට සැදැහැවතුන් අමතා පවත්වනු ලැබූ දේශණය

‛‛නිර්මල මරිය මාතාවන්ගේ ඇල්මත් බැල්මත් වසර පනහක් පුරාවට ම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙතට යොමු වී ඇති බවට හොඳම නිදසුන වන්නේ, විටින් විට නිරන්තරයෙන් ඕතුමියගේ ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ විහිදී පැතිරීමයි. විටින් විට නිරතුරුව මේ ප්‍රාතිහාර්‍යය සිදුවන ලොව එකම සිද්ධස්ථානය වන්නේ, මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. මේ වන විට සයවන වරටත් මේ මහා ප්‍රාතිහාර්‍යය මේ අවස්ථාවේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල සිදුවෙමින් පවතිනවා. මේ අවස්ථාවේ මා ඔබට කතා කරන්නේ, ප්‍රාතිහාර්‍යාත්මක ලෙසින් පිච්ච මල් සුවඳ පැතිරෙන දෙව් මවුන්ගේ ප්‍රතිමාවට ඉතාමත් සමීපව සිටයි. පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි. ඔබ සියළු දෙනාටම දර්ශණ දෙව්මැඳුර තුල පිච්ච මල් සුවඳ පැතිරෙන දෙව් මවු ප්‍රතිමාව සමීපයට පැමිණ මේ මහා ප්‍රාතිහාර්‍යය දැකබලා ගැනීමට ස්වල්ප වේලාවකින් අවස්ථාව සලස්වනවා.’’

ඉහත සඳහන් ප්‍රකාශය කරනු ලැබුවේ, නිර්මල කන්‍ය මරිය මාතාවන්ව විසිතුන් වාරයක් දැක ගැනීමට සුවිශේෂී වාසනාව ලබා සිටින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසිනුයි.

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට සැදැහැවතුන් අමතා එවන් ප්‍රකාශයක් කරන්නට සිදුවූයේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ නිර්මල කන්‍ය මරිය මාතාවන් විසි තුන් වාරයක් දර්ශණය වූ දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිත, ජේසු බිළිඳුන් වම් පස තුරුලේ හොවාගෙන වැඩ සිටින දෙව් මවුන්ගේ ප්‍රතිමාවෙන් සය වෙනි වරටත් පිච්ච මල් සුවඳ ප්‍රාතිහාර්‍යාත්මක ලෙසින් පැතිරෙන්නට ආරම්භ වූ නිසයි.

එම අවස්ථාවේ සුපුරුදු ලෙසින් හාස්කම් යාච්ඤාව උච්චාරණය කරමින්, විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි සැදැහැවතුන්ගෙන්, සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන පිරී තිබුණා. දර්ශණ දෙව්මැඳුරේ ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිතව ඇති, පිච්ච මල් සුවඳ පැතිරෙන ලොව එකම දෙව් මවු සහ ජේසු බිළිඳු ප්‍රතිමාව පාමුල සිට සැදැහැවතුන් අමතමින්, මෙම පිච්ච මල් සුඝන්ධය පැතිරීමේ ඉතිහාසය ද මතක් කරමින්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙසේ ද පවසනු ලැබුවා.

‛‛නිර්මල කන්‍ය මරිය මාතාවෝ ජේසු බිළිඳුන් ද සමගින් මා ඉදිරියේ ජීවමානව ම පෙනී සිටියේ 1977 ජූලි 27 වෙනි දිනයි. එම අවස්ථාව අදටත් මට හොඳට මතකයි. ඒ එතුමියගේ දසඅට වන දර්ශණයයි. මෙම දර්ශණයන් සිදු වූ අභිනව දර්ශණ දෙව්මැඳුර 2018 අගෝස්තු 11 වෙනි දා මා විසින් විවෘත කරනු ලැබුවා. අභිනව දර්ශණ දෙව්මැඳුරේ ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත කිරීම සඳහා දෙව් මවුන්ගේ ප්‍රධාන ප්‍රතිමාව ලෙසින් යොදා ගැනීමට මම කැමති වුනේ, එතුමිය ජේසු බිළිඳුන් ද සමගින් දර්ශණය වූ අවස්ථාව පෙන්නුම් කෙරෙන දසඅට වන දර්ශණයේ ප්‍රතිමාවයි.’’

දර්ශණ දෙව් මැඳුර තුල සිට සැදැහැවතුන් අමතමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙලෙසින් ද ප්‍රකාශ කරනු ලැබුවා.

‛‛2018 අගෝස්තු 11 වෙනි දින දර්ශණ දෙව්මැඳුර විවෘත කිරීමත් සමගම ජේසු බිළිඳුන් ද සමගින් දෙව් මවු ප්‍රතිමාව ද සැදැහැවතුන්ගේ නිරන්තර ගරුබුහුමනට ලක්වෙන්නට වුනා. එම දිනයෙන් පසුව, 2019 ජූලි 27 වෙනි දිනය ප්‍රථම වරට දර්ශණ දෙව්මැඳුරට උදාවූයේ දෙව් මවුන් ජේසු බිළිඳුන් සමග දර්ශණයවීමේ 42 වෙනි සංවත්සර දිනය ලෙසටයි. ඉතින් එම 18වන දර්ශණයේ 42 වෙනි සංවත්සර දිනය වූ 2019 ජූලි 27 වෙනි දා ප්‍රථම වරට මේ දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ විහිදී පැතිරෙන්නට වුනා. එදා සෙනසුරාදා දවසක්. බැතිමතුන් රැසක් හාස්කම් යාච්ඤාව සඳහා මෙම සිද්ධස්ථානයට රැස්ව සිටියා. දෙව් මවු ප්‍රතිමාවෙන් පැතිරෙන පිච්ච මල් සුවඳ දර්ශණ දෙව්මැඳුර තුල පමණක් නොවෙයි, සිද්ධස්ථාන භූමිය පුරාත් විහිදෙන්නට වුනා. රැස්ව සිටි සැදැහැවතුන් සැමට ම ප්‍රතිමාව අසලට යාමට අවස්ථාව ලැබුණා. සෑම බැතිමතෙකුට ම පිච්ච මල් සුවඳ විඳ ගැනීමට අවස්ථාව ලැබුනා.’’

දෙව් මවු සහ ජේසු බිළිඳු ප්‍රතිමාව පාමුල සිට පිච්ච මල් සුවඳ අතරින් තව දුරටත් සැදැහැවතුන් අමතමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මෙලෙස ද පවසනු ලැබුවා.

‛‛2019 ජූලි 27 වෙනි දින පළමු වරට මේ දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ පැතිරීමත් සමග අද 2024 අගෝස්තු 17 වෙනි දින දක්වා සෑම වසරක ම මේ ප්‍රාතිහාර්‍යය දෙව් මවුන් අප ඉදිරියේ කර තිබෙනවා. 2020 ඔක්තෝම්බර් 3 වෙනි දා දෙවන වරටත්, 2021 ඔක්තෝම්බර් 9 වෙනි දා තුන්වන වරටත්, 2022 අගෝස්තු 20 වෙනි දා සතරවෙනි වරටත්, පස්වෙනි වරට 2023 ඔක්තෝම්බර් 20 වෙනි දින සවස ආරම්භ වී ඔක්තෝම්බර් 21 වෙනි දින සවස දක්වා දින දෙකක් පුරාත් මේ මහා ප්‍රාතිහාර්‍යය අවුරුදු පතා සිදුවී, අද 2024 අගෝස්තු 17 වෙනි දින මේ දැන් සිදුවෙමින් පවතිනවා.’’

මේ උතුම් ප්‍රාතිහාර්‍යය වූ, දර්ශණ දෙව්මැඳුර තුල දෙව් මවු ප්‍රතිමාවෙන් පැතිරෙන පිච්ච මල් සුඝන්ධය විඳ ගැනීමට රැස්ව සිටින සියළුම සැදැහැවතුන්ට අවස්ථාව ලබා දෙමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙලෙසින් ද ප්‍රකාශ කරනු ලැබුවා.

‛‛දර්ශණ දෙව්මැඳුර තුල පිච්ච මල් සුවඳ පැතිරෙණ අප ආදර දෙව් මවුන් ජේසු බිළිඳුන් සමග වැඩ සිටින ප්‍රතිමාව අසලට ම පැමිණ මේ මහා පුදුමය සිදුවන ප්‍රතිමාව දැකබලා ගැනීමටත්, විහිදෙන පිච්ච මල් සුවඳ විඳ ගැනීමටත් දැන් ඔබ සියළු දෙනාට ම අවස්ථාව ලැබෙනවා. ඔයගොල්ලන්ට ඕන තරම් කාලය අරගෙන දර්ශණ දෙව්මැඳුර තුල ගත කරන්න. ලොව පුරා දෙව් මවුන්ට කැපකර ඇති දෙව්මැඳුරු, සිද්ධස්ථාන කොතෙක් ඇතත්, මේ ශ්‍රී ලංකාව පුරා ද, දෙව් මවුන්ට කැපකර ඇති දෙව්මැඳුරු, සිද්ධස්ථාන කොතෙක් ඇතත්, මහ පාරවල් අද්දර දෙව් මවුන්ගේ ප්‍රතිමාවන් කෙතරම් ඇතත්, පිච්ච මල් සුවඳ පැතිරෙන දෙව් මවුන්ගේ ප්‍රතිමාවන් ඇත්තේ, ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පමණයි. නිර්මල කන්‍ය මරිය තුමී 23න් වතාවක් දර්ශණය වූ ශ්‍රී ලංකාවේ පිහිටි එකම දෙව් මවු සිද්ධස්ථානයයි මේ.’’

සියලු පුවත්

ඉපැරණි දේව මාතා ප්‍රතිමාවෙන් සැදැහැවතුන්ව ආශිර්වාද කරනු ලැබීම අගෝස්තු 29 සෙනසුරාදා

අභිනව දර්ශණ දෙව්මැඳුරට වසර අටක් සපිරේ

උන්වහන්සේ මගේ හිස මත ශුද්ධවූ කුරුසිය තැබුවා. අයිස් කැට සහිත බෑගයක් හිස මත තැබුවාක් වැනි මහා සීතලක් මුළු ඔලුව පුරාම පැතිරුණා

අපොස්තුළු ධූරය ලබා තම පනස් වෙනි ස්වර්ණ ජුබිලි නත්තල් දිව්‍ය පූජාව පුද කරනු ලැබූ අපේ ම අපොස්තුළුතුමා

ජීවිතයේ පළමු වතාවට මරිය මෑණියන් හමුවීම එක්තරා විදිහක තිගැස්මක් ඇති නොවුනා නොවෙයි

අසිරිමත් උපතක් සමගින් මෙලොවට පහළ වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ මහා අධ්‍යාත්මික ගුරුවරයෙකි

අම්මලා දූලා පරෙස්සම් වෙන්න, දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

මේ ප්‍රතිමාව මට තේරුම් ගන්න අමාරුයි. මරිය තුමී ඇයි මේ පුංචි දැරියක් තුරුළු කරගෙන ඉන්නේ? කවුද මේ දැරිය?

මේ වෙලා තියෙන දේ නම් හරිම පුදුමයි – කටුනායක සිද්ධස්ථානයේ දී මරිය තුමී තරුණයෙකුට දුන්න දේ

පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවඳ අතරින් පවසයි

6 වෙනි වතාවට අද දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් සුවද ආවා, පුළුවන්නම් යන්න පල්ලියට මහ රෑ පිච්ච මල් සුවඳ දිගේ මහ රෑ දර්ශණ දෙව්මැඳුරට ඇතුළු වූ තරුණයාගේ කතාව

ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා සිය ධූරයේ වසර 49 ක් සපුරණු ලබයි

එදත් අදත් ලොවට පහළ වූ අපොස්තුලුවරුන් නම් වූ මහා ආධ්‍යාත්මික ගුරුවරුන් ධර්මය ඉගෙන ගත්තේ මිනිස් ගුරුවරුන්ගෙන් නොව ක්‍රිස්තුස් වහන්සේගෙන්මයි

නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තකයන්ගේ පුදුම හෙළිදරව්ව

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා – එහි අනිටු විපාකයන් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙමාපියන් අමතයි

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.