ජාති ආගම් බේදයන්ගෙන් තොර මහ සෙනගකගේ ජය ඝෝෂා මැද දෙව් මවුන්ගේ දසඅට වන දර්ශණ ප්‍රතිමාවට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා රන් මිණි ඔටුණු පළඳවනු ලබයි

ජාති ආගම් ආදී, මිනිසාගෙන් මිනිසා දුරස් කරවන, මිනිසා මිනිසාටම වෛර කරවන සියළුම භේදයන්ගෙන් තොරව මහා ජන ගඟක් අති භාග්‍යවත් නිර්මල කුමරි මරිය මාතාවන්ගේ ප්‍රතිමාව වටා එකම දරු කැලක් ලෙසින් 2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියට එක් වී, රොක් වී සිටියේ, නිර්මල කන්‍ය මරියෝත්තමාවන් සියැසින් දැක ගැනීමට සුවිශේෂී වාසනාව ලබා සිටින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දෝතින්, නිර්මල කන්‍ය මරියාවන් ජේසු බිළිඳාණන් ද වඩවා ගෙන දර්ශණය වූ අයුරු විදහා දැක්වෙන, දසඅට වන දර්ශණ ප්‍රතිමාවට ඔටුණු පළඳවන අවස්ථාව දැක ගැනීමටයි.

දිවයිනේ සතර දිගින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ඇදී ආ මහ ජන ගඟෙන් මුළු දර්ශණ භූමියම පිරී ඉතිරී ගොස් තිබුණි. බොහෝ බැතිමතුන්ට සිද්ධස්ථාන භූමියට ඇතුළු වීමට පවා අවකාශයක් නොලැබුනේ, කල් වේලා ඇතිවම රැස්ව සිටි ජනතාව, ඒ වන විටත් දර්ශණ භූමියේ තෙරෙපෙමින් සිටි බැවිනි. ඒ නිසාම ඔවුන්ට දර්ශණ භූමියෙන් පිටත මහ මඟ අද්දර ද රැඳී සිටින්නට සිදු විය.

දර්ශණ භූමිය පුරාත්, දර්ශණ භූමියෙන් පිටතත් ආරක්ෂාව තර කර තිබුණි. විශේෂ පුහුණුව ලත් ආරක්ෂක භටයන් ද දර්ශණ භූමිය තුල රැඳී සිටි අතර, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙව් මවු ප්‍රතිමාවට රන් මිණි කිරුළ පළඳවනු ලැබූ මණ්ඩපය අසල දැඩි ආරක්ෂාව යොදා තිබුණි.

රැස්ව සිටි මහා ජනකාය මැදින් අභිනව දර්ශණ දෙව් මැඳුරේ සිට ඉතාමත් සන්සුන්ව, සැමටම සුරත ඔසවා ආශිර්වාද කරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, දෙව් මවුන්ට ඔටුණු පැළඳ වීමේ දේව මෙහෙය සඳහා ප්‍රධාන පීඨිකාවට පිවිසි අතර, උන්වහන්සේ වටකර විශේෂ ආරක්ෂක නිලධාරීන් යොදවා තිබුණි.

දේව මෙහෙය ආරම්භ වී ස්වල්ප වේලාවකින් ‛‛ජේසු බිළිඳුන් සමගින් දෙව් මවු’’ ප්‍රතිමාවට නිල් මැණික් සහිත රත්තරන් කිරුළ පළඳවනු ලබන අවස්ථාව උදා වූ අතර, අධික වටිනාකමකින් යුතු නිල් මිණි රන් කිරුළ දර්ශණ දෙව්මැඳුරේ සිට සැදැහැ ජනතාව අතරින් දැඩි ආරක්ෂාව මධ්‍යයේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත රැගෙන එනු ලැබුවේ අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා විසිනි. අපොස්තලික ලේකම් අශෝක ප්‍රනාන්දු මහතා ද ඒ සමගම විය.

ඔවුන් ඔටුන්න ද සමගින් ප්‍රධාන මණ්ඩපය වෙත පිවිස ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ දණ ගැසූ අතර, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න ආශිර්වාද කල සේක. ඉන්පසු මේ ඔටුන්න මද වේලාවක් සිය දෝත් මත තබාගෙන සිටි ශුද්ධෝත්තම අපොස්තුළුතුමා එය අපොස්තලික ලේකම් අශෝක ප්‍රනාන්දු මහතා අත තිබූ අලංකාර කොට්ටය මත තැබූ අතර ඉන්පසු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා එම මණ්ඩපයේම දකුණු පසින් ස්ථාපිත කර තිබූ දෙව් මවු ප්‍රතිමාව වෙත ගමන් කල සේක. අපොස්තලික ලේකම් අශෝක ප්‍රනාන්දු මහතා ප්‍රතිමාව ඉදිරියේ දී නිල් මැණික් රන් කිරුළ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත පිළිගැන්වූ අතර, සැදැහැ ජනතාව මහත් හඬින් ‛අම්මා අම්මා’ යනුවෙන් ජය ඝෝෂා කරමින් සහ අත් පොලසන් දෙමින් දර්ශණ භූමිය පුරා පැතිරී ගිය මහා හක්‍ෂ මධ්‍යයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නිර්මල කන්‍ය මරිය මාතාවෝ සකල විශ්වයේම අග රැජිණ ලෙසින් නිල් මැණික් සහිත වටිනා රන් කිරුළින් පුදනු ලැබූ සේක.

නිර්මල කන්‍ය මරිය මාතාවන්ට නිල් මැණික් රත්තරන් ඔටුන්න පැළඳවීම සඳහා අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට සහය විය.

සියලු පුවත්

ඉපැරණි දේව මාතා ප්‍රතිමාවෙන් සැදැහැවතුන්ව ආශිර්වාද කරනු ලැබීම අගෝස්තු 29 සෙනසුරාදා

අභිනව දර්ශණ දෙව්මැඳුරට වසර අටක් සපිරේ

උන්වහන්සේ මගේ හිස මත ශුද්ධවූ කුරුසිය තැබුවා. අයිස් කැට සහිත බෑගයක් හිස මත තැබුවාක් වැනි මහා සීතලක් මුළු ඔලුව පුරාම පැතිරුණා

අපොස්තුළු ධූරය ලබා තම පනස් වෙනි ස්වර්ණ ජුබිලි නත්තල් දිව්‍ය පූජාව පුද කරනු ලැබූ අපේ ම අපොස්තුළුතුමා

ජීවිතයේ පළමු වතාවට මරිය මෑණියන් හමුවීම එක්තරා විදිහක තිගැස්මක් ඇති නොවුනා නොවෙයි

අසිරිමත් උපතක් සමගින් මෙලොවට පහළ වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ මහා අධ්‍යාත්මික ගුරුවරයෙකි

අම්මලා දූලා පරෙස්සම් වෙන්න, දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

මේ ප්‍රතිමාව මට තේරුම් ගන්න අමාරුයි. මරිය තුමී ඇයි මේ පුංචි දැරියක් තුරුළු කරගෙන ඉන්නේ? කවුද මේ දැරිය?

මේ වෙලා තියෙන දේ නම් හරිම පුදුමයි – කටුනායක සිද්ධස්ථානයේ දී මරිය තුමී තරුණයෙකුට දුන්න දේ

පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවඳ අතරින් පවසයි

6 වෙනි වතාවට අද දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් සුවද ආවා, පුළුවන්නම් යන්න පල්ලියට මහ රෑ පිච්ච මල් සුවඳ දිගේ මහ රෑ දර්ශණ දෙව්මැඳුරට ඇතුළු වූ තරුණයාගේ කතාව

ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා සිය ධූරයේ වසර 49 ක් සපුරණු ලබයි

එදත් අදත් ලොවට පහළ වූ අපොස්තුලුවරුන් නම් වූ මහා ආධ්‍යාත්මික ගුරුවරුන් ධර්මය ඉගෙන ගත්තේ මිනිස් ගුරුවරුන්ගෙන් නොව ක්‍රිස්තුස් වහන්සේගෙන්මයි

නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තකයන්ගේ පුදුම හෙළිදරව්ව

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා – එහි අනිටු විපාකයන් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙමාපියන් අමතයි

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.