අසිරිමත් උපතක් සමගින් මෙලොවට පහළ වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ මහා අධ්‍යාත්මික ගුරුවරයෙකි

මේ ලෝකයට කාලයෙන් කාලයට පහළ වූ විවිධ අධ්‍යාත්මික ගුරුවරුන් පිළිබඳව අප බොහෝ දේ අසා ඇත. අතීතයේ මෙන්ම අනාගතයේත් එවන් වූ අධ්‍යාත්මීක ගුරුවරුන්ගේ පහළ වීම ඉතාමත්ම දුලබය. බොහෝවිට එවන් අධ්‍යාත්මික ගුරුවරුන් එදා පෙන්වා දුන් අධ්‍යාත්මික විමුක්ති මාර්ගයේ ගමන් මග අද වන විට විවිධ ආගමික රාමු වලට කොටු කර ගනිමින් බොහෝ පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා ඒ අධ්‍යාත්මික ගමන් මාර්ගය සමාජය වෙතින් ඈත් කරන්නට බොහෝ ආගමික ගුරුවරුන් කටයුතු කිරීම අද සමාජයේ දැකිය හැකි පැහැදිලි කරුණකි. මේ ලෝකයට පහළ වූ අධ්‍යාත්මීක ගුරුවරුන් අතුරින් සැබවින්ම අපොස්තුළු තුමෙකු සුවිශේෂී වේ. එසේ වන්නේ අපොස්තුළු තුමෙකු නම් වු අධ්‍යාත්මික ගුරුවරයෙකු මේ ලෝකයට පහළ වන්නේ ඉතාමත් ම කලාතුරකින් වීම නිසාවෙනි. එහෙත් අද සමාජය දිනෙන් දින ධර්මයෙන් ඈත් වෙමින් පවතින මෙවන් අවධියක ධර්මය සොයන ප්‍රඥා වන්තයන්ගේ වාසනාවකට අද ලෝකයට මහා දහම් ආලෝකයක් පතිත වී ඇති කාලවකවානුවක් උදා වී ඇත. ඒ නිසාම ඒ දහම් ආලෝකය තුළින් මරණය පරාජය කර විමුක්තියේ මාවත වෙත ගමන් කලයුතු නිවැරදි දහම් මාර්ගය තම තමා තුලින්ම දකින්නට බොහෝ දෙනෙකුට වාසනාව හිමි වී ඇත්තේ අපොස්තුළු තුමෙකු නම් වූ උතුම් ආධ්‍යාත්මික ගුරුවරයකු මේ ලෝකය වෙත පහළ වී ඇති නිසාවෙන්මයි. 1957 පෙබරවාරි 1වන දින හරියටම මැදියම් රෑ 12 ට ඉතාමත් අසිරිමත් උපතක් සමගින් මෙලොවට උපත ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපෝස්තුළුතුමා නම් වූ මේ මහා අධ්‍යාත්මික ගුරුදේවයාණන් වහන්සේ සැබවින්ම මෙලොවට සපැමිණි ඉතාමත්ම සුවිශේෂී උත්තමයෙක් වන්නාහ. එමෙන්ම උන්වහන්සේගේ ඒ අසිරිමත් උපත සිදු වූ ආකාරය ලෝකයටම කියාපාන්නේ සැබවින්ම උන්වහන්සේ තුල පවතින ඒ පූජනීයත්වයයි. අදටත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ජීවමානවම වැඩ වසන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණන් වන මේ මහා අධ්‍යාත්මික ගුරුවරයාණන් වහන්සේගේ මෙලොවට පහළවීමේ ප්‍රධානතම පරමාර්ථය වන්නේ සමාජයට යහමග පෙන්වා දෙමින් නිවැරදි ගුණධර්මවලින් මිනිස් සිත පෝෂණය කර මිනිස් සිත තුළ පවතින කෙලෙස් දුරුකිරීමට අවශ්‍ය වන ධර්ම ආලෝකය ලබාදෙමින් යමෙකු මරණින් මතු ලබාගත යුතු උත්තරීතර වූ අධ්‍යාත්මික පරිපූර්ණතාවය ලබා ගැනීම සඳහා මිනිස් සිත වෙතට මග පෙන්වා දීමයි. අද වෙන විට උන්වහන්සේ මේ සමාජයට සිදු කළ මහා දහම් මෙහෙවර තුළින් ඒ බව වඩාත් පැහැදිලි ලෙස දකින්නට හැකි වී ඇත්තාහ. ඒ නිසාම මේ මහා අධ්‍යාත්මික ගුරුදේවයාණන්ගේ මෙලොව ඉපදීම සැබැවින්ම සුවිශේෂී උපතක්මය.

උන්වහන්සේගේ පියා උපතින්ම බෞද්ධයෙකි. කටුනායක ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකු වූ ජී. සී. අපොන්සු මහතාගේ සහ මාග්‍රට් අපොන්සු මැතිණියගේ පුතණුවන් ලෙස උපත ලද මේ මහා උත්තමයාණන් වහන්සේ තමන් කුඩා කල සිටම ගත කරනු ලැබුවේ සියළු සැප සම්පතින් පිරී ගිය ඉතාමත්ම සුඛෝපභෝගී ජීවිතයකි. එහෙත් උන්වහන්සේ කුඩා කළ සිට ගත කළ එම ඉතාමත් සුඛෝපභෝගී ජීවිතය අතහැර මහා දහම් ගුරුවරයෙකු ලෙස මිනිසාට අධ්‍යාත්මික විමුක්තිය සඳහා වූ දහම් මාර්ගය පෙන්වා දීමට කටයුතු කරනු ලැබීම අහඹුවක් නොව තමන් වහන්සේගේ අවසාන භවය ලෙස මේ ලෝකයට ඉපදී උන්වහන්සේ ඉටු කිරීමට අපේක්ෂා කළ කාර්යයි. එනම් 1957 පෙබරවාරි 1 වන දින මධ්‍යම රාත්‍රියේ අසිරිමත් උපතක් සමගින් මෙලොවට උපත ලද උන්වහන්සේ අපොස්තුළු තුමෙකු ලෙස දිව්‍යමය වශයෙන් මහා අධ්‍යාත්මික පරිපූර්ණ තාවයකට පත් වීම තුලින් මේ ලෝකය තුළ සිදුකල යුතු මහා දහම් මෙහෙවරයි. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ මෑණියන් වන මාග්‍රට් අපොන්සු මැතිණිය වසර 90ක් ආයු වලඳා ස්වර්ගස්ථ වීමට පෙර එතුමිය විසින් තම සිතෙහි නිධන් කර ගනිමින් තිබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණන්ගේ කුඩා අවධිය පිළිබඳව හෙළි කළ මහා පුදුමාකාර සිද්ධීන් අතර, මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් එතුමියගේ කුසයේ පිළිසිඳ ගත් දා පටන් ම සිදු වූ අරුම පුදුම දේ මෙන්ම උන්වහන්සේ කුඩාකල ළදරු අවධියේ සිටම සිදුකළ මහා ගැඹුරු ප්‍රකාශ තුළින් ද උන්වහන්සේගේ මහා අධ්‍යාත්මික දියුණුව පිළිබඳව බොහෝ කරුණු, එදා උන්වහන්සේගේ දෙමව්පියන් වෙත දැනී තිබුන බව තේරුම් ගැනීමට හැකි වූවත්, ඒ අරුම පුදුම සිදුවීම් තුල මෙන්ම උන්වහන්සේ එදා ළදරු අවධියේ දී පවා ප්‍රකාශ කළ ඒ ගැඹුරු ප්‍රකාශවල අර්ථය වඩ වඩාත්ව අද මුළු ලෝකය වෙතම මනා ලෙස වටහා ගැනීමට හැකි වී ඇත්තේ උන්වහන්සේ මහා අධ්‍යාත්මික ගුරුවරයකු ලෙස මිනිස් සිත ධර්මයෙන් ආලෝක කරමින් මේ සමාජය වෙත සිදුකරන මහා දහම් පෙරළිය තුළින්ය. ඇතැම් අවස්ථාවන්හී උන්වහන්සේගේ බෞද්ධ පියා මේ ශුද්ධෝත්තම අපෝස්තුළු තුමන් ළදරු අවධියේ සිදු කරනු ලැබූ ඇතැම් අධ්‍යාත්මීක ගැඹුරු ප්‍රකාශයන් පිලිබඳව රැය පහන් වන තුරු සක්මන් කරමින් නිහක්‍ෂව කල්පනා කර ඇත්තේ උපතින්ම බෞද්ධයෙකු වූ ඔහුට තම පුතණුවන්ගේ මෙවැනි ප්‍රකාශයන්හි ගැඹුරු හරය තම බෞද්ධ දැනුම තුලින්ම වටහා ගැනීමට හැකි වූ නිසාවෙන් ම බව අපට පැහැදිළි වන කරුණකි. එහෙත් එදා උන් වහන්සේගේ ළදරු වියේදී පවා ප්‍රකාශ කල ඒ මහා අධ්‍යාත්මික ප්‍රකාශ වල හරය එදාටත් වඩා අද ලෝකය වෙත හෙළි වී හමාරය. මේ සෑම දෙයක් තුලින්ම පැහැදිළි ලෙස ප්‍රකාශ වන කරුණක් වන්නේ, මේ මහා දහම් ගුරුවරයාණන් වහන්සේ ගේ මෙලොව ඉපදීම අහඹුවක් නොවන බව නොවේද? තමන් වහන්සේට දෙමාපිය උරුමයෙන් හිමි වූ සියළුම ධනය තම දහම් මෙහෙවර වෙතම යොදවමින් කටයුතු සිදුකරන උන්වහන්සේ අදටත් ඉතාමත්ම ශුද්ධවත් ඇතුළාන්ත ජීවිතයක් ගතකරන සේක. එමෙන්ම උන්වහන්සේ තම ජීවිත ආදර්ශයෙන් මෙන්ම සෑම දහම් දෙසුමකින්ම කිසිදු ජාති ආගම් භේදයකින් තොරව සමාජය වෙත අවධාරණය කරන්නේ නිරතුරුවම යහපතෙහි හැසිරෙන ලෙසටයි. ඒ වගේම මරණය පරාජය කර විමුක්තියේ පරිපූර්ණතාවය සඳහා මග පෙන්වා දීමටයි.

සැබවින්ම මෙලොවට අධ්‍යාත්මික ගුරුවරයෙකුගේ පහළ වීම අහම්බයෙන් සිදු වන්නක් නොවේ. එමෙන්ම අධ්‍යාත්මික ගුරුවරයෙකු මෙලොවට පහළ වන්නේ මිනිසාගේ දැනුම පිණිස නොව අවබෝධය පිණිස දහම් මඟ පෙන්වා දීම සදහාමය. මන්ද යමෙකු තම අධ්‍යාත්මික පරිපූර්ණතාවය සඳහා මාර්ගය සොයා ගත යුත්තේ බාහිර ලෝකයෙන් නොව තමන් තුළින්මයි. සිතෙහි පවතින කෙලෙස් දුරු කර තම සිත අධ්‍යාත්මික පරිපූර්ණතාවය වෙත යන මාර්ගය තුළ ගමන් කරවිය යුත්තේ තමන් විසින්මයි. ඒ සඳහා සැබැවින්ම තමා තුළින් ම අවබෝධයෙන් වටහා ගත යුතු නිවැරදි දහම් මගපෙන්වීමක් අත්‍යාවශ්‍ය වේ. මේ සඳහා නිවැරදි. දහම් අවබෝධය යමෙකුගේ සිත තුළට දී තම ඇතුළාන්තය තුළින්ම අධ්‍යාත්මික විමුක්තිය සඳහා මාර්ගය සොයා ගැනීමට උදව් කළ හැක්කේ උතුම් ආධ්‍යාත්මික ගුරුවරයකුටම පමණයි. ඒ නිසාම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් වැනි මහා අධ්‍යාත්මික ගුරුවරයෙකු මෙලොව වැඩ වසන සමයක උන් වහන්සේ පෙන්වා දෙන මහා දහම් අවබෝධයෙන් තම සිත පෝෂණය කරගෙන අධ්‍යාත්මික විමුක්තිය වෙත ගමන් කිරීමට හැකිවන මාර්ගය තමන් තුළින්ම වටහා ගැනීමට අවස්ථාව ලැබීම ද අද බොහෝ දෙනෙකුට හිමිවී ඇති මහඟු වූ වටිනා අවස්ථාවක් වීම ඔවුන්ගේ ම පෙර පිනකට ලද වාසනාවක් විය යුතුය.

යමෙකුට මෙලොව සිදු කළ හැකි උතුම්ම ප්‍රාතිහාර්ය වන්නේ අන් කිසිවක් නොව අධර්ම මාර්ගය තුළ මුලාවී ඇති සිතකට නිවැරදි දහම් අවබෝධය ලබා දෙමින් ඒ සිත ධර්මයෙන් සුවපත් කර, තම මරණය පරාජය කර ලබාගත හැකි විමුක්තියේ මාවතේ ගමන් කිරිමට අවස්ථාව ලබා දිමයි. ලෝකයට පහළ වන අධ්‍යාත්මික ගුරුවරයකු සැබැවින්ම මේ ප්‍රාතිහාර්යය සිදුකිරීමට සමත්වන උතුම් දහම් ගුරුවරයෙකු වන්නාහ. ඒ නිසාම විශේෂයෙන්ම මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ දහම් දූත මෙහෙවර තුළ අවධානය යොමු කරන කළ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැඩ වසන මේ මහා දහම් ගුරුවරයාණන් වහන්සේ පුරා දශක පහකටත් වැඩි (අවුරුදු පනහකටත් වැඩි) තම දහම් දූත මෙවර තුළ, මිනිස් සිත යහපත් වූ ගුණ ධර්ම වලින් පෝෂණය කරවමින් ඔවුන්ව දහම් මාවත ඔස්සේ ගමන් කරවීමට කටයුතු කරවූයේ යමෙකුට මේ ලෝකය තුළ සිදු කළ හැකි උතුම්ම ප්‍රාතිහාර්ය වන මිනිස් සිත ධර්ම මාර්ගය තුළ ගමන් කරවීමේ ප්‍රාතිහාර්ය සිදුකරමින් වීම පැහැදිලිව වටහාගත හැකි කරුණකි. ඒ නිසාම අදටත් බොහෝ බෞද්ධ නාහිමිවරුන් වහන්සේලාගේ පවා ගෞරවාදරයට පත් වන අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා යනු මේ ලෝකයට ම හිමිවූ මහා වටිනා දහම් සම්පතක්ය. නිසැකවම කිසිදු ජාති ආගම් භේදයකින් තොරව, සැමගේ ගෞරවාදරයට පාත්‍ර විය යුතු උත්තමයෙකි. එහෙත් යම් දිනයක උන්වහන්සේ මේ ලෝකයෙන් වියෝ වූ දිනයක උන් වහන්සේ පෙන්වා දුන් අධ්‍යාත්මීක විමුක්තියේ මාර්ගයේ ගමන් කරන්නට උන්වහන්සේගේ පා සලකුණු පමණක් මේ ලෝකයට ඉතිරි වනු ඇත. එදිනට මේ ලෝකයට අපොස්තුළු තුමෙකු නම් වු මහා අධ්‍යාත්මික ගුරුවරයාණන්ගේ අගය අදටත් වඩා වැඩි වැඩියෙන් එදිනට දැනෙනු ඇති බව නිසැකය.

 

රංග ප්‍රසාද් පෙරේරා
ජාඇල

සියලු පුවත්

ඉපැරණි දේව මාතා ප්‍රතිමාවෙන් සැදැහැවතුන්ව ආශිර්වාද කරනු ලැබීම අගෝස්තු 29 සෙනසුරාදා

අභිනව දර්ශණ දෙව්මැඳුරට වසර අටක් සපිරේ

උන්වහන්සේ මගේ හිස මත ශුද්ධවූ කුරුසිය තැබුවා. අයිස් කැට සහිත බෑගයක් හිස මත තැබුවාක් වැනි මහා සීතලක් මුළු ඔලුව පුරාම පැතිරුණා

අපොස්තුළු ධූරය ලබා තම පනස් වෙනි ස්වර්ණ ජුබිලි නත්තල් දිව්‍ය පූජාව පුද කරනු ලැබූ අපේ ම අපොස්තුළුතුමා

ජීවිතයේ පළමු වතාවට මරිය මෑණියන් හමුවීම එක්තරා විදිහක තිගැස්මක් ඇති නොවුනා නොවෙයි

අසිරිමත් උපතක් සමගින් මෙලොවට පහළ වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ මහා අධ්‍යාත්මික ගුරුවරයෙකි

අම්මලා දූලා පරෙස්සම් වෙන්න, දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

මේ ප්‍රතිමාව මට තේරුම් ගන්න අමාරුයි. මරිය තුමී ඇයි මේ පුංචි දැරියක් තුරුළු කරගෙන ඉන්නේ? කවුද මේ දැරිය?

මේ වෙලා තියෙන දේ නම් හරිම පුදුමයි – කටුනායක සිද්ධස්ථානයේ දී මරිය තුමී තරුණයෙකුට දුන්න දේ

පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවඳ අතරින් පවසයි

6 වෙනි වතාවට අද දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් සුවද ආවා, පුළුවන්නම් යන්න පල්ලියට මහ රෑ පිච්ච මල් සුවඳ දිගේ මහ රෑ දර්ශණ දෙව්මැඳුරට ඇතුළු වූ තරුණයාගේ කතාව

ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා සිය ධූරයේ වසර 49 ක් සපුරණු ලබයි

එදත් අදත් ලොවට පහළ වූ අපොස්තුලුවරුන් නම් වූ මහා ආධ්‍යාත්මික ගුරුවරුන් ධර්මය ඉගෙන ගත්තේ මිනිස් ගුරුවරුන්ගෙන් නොව ක්‍රිස්තුස් වහන්සේගෙන්මයි

නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තකයන්ගේ පුදුම හෙළිදරව්ව

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා – එහි අනිටු විපාකයන් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙමාපියන් අමතයි

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.