දෙව් මවු දර්ශනයට හතළිස් දෙවසරක් සපිරෙන දා එතුමියගේ ස්වර්ගීය සුවඳ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයම වෙලා ගනී

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු ශ්‍රී ලංකාවේ දී දේව මෑණියන් දර්ශනය වී ඇති එකම සිද්ධස්ථානයයි. මෙම සිද්ධස්ථානයේ දර්ශන දේව මන්දීරය තුල ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිදුණු කන්‍ය මරිය මාතාවෝ 23 වාරයක් දර්ශනය වී තිබෙනවා. මෙම දර්ශන 23 ම සිදුවී ඇත්තේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරිපිටදී යි. එමෙන්ම නිර්මල කන්‍ය මරිය මාතාවෝ ලෝකයට ප්‍රකාශ කිරීමට විවිධ පණිවිඩ රාශියක් ද ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් හට ප්‍රකාශ කර තිබෙනවා.

 

මෙම දර්ශන 23 අතරින්, 1977 ජුලි මස 27 වෙනි දින සිදුවූ එතුමියගේ දසඅටවැනි දර්ශනය අති සුවිශේෂි දර්ශණයක් වුණා. එය අති සුවිශේෂී දර්ශණයක් වූයේ, එදින කන්‍ය මරිය උත්තමාවිය, එතුමියගේ වම් හස්තයේ කුඩා ජේසු බිළිඳුන්ව ද හොවා ගෙන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ පෙනී සිටීමයි. එදින සිදුවූ මේ අති සුවිශේෂී දර්ශනය සංකේතවත් කරමින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශන දේව මන්දීරය තුල ප්‍රධාන පූජාසනයට ඉහළින්, නිර්මල කන්‍ය මරිය මාතාවන් එතුමියගේ වම් හස්තයේ කුඩා ජේසු බිළිඳුන් වඩවා ගෙන වැඩ සිටින, අති මනස්කාන්ත ප්‍රතිමාවක් ස්ථාපිත කර තිබෙනවා. මෙම ප්‍රතිමාව දර්ශණ දේව මන්දීරයේ ප්‍රධානතම ප්‍රතිමාව වන අතර, එහි ප්‍රධාන පූජාසනයේ ඉහළින්ම ස්ථාපිතව තිබෙනවා.

 

2019 ජූලි 27 වෙනි දිනයට, හරියටම වසර 42 කට පෙර සිදුවූ එම අති භාග්‍යවත් සිදුවීම සිහිකරමින්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු හා පාවුළු අපෝස්තුළු උයන තුල සියළු කටයුතු සූදානම් කර තිබුනේ, සිරිත් පරිදි සවස 5 ට හාස්කම් යාච්ඤාව ආරම්භ කිරීම සදහායි.

 

හාස්කම් යාච්ඤාව ආරම්භයේ දී ම සිදුවන්නේ සැදැහැවතුන් විසින් දර්ශණ ඉටිපහන් දැල්වීමයි. නමුත් ඊට පෙර එම ඉටිපහන් දෙව් මවුන් දර්ශණය වූ ස්ථානයේ තබා සැදැහැවතුන් අතට පත් කරනු ලැබීම සිරිතයි. මේ සදහා දර්ශණ දෙව්මැදුර තුලට ඇතුළු විය යුතුයි.

 

2019 ජූලි 27 වෙනි සෙනසුරාදා දිනයේ ද දර්ශණ දෙව්මැදුර තුල ස්ථාපිත නිර්මල කන්‍ය මරිය තුමිය ජේසු බිළිදුන් වඩවා සිටින ප්‍රතිමාව පාමුල, සැදැහැවතුන් භාර දුන් මෙම දර්ශණ ඉටිපහන් තැන්පත් කරනවාත් සමගම, ජේසු බිළිදුන් සමග වූ දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවදක් විහිදී ආ අතර, එම අසිරිමත් සුවද දර්ශණ දෙව්මැදුර පුරාවටත්, මුළු සිද්ධස්ථාන භූමිය සිසාරාත් විහිදී පැතිරෙන්නට වුනා.

 

රැස්ව සිටින බැතිමතුන්ගේ එකම එක ඉල්ලීමක් ලියූ ලිපිය, හාස්කම් යාච්ඤාව අවසානයේ රතු පෙට්ටියට දමා දේව මෑණියන් වෙත භාර දෙනු ලබන අවස්ථාවේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ විශේෂ නියෝගයක් කියවනු ලැබුවා. එයින් සැදැහැවතුන් දැනුවත් කරනු ලැබුවේ, එදින තම ලිපි රතු පෙට්ටිය තුලට දැමීමේ අවස්ථාව දර්ශන දෙව් මැදුර තුල සිදු කිරීමට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා විශේෂ අවසරයක් ලබා දී ඇති බවයි.

 

ඒ විශේෂ අවසරය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් සැදැහැවතුන්ට හිමි වූයේ, 2019 ජුලි මස 27 වෙනි දිනට නිර්මල කන්‍ය මරිය මාතාවෝ ජේසු බිළිදුන් ද සමඟින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වීම සිහිපත් කරන 42 වන වර්ෂ පූර්ණයෙදී, එතුමියගෙන් ගලා එන ආදරයේ සුවද වූ ආකර්ෂණීය පිච්ච මල් සුවද, එදින පැමිණ සිටි සියලුම සැදැහැවතුන්ට ද නොඅඩුව විද ගෙන එතුමියගේ මවු සෙනෙහසට තුරුළු වී, එතුමිය වෙත ලියා ගෙන පැමිනි ඔවුන්ගේ එකම ඉල්ලීම ඔප්පු කිරීමට අවස්ථාව සලසා දීමටයි.

සියලු පුවත්

ඉපැරණි දේව මාතා ප්‍රතිමාවෙන් සැදැහැවතුන්ව ආශිර්වාද කරනු ලැබීම අගෝස්තු 29 සෙනසුරාදා

අභිනව දර්ශණ දෙව්මැඳුරට වසර අටක් සපිරේ

උන්වහන්සේ මගේ හිස මත ශුද්ධවූ කුරුසිය තැබුවා. අයිස් කැට සහිත බෑගයක් හිස මත තැබුවාක් වැනි මහා සීතලක් මුළු ඔලුව පුරාම පැතිරුණා

අපොස්තුළු ධූරය ලබා තම පනස් වෙනි ස්වර්ණ ජුබිලි නත්තල් දිව්‍ය පූජාව පුද කරනු ලැබූ අපේ ම අපොස්තුළුතුමා

ජීවිතයේ පළමු වතාවට මරිය මෑණියන් හමුවීම එක්තරා විදිහක තිගැස්මක් ඇති නොවුනා නොවෙයි

අසිරිමත් උපතක් සමගින් මෙලොවට පහළ වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ මහා අධ්‍යාත්මික ගුරුවරයෙකි

අම්මලා දූලා පරෙස්සම් වෙන්න, දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

මේ ප්‍රතිමාව මට තේරුම් ගන්න අමාරුයි. මරිය තුමී ඇයි මේ පුංචි දැරියක් තුරුළු කරගෙන ඉන්නේ? කවුද මේ දැරිය?

මේ වෙලා තියෙන දේ නම් හරිම පුදුමයි – කටුනායක සිද්ධස්ථානයේ දී මරිය තුමී තරුණයෙකුට දුන්න දේ

පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවඳ අතරින් පවසයි

6 වෙනි වතාවට අද දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් සුවද ආවා, පුළුවන්නම් යන්න පල්ලියට මහ රෑ පිච්ච මල් සුවඳ දිගේ මහ රෑ දර්ශණ දෙව්මැඳුරට ඇතුළු වූ තරුණයාගේ කතාව

ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා සිය ධූරයේ වසර 49 ක් සපුරණු ලබයි

එදත් අදත් ලොවට පහළ වූ අපොස්තුලුවරුන් නම් වූ මහා ආධ්‍යාත්මික ගුරුවරුන් ධර්මය ඉගෙන ගත්තේ මිනිස් ගුරුවරුන්ගෙන් නොව ක්‍රිස්තුස් වහන්සේගෙන්මයි

නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තකයන්ගේ පුදුම හෙළිදරව්ව

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා – එහි අනිටු විපාකයන් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙමාපියන් අමතයි

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.