බොහෝ ක්‍රිස්තියාණින්ගේ ජීවිතය ගෙවෙන්නේ බෙත්ලෙහෙම ත් කල්වාරිය ත් ලගයි, ඒ අතර ඇති දහම ලඟ නොවෙයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන් ප්‍රකාශ කරයි

‛‛ක්‍රිස්තියානින්ගේ ජීවිතය බලපුවම ප්‍රිය දරුවෙනි, මේ ජීවිත ගෙවෙන්නේ බෙත්ලෙහෙමත්, කල්වාරියත් ලග බවයි මට පෙනෙන්නේ. නත්තලට, ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන දිනය. දැන් අද නත්තල කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනය නෙවේ, ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන දිනය. මේ දිනයට මේ ක්‍රිස්තියාණින් කියන කට්ටිය මොකද කරන්නේ? ඔයගොල්ලෝ දන්නවනේ මොකද කරන්නේ කියලා. නත්තලට ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් ගවලෙන ළඟට යනවා. ඊට පස්සේ තව මාස කිහිපයකින් උන්වහන්සේගේ මරණය සමරමින් කුරුසේ ළඟට යනවා. ගවලෙනයි, කුරුසියයි, ගවලෙනයි, කුරුසියයි, ගවලෙනයි, කුරුසියයි. ඕක තමයි ජීවිතේ. ඕක තමයි ක්‍රිස්තියානිකම. ඕක තමයි කිතුනුකම. ඕක තමයි ක්‍රිස්තු භක්තිකකම.’’

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන් ඉහත සදහන් ප්‍රකාශය කරනු ලැබුවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරයේ දී සිය නත්තල් දිව්‍ය පූජා මෙහෙයේ දේශණය පවත්වමිනුයි.
දර්ශණ දෙව්මැදුර තුලත් සිද්ධස්ථාන භූමියේත් රැස්ව සිටි සැදැහැවතුන් අමතා තව දුරටත් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ප්‍රකාශ කරනු ලැබුවේ, ක්‍රිස්තියාණින් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාවල, පින්තුරවල, ඇති උන්වහන්සේගේ මුහුණට ‛ශ්‍රී මුහුණ’ යනුවෙන් ප්‍රකාශ කරනු ලබන්නේ, ක්‍රිස්තුස් වහන්සේ ලේ පෙරාගෙන, කටු ඔටුන්නක් දරාගෙන, දත් කඩාගෙන වේදනාවෙන් ඉන්න මුහුණ දැක්කොත් එම මුහුණට පමණක් බවත් ය. එසේනම් මේ ජේසු බිළිදාණන්ගේ මුහුණ, ශ්‍රී මුහුණ නොවන්නේ දැයි ප්‍රශ්ණයක් මතුකල අප ශුද්ධෝත්තම අපොස්තලික පියාණන්, කියා සිටියේ ඉපදුන වේලාවේත් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණ ශ්‍රී මුහුණ බවත්, උන්වහන්සේ මියයන විටත් එම මුහුණ ශ්‍රී මුහුණ බවත් ය.

 

 

2018 දෙසැම්බර් 24 වෙනි දින රාත්‍රී 11.45 ට නත්තල් දිව්‍ය පූජා මෙහෙය ආරම්භ වූ අතර, කුඩා අත දරුවන් ද, තරුණයන් ද, මහළු වයසේ පසුවන්නන් ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ගේ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජා මෙහෙයට ඉමහත් බැතියෙන් සහභාගි වන අයුරු දැක ගැනීමට හැකි වූ අතර, ඒ මධ්‍යම රාත්‍රියේ ශුද්ධෝත්තම අපොස්තලික පියාණන්ගේ මුවින් නික්මෙන වදන්වලට සවන් දී සිටියේ දැඩි ශ්‍රද්ධාවකිනි.

 

ක්‍රිස්තුස් වහන්සේගේ දහම ඇත්තේ ගවහලත් කල්වාරියත් අතර බව පවසනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, බොහෝ ක්‍රිස්තියාණින් තම ජීවිතය පුරාවටම ගවහල ලගට දුවගෙන ගොස් ඊලගට කල්වාරිය වෙත දුවගෙන යන බවත්, ඒ අතර ඇති දහම තුල රැදෙන්නේ නැති බවත් ප්‍රකාශ කල සේක. ගවහල ලගට ගොස්, සාන්ත රැයේ නිසසල රැයේ කිය කියා සිට, තවත් දවසක කුරුසිය ලගට ගොස් ‛ජේසුනී අපි ඔබට සැනසීම දෙමු’ යි කිය කියා ජේසුස් ස්වාමින් වහන්සේව රවට්ටන බවත් පවසා, ක්‍රිස්තියාණිකම යනු එයදැයි ප්‍රශ්ණ කල අතර, මේ අයුරින් ගැලවීම ලබන්නේ කෙසේ දැ යි උන්වහන්සේ වැඩිදුරටත් අසා සිටි සේක.

සියලු පුවත්

ඉපැරණි දේව මාතා ප්‍රතිමාවෙන් සැදැහැවතුන්ව ආශිර්වාද කරනු ලැබීම අගෝස්තු 29 සෙනසුරාදා

අභිනව දර්ශණ දෙව්මැඳුරට වසර අටක් සපිරේ

උන්වහන්සේ මගේ හිස මත ශුද්ධවූ කුරුසිය තැබුවා. අයිස් කැට සහිත බෑගයක් හිස මත තැබුවාක් වැනි මහා සීතලක් මුළු ඔලුව පුරාම පැතිරුණා

අපොස්තුළු ධූරය ලබා තම පනස් වෙනි ස්වර්ණ ජුබිලි නත්තල් දිව්‍ය පූජාව පුද කරනු ලැබූ අපේ ම අපොස්තුළුතුමා

ජීවිතයේ පළමු වතාවට මරිය මෑණියන් හමුවීම එක්තරා විදිහක තිගැස්මක් ඇති නොවුනා නොවෙයි

අසිරිමත් උපතක් සමගින් මෙලොවට පහළ වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ මහා අධ්‍යාත්මික ගුරුවරයෙකි

අම්මලා දූලා පරෙස්සම් වෙන්න, දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

මේ ප්‍රතිමාව මට තේරුම් ගන්න අමාරුයි. මරිය තුමී ඇයි මේ පුංචි දැරියක් තුරුළු කරගෙන ඉන්නේ? කවුද මේ දැරිය?

මේ වෙලා තියෙන දේ නම් හරිම පුදුමයි – කටුනායක සිද්ධස්ථානයේ දී මරිය තුමී තරුණයෙකුට දුන්න දේ

පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවඳ අතරින් පවසයි

6 වෙනි වතාවට අද දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් සුවද ආවා, පුළුවන්නම් යන්න පල්ලියට මහ රෑ පිච්ච මල් සුවඳ දිගේ මහ රෑ දර්ශණ දෙව්මැඳුරට ඇතුළු වූ තරුණයාගේ කතාව

ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා සිය ධූරයේ වසර 49 ක් සපුරණු ලබයි

එදත් අදත් ලොවට පහළ වූ අපොස්තුලුවරුන් නම් වූ මහා ආධ්‍යාත්මික ගුරුවරුන් ධර්මය ඉගෙන ගත්තේ මිනිස් ගුරුවරුන්ගෙන් නොව ක්‍රිස්තුස් වහන්සේගෙන්මයි

නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තකයන්ගේ පුදුම හෙළිදරව්ව

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා – එහි අනිටු විපාකයන් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙමාපියන් අමතයි

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.