මිනිසෙකුගේ ආයු කාලය දවස් 27375 ක් බව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට වයස අවුරුදු දහයක් සපිරුණ 1967 පෙබ්‍රවාරි 2 වෙනි දින උන්වහන්සේ කල කදිම වැඩක් පසුගියදා උන්වහන්සේ විසින්ම බැතිමතුන් ඉදිරියේ විස්තර කරනු ලැබුවා.

 

එනම් 1967 පෙබ්‍රවාරි 2 වෙනි දිනය වන විට උන්වහන්සේ මෙම ජීවිත කාලය තුල කොපමණ දින ගණනක් මේ පොළව මත ජීවත්ව සිටියාදැයි ගණන් බැලූ බව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවා. එවිට උන්වහන්සේ ලද පිළිතුර දින 3650 ක් බව පැවසූ අතර, අවුරුද්දකට ඇති දින 365, දහයෙන් වැඩිකර එම උත්තරය ලබාගත් බවත්, එතැන් සිට සෑම අවුරුද්දකම තම උපන් දිනය යෙදෙන දවසේ දී නොවරදවාම මෙම ගණන් බැලීම සිදු කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවා.

 

මෙම 2019 පෙබ්‍රවාරි 2 වෙනි දින සිය 62 වන උපන් දිනය සමරණු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, එදින ද මෙම ගණන් හැදීම සිදු කල බව පැවසූ අතර, එම දිනයේ 365, හැට දෙකෙන් වැඩි කල බවත්, පිළිතුර ලෙස 22630 ලැබුණ බවත් පැවසූ උන්වහන්සේ, මේ වන විට, මෙම ජීවිත කාලයේ මේ පොළව මත දවස් 22630 ක් ජීවත්ව ඇති බව පවසනු ලැබුවා.

 

මෙලෙස තමන්ගේ උපන් දිනය දවසේ මෙවැනි ගණන් බැලීමක් සිදුකල අයෙක් මෙහි සිටීනම් අත ඔසවන්න යයි පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා රැස්ව සිටි බැතිමතුන් අතරින් කිසිවෙක් හෝ අත ඔසවත් දැයි විමසිල්ලෙන් බැළුවත්, කිසිවෙකුත් අත නොඉස්සූ බැවින්, ‛‛සමහර විට මේ ගණන් බැලීම කරන ලෝකයේ එකම පුද්ගලයා මම වෙන්නට ඇති’’ යයි සිනහ මුසු මුහුණින් ප්‍රකාශ කලා.

 

 

තම උපන් දිනය දවසේ මෙවැනි ගණන් බැලීමක් සිදු කිරීම ඔබත් කරන්නට පටන් ගන්න යයි ඉල්ලීමක් කරනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, ඒ සමගම ඔබට බොහෝ දේ සිතා බැලීමට හැකි වන බව ද පැවසූවා.

 

දැන් මිනිසෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 75 ක් බව අන්තර් ජාලයේ සදහන්ව තිබූ බව පවසනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, එසේනම් මිනිසෙක් ජීවත්ව සිටින දින ගණන 27375 ක් බව පැවසූ අතර, උන්වහන්සේ ද අවුරුදු 75 දක්වා ජීවත්ව සිටියහොත්, තවත් ජීවත්වීමට ඇත්තේ දින 4745 ක් බවත් ප්‍රකාශ කරනු ලැබුවා.

 

අන්තර් ජාලයේ කෙලෙස සදහන්ව තිබුනද අවුරුදු 75 ට වඩා අඩු වයසින් මෙලොවින් සමු ගන්නා මිනිසුන් වැඩි බවත්, ඒ අතර අවුරුදු 75 ට වැඩියෙන් ජීවත් වන්නන් ද සිටින බවත් පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මෑතක දී අවුරුදු 104 ක් ජීවත් වූ ලංකාවේ කාන්තාවක් පිළිබදව අන්තර් ජාලයෙන් විස්තර දැනගන්නට ලැබුණ බවත් ප්‍රකාශ කල අතර, එමනිසා ඔබේ ආයු කාලය එලෙස ගණන් බලා කලබල නොවිය යුතු බවත් පැවසනු ලැබුවා.

 

තව දුරටත් රැස්ව සිටි පිරිස ඇමතූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා කාටත් මෙය හොද අභ්‍යාසයක් බවත්, තම තමා කොපමණ කාලයක් මේ ලෝකයේ ජීවත් වුනාද, ඉදිරියට කොපමණ කාලයක් ජීවත් වෙයිද, ජීවත්ව සිටි කාලය තුල තමා දෙවියන්ට ලං වුනාද නැත්නම් දෙවියන්ගෙන් ඈත් වුනාද කියා හෘද සාක්ෂියට එකගව කල්පනා කර බැලීමෙන් බොහෝ දේ සිතට එන බවත්, එමගින් ජීවිතයට ආලෝකයක් ලැබෙන බවත් ප්‍රකාශ කරනු ලැබුවා.

සියලු පුවත්

නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි? – බුද්ධිමත් ක්‍රිස්තියාණි ජනතාව මේ ගැන කල්පනා කල යුතු ම බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමෝ පවසති

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තකයන්ගේ පුදුම හෙළිදරව්ව

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා – එහි අනිටු විපාකයන් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙමාපියන් අමතයි

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

අපොස්තුළුතුමෙක් යනු නිදහස් කෙනෙක් කිසිදු කණ්ඩායමකට, කල්ලියකට හෝ කිසිදු සභාවකට අයිති පුද්ගලයෙක් නොවේ – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දැඩිව ප්‍රකාශ කරයි

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය මුළු ලොවටම සත්‍ය ධර්මය බෙදන දහම් පාසැලක් වේවා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රාර්ථනා කරයි

මරිය තුමිය විසින්ම කල පුදුම හාස්කමක්

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුළින් අසිරිමත් ලෙස පිච්චමල් සුවඳ විහිදෙයි

ජූලි 27 වෙනි දා කටුනායක දර්ශණ දෙව් මැඳුරේ දෙව් මවු පාමුල ලද ඇත්දැකීම්

දෙව් මවුන්ගේ සුවද විඳීමට මගේ ඉන්ද්‍රියන් පින් කර තිබුණා

දෙව් මවු දර්ශනයට හතළිස් දෙවසරක් සපිරෙන දා එතුමියගේ ස්වර්ගීය සුවඳ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයම වෙලා ගනී

මොලය ඔළුවේ තිබේනම් සියළු ක්‍රිස්තියාණින්ට සිතන්නට කාලයයි මේ

‛‛ඇත්තටම මෙය මහා විස්මයක්. මරිය තුමියගේ සුවිශේෂී ප්‍රාතිහාර්‍යයක්’’ – ජූලි 27 වෙනි දින දෙනෝ දහක් ඉදිරියේ සිදු වූ විස්මය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මතය ප්‍රකාශ කරනු ලබයි!

ජූලි 27 වෙනි දින දෙනෝ දහක් ඉදිරියේ සිදු වූ විස්මය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මතය ප්‍රකාශ කරනු ලබයි

මිනිසෙකුගේ ආයු කාලය දවස් 27375 ක් බව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

බොහෝ ක්‍රිස්තියාණින්ගේ ජීවිතය ගෙවෙන්නේ බෙත්ලෙහෙම ත් කල්වාරිය ත් ලගයි, ඒ අතර ඇති දහම ලඟ නොවෙයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන් ප්‍රකාශ කරයි

ඔබ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම නතර කරන මොහොතක් එනවා

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.