ඔබ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම නතර කරන මොහොතක් එනවා

දිග හුස්මක් ඉහළට ගන්නා ලෙසත් නැවත එය පහළට දමන ලෙසත් ලෙසත් තුන් වරක් පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා එම ක්‍රියාව කරන්නට සැදැහැවතුන්ට අවස්ථාව සලසා දී එම ක්‍රියාව අප නතර කරනු ලබන මොහොතක් පැමිණෙන බව ප්‍රකාශ කල සේක.

 

මෙලොවින් වියෝ වූ සියල්ලන් සිහිපත් කරමින්, 2018 නොවැම්බර් 17 වෙනි දින සවස මළවුන් සිහිපත් කිරීමේ දිව්‍ය පූජාවේ සිය දේශණය පවත්මින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සැදැහැවතුන් අමතා කියා සිටියේ, එදින අප සිහිපත් කරනු ලැබුවේ එම ක්‍රියාව නතර කරනු ලැබූ අයවළුන් බවයි.

 

එදින පැවති වර්ෂාව ද නොතකා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුලට රැස්ව සිටි සැදැහැවතුන් අමතා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා තව දුරටත් ප්‍රකාශ කරනු ලැබුවේ, නිදාගෙන සිටිය ද, වාහනය පදවනු ලැබුව ද, කෑම ගනිමින් සිටිය ද, වැසිකිලියට ගියද, ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ ක්‍රියාවලිය අප කවුරුත් යම් මොහොතක නතර කරන බවත්, දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන මේ ක්‍රියාව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නතර කරන්නට සියල්ලන්ට සිදුවන බවත්, එය නතර කරනු ලබන මොහොත අපගේ මරණයේ මොහොත බවත්ය.

 

මරණයේ මොහොතට සැනසීමෙන් යුතුව මුහුණ දීම සදහා පින් පවු යනුවෙන් හදුන්වනු ලබන කරුණු දෙක පිළිබදව හොදාකාරවම දැනගෙන ඒ අනුව ජීවිතය සකස් කර ගත යුතු බව දීර්ඝ පැහැදිලි කිරීම් සහිතව පෙන්වා දෙනු ලැබූ අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, ජීවත්ව සිටින බොහෝ දෙනෙක් පින් කියන්නේ මොනවද කියලා දැනගෙන සිටියත්, පවු කියන්නේ මොනවද කියා නිවැරදිව නොදන්නා බව ප්‍රකාශ කල අතර ඒ අය දන්නා පවු ලේඛණයේ ඇත්තේ අමුතුම කතාවක් බවත් ඒ නිසා අවසාන මොහොතේ දී තමන්ට පාර වැරදී ඇති බව දැනගන්නා විට නැවත නිවැරදි වන්නට බැරි ලෙසින් ම ප්‍රමාද වී ඇති බවත් ප්‍රකාශ කල සේක.

සියලු පුවත්

ඉපැරණි දේව මාතා ප්‍රතිමාවෙන් සැදැහැවතුන්ව ආශිර්වාද කරනු ලැබීම අගෝස්තු 29 සෙනසුරාදා

අභිනව දර්ශණ දෙව්මැඳුරට වසර අටක් සපිරේ

උන්වහන්සේ මගේ හිස මත ශුද්ධවූ කුරුසිය තැබුවා. අයිස් කැට සහිත බෑගයක් හිස මත තැබුවාක් වැනි මහා සීතලක් මුළු ඔලුව පුරාම පැතිරුණා

අපොස්තුළු ධූරය ලබා තම පනස් වෙනි ස්වර්ණ ජුබිලි නත්තල් දිව්‍ය පූජාව පුද කරනු ලැබූ අපේ ම අපොස්තුළුතුමා

ජීවිතයේ පළමු වතාවට මරිය මෑණියන් හමුවීම එක්තරා විදිහක තිගැස්මක් ඇති නොවුනා නොවෙයි

අසිරිමත් උපතක් සමගින් මෙලොවට පහළ වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ මහා අධ්‍යාත්මික ගුරුවරයෙකි

අම්මලා දූලා පරෙස්සම් වෙන්න, දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

මේ ප්‍රතිමාව මට තේරුම් ගන්න අමාරුයි. මරිය තුමී ඇයි මේ පුංචි දැරියක් තුරුළු කරගෙන ඉන්නේ? කවුද මේ දැරිය?

මේ වෙලා තියෙන දේ නම් හරිම පුදුමයි – කටුනායක සිද්ධස්ථානයේ දී මරිය තුමී තරුණයෙකුට දුන්න දේ

පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවඳ අතරින් පවසයි

6 වෙනි වතාවට අද දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් සුවද ආවා, පුළුවන්නම් යන්න පල්ලියට මහ රෑ පිච්ච මල් සුවඳ දිගේ මහ රෑ දර්ශණ දෙව්මැඳුරට ඇතුළු වූ තරුණයාගේ කතාව

ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා සිය ධූරයේ වසර 49 ක් සපුරණු ලබයි

එදත් අදත් ලොවට පහළ වූ අපොස්තුලුවරුන් නම් වූ මහා ආධ්‍යාත්මික ගුරුවරුන් ධර්මය ඉගෙන ගත්තේ මිනිස් ගුරුවරුන්ගෙන් නොව ක්‍රිස්තුස් වහන්සේගෙන්මයි

නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තකයන්ගේ පුදුම හෙළිදරව්ව

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා – එහි අනිටු විපාකයන් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙමාපියන් අමතයි

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.