අප ගැන

"එඬේරා" නම් වූ මෙම වෙබ් අඩවිය, අපොස්තලික මාධ්‍ය ජාලය මගින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි අතරින් එකක් වේ. මෙම "එඬේරා" වෙබ් අඩවිය අප මාධ්‍ය ජාලය මගින් පවත්වාගෙන යනු ලබන්නේ විශේෂයෙන් ම මධ්‍යස්ථ මනසකින් යුතුව, තම බුද්ධිය මෙහෙයවා සත්‍ය තේරුම් ගත හැකි ශ්‍රී ලාංකීක, සිංහල කියවිය හැකි පුරවැසියන් වෙනුවෙනි.

 

අපගේ මූලික පරමාර්ථය වන්නේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තෝරාගෙන, උන්වහන්සේ ම දර්ශණය වී පත් කරනු ලැබූ දෙවන අපොස්තුළුතුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දෛනික කටයුතු සහ කර්තව්‍යයන් පිළිබඳව ද, උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳව ද සත්‍ය තොරතුරු ජනතාව අතරට ගෙන යාමයි.

 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවින් සමු ගැනීමට මොහොතකට පෙර සිය අපොස්තුළුතුමන්ලා වෙතින් මෙලෙසින් ඉල්ලීමක් කරනු ලැබූ සේක. ‛‛මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න.’’ (මතෙව් 28/20) ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෙම ඉල්ලීම ඉටු කිරීමට සියළුම අපොස්තුළු තුමන්ලා තම මුළු ජීවිතයෙන් ම බැඳී සිටින අතර, අද ලොව ජීවතුන් අතර සිටින එකම අපොස්තුළුතුමාණන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ද මෙම වගකීමෙන් බැඳී සිටිති. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අණ කල සියල්ල රක්ෂා කිරීම සඳහා සෙසු ජනතාවට ඒ පිළිබඳව ඉගැන්වීම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ මූලික වගකීම වේ.

 

කරණු කාරණා එසේ හෙයින්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ඉගැන්වීම් ඔබ වෙත සම්ප්‍රේෂණය කිරීමට මෙම "එඬේරා" වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම කැප වී සිටියි.

 

මුල් යුගයේ ජීවත් වූ අපොස්තුළුතුමන්ලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අවසාන ඉල්ලීම ඉටු කරනු පිණිස ලෝකයේ විවිධ දේශයන් වෙත ගමන් කරනු ලැබුවෝය. එම කාලයේ ප්‍රචාරක කටයුතු සඳහා ගුවන් විදුලිය, රූපවාහිනිය, වෙබ් අඩවි, පුවත්පත්, ඊ මේල් වැනි තාක්ෂණික පහසුකම් කිසිවක් නොවීය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අණ කල සියල්ල රක්ෂා කිරීම සඳහා සෙසු ජනතාවට ඒ පිළිබඳව ඉගැන්වීම පිණිස ජනතාව වෙත ගමන් කිරීම පමණක් එකම ක්‍රමය විය. ගමන් කිරීමට ද තම දෙපා හැරුන විට තිබූ එකම වාහනය වූයේ බෝට්ටු සහ නැව් මගින් ද සතුන් පිට උඩින් ගමන් කිරීම ද වේ. එහෙත් අද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ජීවත් වන විසි එක්වන ශත වර්ෂයේ සිදුවී ඇති සහ සිදුවෙමින් ද පවතින තාක්ෂණ පෙරළිය ඔස්සේ තැනින් තැන ගමන් කිරීමකින් තොරව, එක තැනක සිට ලොව සෑම කෙළවරකටම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අණ කල සියල්ල රක්ෂා කිරීම සඳහා සෙසු ජනතාවට ඉගැන්වීමේ වගකීම ඉතාමත් පහසුවෙන් සහ අසත්‍ය කරුණු ප්‍රචාරය වීමෙන් වලක්වාගෙන කරනු ලැබිය හැකිය. අද ජනතාව ද සියළු දේ ගැන විමසන්නේ නව තාක්ෂණික මෙවලම් හරහා බැවින්, අපොස්තලික මාධ්‍ය ජාලය ඉදිරිපත් කරන මෙම "එඬේරා" වෙබ් අඩවිය ඔබට ආශිර්වාදයක් ම වේවා යනු අපගේ ප්‍රාර්ථනයයි.

විශේෂ පුවත්

මොලය ඔළුවේ තිබේනම් සියළු ක්‍රිස්තියාණින්ට සිතන්නට කාලයයි මේ
‛‛ඇත්තටම මෙය මහා විස්මයක්. මරිය තුමියගේ සුවිශේෂී ප්‍රාතිහාර්‍යයක්’’ – ජූලි 27 වෙනි දින දෙනෝ දහක් ඉදිරියේ සිදු වූ විස්මය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මතය ප්‍රකාශ කරනු ලබයි!
බොහෝ ක්‍රිස්තියාණින්ගේ ජීවිතය ගෙවෙන්නේ බෙත්ලෙහෙම ත් කල්වාරිය ත් ලගයි, ඒ අතර ඇති දහම ලඟ නොවෙයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන් ප්‍රකාශ කරයි
Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.