කුරුසිය දෙපස සිටි වරදකරුවන් දෙදෙනාම ජේසුස් ස්වාමින් වහන්සේට අපහාස කළා ද – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රශ්ණයක් මතු කරයි

ජේසුස් ස්වාමින් වහන්සේව කුරුසිය මත මරා දමණු ලැබූ දිනයේ උන්වහන්සේගේ අවසන් පැය කීපය පිළිබඳව ලියා ඇති සුවිශේෂකවරුන් සතර දෙනා, ජේසුස් ස්වාමින්වහන්සේගේ කුරුසිය දෙපස ඇණ ගසා සිටි සොරුන් දෙදෙනා පිළිබඳව ලියා ඇති කරුණු සියළු ක්‍රිස්තියාණින්ගේ අවධානයට යොමු විය යුතු බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවේ පසුගිය අප්‍රියල් 19 වෙනි මහ සිකුරාදා දිනයේයි.
ජේසුස් ස්වාමින්වහන්සේගේ ශ්‍රී මරණය සමරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා එදින සවස 3 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැදුර තුල අප ස්වාමින් වහන්සේගේ ශ්‍රී මරණය සැමරීමේ දේව මෙහෙය සිදු කරනු ලැබුවා.

 

 

දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිත කර තිබූ ශුද්ධවූ කුරුසිය පාමුළ සිට, රැස්ව සිටි සැදැහැවතුන් අමතා දීර්ඝ දේශණයක් පවත්වමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, ජේසුස් ස්වාමින්වහන්සේගේ කුරුසිය දෙපස ඇණ ගසා සිටි සොරුන් දෙදෙනා පිළිබඳව සුවිශේෂකවරුන් සතරදෙනා සඳහන් කර ඇති කරුණු කියවන විට, කවුද හරි, කුමක්ද හරි යන ප්‍රශ්ණ දෙකම මතුවන බව ප්‍රකාශ කරනු ලැබුවේ, ශුද්ධවූ බයිබලයෙන්ම කරුණු පෙන්වා දෙමිනුයි. බයිබලයේ ඒවා සඳහන් ස්ථානයන් ද සඳහන් කරමින් සැදැහැවතුන් ඇමතූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, එදින ගෙදර ගොස් බයිබලය පිටු පෙරලා කියවන ලෙසටද ඉල්ලීමක් කරනු ලැබුවා.

 

‛‛ඔව්හු සොරුන් දෙදෙනෙකු එක්කෙනෙකු දකුණු පසෙහි ද එක්කෙනෙකු වම් පසෙහි ද උන්වහන්සේ සමග කුරුසියෙහි ඇණ ගැසූහ’’ (මාක් 15/27) යනුවෙන් මාක් තුමා සඳහන් කර ඇති අතර, මාක් තුමා ජේසුස් ස්වාමින් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ අපොස්තුළුතුමෙකු නොවෙතත්, ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොව ජීවත්ව සිටිය දී තෝරාගනු ලැබූ ජුවාම් අපොස්තුළුතුමා, ‛‛ඔව්හු උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසූහ: උන්වහන්සේ සමග තවත් දෙදෙනෙකු දෙපසින් ද උන්වහන්සේ මැදිව ද සිටින සේ ඇණ ගැසූ හ’’ (ජුවාම් 19/18) යනුවෙන් පමණක් ලියා ඇති අතර, කුරුසිය පාමුළ සිටි එකම අපොස්තුළුතුමා ද ජුවාම් අපොස්තුළුතුමා බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවා.

 

‛‛සොරු දෙදෙනෙක්, එක්කෙනෙක් දකුණු පසෙහි ද එක්කෙනෙක් වම් පසෙහි ද උන්වහන්සේ හා සමග කුරුසියෙහි ඇණ ගසනු ලැබූහ’’ (මතෙව් 27/38) යනුවෙන් මතෙව් තුමා ලියා ඇති අතර, තව දුරටත් සඳහන් කර ඇත්තේ, ‛‛උන්වහන්සේ සමග කුරුසියෙහි ඇණ ගසනු ලැබූ සොරු ද එසේම උන්වහන්සේට නිනිදා කළහ’’ (මතෙව් 27/44) යනුවෙන් බව පෙන්වා දුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මතෙව් තුමා ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොව ජීවත්ව සිටිය දී තෝරාගනු ලැබූ අපොස්තුළුතුමෙක් බව ද ප්‍රකාශ කරනු ලැබුවා.

 

 

‛‛මරණ දක්‍ෂුවමට වරදකරුවන් වූ තවත් දෙදෙනක් ද උන්වහන්සේ සමග ගෙන යන ලදහ. ඔව්හු කපාලපිටිය නම් ස්ථානයට පැමිණ, එහි දී උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ හ. වරදකරුවන්ගෙන් එක්කෙනෙකු උන්වහන්සේගේ දකුණු පස ද, අනික් එක්කෙනා වම් පස ද කුරුසිවල ඇණ ගැසූහ.’’ (ලූක් 23/32-33) යනුවෙන් සුවිශේෂක ලූකස් තුමා සඳහන් කර ඇති අතර, ඊළඟට මතෙව් තුමා සඳහන් කර ඇති ප්‍රකාශයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් යමක් සඳහන් කරමින්, ‛‛එල්ලා සිටි වරද කරුවන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින්, ‛ඔබ ක්‍රිස්තුස් නොවේද? ඔබ වත් ගළවාගෙන අපවත් ගළවා ගන්නැ’යි කීය. අනෙකා ඔහුට තරවටු කරමින්, ‛එම දක්‍ෂුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේට වත් බිය නැද්ද? අපට දක්‍ෂුවම් ලැබීම සාධාරණය: අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියටය. එහෙත් මේ තැනැත්තා කිසි ම වරදක් කර නැතැ’යි උත්තර දුන්නේය. තවද ඔහු, ‛ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩනා කල මා සිහි කළ මැනව’ යි කීය. උන්වහන්සේ ද කතා කරමින් ‛ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔබ මා සමග අද ම පරාදීසයෙහි සිටින්නෙහි ය’යි වදාළ සේක. (ලූක් 23/39-43) යනුවෙන් ලියා ඇති බව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පෙන්වා දුන්නා.

 

මතෙව් අපොස්තුළුතුමා ලියා ඇති පරිදි දෙපස සිටි සොරුන් දෙදෙනාම ජේසුස් ස්වාමින් වහන්සේට අපහාස කළාද, නැතහොත්, අපොස්තුළුතුමෙක් නොවන ලූකස් තුමා ලියා ඇති පරිදි, ජේසුස් ස්වාමින් වහන්සේට අපහාස කරනු ලැබුවේ දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් ද, යන ගැටළුව අප ඉදිරියේ මතු වන බවත්, ලූකස් තුමා, ජේසුස් ස්වාමින් වහන්සේගේ අපොස්තුළුතුමෙක් නොවුනද, පාවුළු අපොස්තුළු තුමන්ගේ ඉතා කිට්ටුවන්ත මිත්‍රයෙක් බව ද, පාවුළු අපොස්තුළු තුමන්ගේ උපදෙස් අනුව, ලූක් තුමා ලිවූ සුවිශේෂයේ, එක් වරදකරුවෙක් පමණක් ජේසුස් ස්වාමින් වහන්සේට අපහාස කල බව සඳහන් කර ඇති බව ද, මේ ඇත්ත කතාව හෙළිකල ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමා, ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ පළමුවන අපොස්තුළුතුමා බව ද, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පැහැදිළි කරනු ලැබුවා.

 

ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ පළමුවන අපොස්තුළුතුමෙක් නොසිටින්නට සම්පූර්ණයෙන්ම වැරදි කතාවක් සමාජගතවී, සියළු ක්‍රිස්තියාණින් අදටත් සොරුන් දෙදෙනාටම වරද පටවන්නට ඉඩ තිබුන බව ද, ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී අපොස්තුළුතුමෙක් පත්කල නිසා නිවැරදි සිද්ධිය දැන් හෙළි වී ඇති බව ද ඉතාමත් සවිස්තරව පැහැදිලි කරදෙනු ලැබුවේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවතත් මේ ලෝකයට දර්ශණය වී පත්කරනු ලැබූ දෙවන අපොස්තුළුතුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසිනුයි.

සියලු පුවත්

නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි? – බුද්ධිමත් ක්‍රිස්තියාණි ජනතාව මේ ගැන කල්පනා කල යුතු ම බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමෝ පවසති

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තකයන්ගේ පුදුම හෙළිදරව්ව

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා – එහි අනිටු විපාකයන් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙමාපියන් අමතයි

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

අපොස්තුළුතුමෙක් යනු නිදහස් කෙනෙක් කිසිදු කණ්ඩායමකට, කල්ලියකට හෝ කිසිදු සභාවකට අයිති පුද්ගලයෙක් නොවේ – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දැඩිව ප්‍රකාශ කරයි

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය මුළු ලොවටම සත්‍ය ධර්මය බෙදන දහම් පාසැලක් වේවා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රාර්ථනා කරයි

මරිය තුමිය විසින්ම කල පුදුම හාස්කමක්

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුළින් අසිරිමත් ලෙස පිච්චමල් සුවඳ විහිදෙයි

ජූලි 27 වෙනි දා කටුනායක දර්ශණ දෙව් මැඳුරේ දෙව් මවු පාමුල ලද ඇත්දැකීම්

දෙව් මවුන්ගේ සුවද විඳීමට මගේ ඉන්ද්‍රියන් පින් කර තිබුණා

දෙව් මවු දර්ශනයට හතළිස් දෙවසරක් සපිරෙන දා එතුමියගේ ස්වර්ගීය සුවඳ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයම වෙලා ගනී

මොලය ඔළුවේ තිබේනම් සියළු ක්‍රිස්තියාණින්ට සිතන්නට කාලයයි මේ

‛‛ඇත්තටම මෙය මහා විස්මයක්. මරිය තුමියගේ සුවිශේෂී ප්‍රාතිහාර්‍යයක්’’ – ජූලි 27 වෙනි දින දෙනෝ දහක් ඉදිරියේ සිදු වූ විස්මය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මතය ප්‍රකාශ කරනු ලබයි!

ජූලි 27 වෙනි දින දෙනෝ දහක් ඉදිරියේ සිදු වූ විස්මය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මතය ප්‍රකාශ කරනු ලබයි

මිනිසෙකුගේ ආයු කාලය දවස් 27375 ක් බව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

බොහෝ ක්‍රිස්තියාණින්ගේ ජීවිතය ගෙවෙන්නේ බෙත්ලෙහෙම ත් කල්වාරිය ත් ලගයි, ඒ අතර ඇති දහම ලඟ නොවෙයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන් ප්‍රකාශ කරයි

ඔබ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම නතර කරන මොහොතක් එනවා

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.