
මේ ඡායාරූපය දෙස බලන්න. මේ සිටින්නේ මමයි. ජූලි 27 වෙනි සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැදුර තුලයි. පැය ගණනාවක් ඡායාරූප ගත කිරීම් කර, අවසානයේ දර්ශණ දෙව්මැදුරෙන් පිටවන්නට පෙර, අවසාන වරටත්, අසිරිමත් ප්රතිමාව ඉදිරියේ දණ ගැසුවෙමි. පිච්ච මල් සුවද පැතිරෙන ප්රතිමාවට ඇත්තේ ටික දුරකි. මා එතුමිය දෙස බලා සිටිමි. මිහිරි සුගන්ධය මා වෙලා ගනියි. මේ සිද්ධස්ථානයට විරුද්ධව මා බොහෝ දේ කියා ඇත්තෙමි. මේ සිද්ධස්ථානයට නොයන ලෙස පවසා බොහෝ දෙනෙක් මා වලක්වා ඇත්තෙමි. ඒ අනුන් කියන කතා අසා ඒවා විශ්වාස කල නිසාය. අහෝ මා කල අපරාධයක තරම. අද මම සියළු සත්ය අත්දැක දැඩි ලෙස කම්පා වෙමි. (ප්රවීන් ශානක පෙරේරා)
පසුගිය ජූලි 27 වෙනි සෙනසුරාදා (2019 ජූලි 27) වන දිනයට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපෝන්සු අපොස්තුළුතුමන් හට දෙව් මවුන් දසඅට වන වරට දර්ශණය වී වසර සතලිස් දෙකකි.
එදින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ හාස්කම් යාඤාව පැවැත්වෙන සෙනසුරාදා දිනයක් වීම ද සුවිශේෂයි. සවස 4.50ට පමණ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට පැමිණෙනවාත් සමගම අපූරු ආරං්චියක් මාගේ සවණට වැටිණි. එනම් ‛‛දේව මෑණියන්ගේ ප්රතිමාවෙන් සුවද විහිදෙන්න පටන් අරන්’’ ඒ සමගම මගේ සිහියට නැගුනේ එම දවසේ විශේෂත්වයයි. කුමක්ද කියා දැන නොසිටියත් ඒ වන විටත් සිතට කාවදින පිච්ච මල් සුවදක් සිද්ධස්ථාන භූමිය පුරා විහිදෙන බවක් මට දැනී අවසන්ය. එම ආරංචියෙන් පසු සිද්ධස්ථානයේ නිලධරීන් පිරිසට පමණක් දර්ශණ දෙව්මැදුර තුලට ඇතුළු වීමට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ අවසරය ලැබිණි. ඉමහත් ආශාවෙන් මා ඇතුළු අනෙකුත් පිරිස දර්ශණ දෙව්මැදුර තුලට ඇතුලු වූයේ දේව අම්මාගේ ප්රතිමාවෙන් පැතිරෙන සුවද විදීමටය. ඒ මොහොතේ දෙව්මවුන් ජෙසු බිළිදු වම් හස්තයෙන් වඩවාගත් ප්රතිමාවෙන් විහිදුනේ ඇගේ හිරිගඩු පිපෙනා මහා සුගන්ධයකි.
ස්වල්ප වේලාවකින් පසු දෙව්මැදුර තුලින් ඉවත් වීමට අපට සිදු වූයේ, ශුද්ධ වූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ පැවැත්වීමට නියමිත හාස්කම් යාච්ඤාව ආරම්භ වීමට නියමිතව තිබූ නිසාය.
හාස්කම් යාච්ඤාව අවසානයේ තම ඉල්ලීම් ලිපි රතු පෙට්ටිය තුලට දැමීම සදහා සැදැහැවතුන්ට අවස්ථාව ලබා දීම සාමාන්ය සිරිතයි. එය හාස්කම් යාච්ඤාවේ ම කොටසකි. නමුත් එදින තම ඉල්ලීම් ලිපි රතු පෙට්ටිය තුලට දැමීම සදහා අවස්ථාව සලසා දෙනු ලබන්නේ, පිච්ච මල් සුවද පැතිරෙන දෙව් මවුන්ගේ ප්රතිමාව පාමුළ, දර්ශණ දෙව්මැදුර තුල දී බවට නිවේදනයක් ප්රචාරය වූ අතර, දර්ශණ දෙව්මැදුර තුලට නැවතත් ඇතුළු වීමට අවස්ථාව උදාවන තෙක් මා සිටියේ නොඉවසිල්ලෙනි.
ටික වේලාවකින් ඒ අවස්ථාව උදා විය. දර්ශණ දෙව්මැදුරේ ප්රධාන ද්වාරය විවෘත කරන තෙක් එම ස්ථානයේ මා රැදී සිටියෙමි. මුලින්ම අවස්ථාව ලැබුනේ මා ඇතුළු අපොස්තලික මාධ්ය ඒකකයේ කැමරා ශිල්පීන්ටය. ඒ පිච්ච මල් සුවද පැතිරෙන දෙව් මවු ප්රතිමාව ඡායාරූප ගැනීම සහ වීඩියෝ කිරීම අපට පැවරී තිබූ බැවිනි. දර්ශණ දෙව්මැදුරේ ප්රධාන ද්වාරය විවෘත වනවාත් සමගම නාසය හරහා මුළු ශරීරය පුරාම විදුලි වේගයෙන් ගමන් කරනා නැවුම් පිච්ච මල් සුගන්ධයක් මට දැණුනි. ඇතුළු වූ මොහොතේ මට දැණුනේ දේව අම්මා ලග මා ස්වර්ගයේ සිටිනා ලෙසය. ඡායාරූප ගැනීම පසෙකලා, ජේසු බිලිදු වඩවාගත් මරිය මෑණියන්ගේ සුවද විහිදෙන ප්රතිමාව ඉදිරිපිට මා දණගසා යාඤා කලේ මා වැනි පවුකාරයෙකුට එතුමියගේ සුවද විදින්නට අවස්ථාව ලබාදුන්නාට තුති පිදීමටය. ඉන්පසු මා දෙව් මවු ප්රතිමාවේ ඡායාරූප රැසක් කැමරාවට හසුකර ගතිමි. ඒ අවස්ථාවේ මා දෑසින් දුටු දේ සහ කැමරාවේ සටහන් වූ ප්රාතිහාර්යාත්මක සිදුවීම් පිලිබදව වෙනත් ලිපියකින් ඔබ හා බෙදා ගැනීමට බලාපොරොත්තු වෙමි. ඡායාරූප ගැනීමේ කටයුතු සදහා සෑහෙන වේලාවක් මම දර්ශණ දෙව්මැදුර තුල රැදී සිටියෙමි. දර්ශණ දෙව්මැදුරේ ප්රධාන ප්රතිමාව වන, ජේසු බිළිදු වඩවා ගත් දෙව් මවු ප්රතිමාවෙන් හමනා පිච්ච මල් සුවදේ කිසිදු අඩුවක් නොවීය.
සියළු කටයුතු අවසන් වී, මගේ කාර්යයන් ද අවසන් වී අකමැත්තෙන් වූව ද දර්ශණ දෙව්මැදුරෙන් එලියට විත් මා නැවතත් ශුද්ධ වූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට ඇතුළු වූ පසුවත් මට ඒ සුවද දැණුනි. රාත්රී 10.30 පමණ වන තුරු සිද්ධස්ථානයේ මා රැදී සිටි අතර, ඒ වන විටත්, දර්ශණ දෙව්මැදුර තුලින් ඒ අසිරිමත් පිච්ච මල් සුගන්ධය නිකුත් වෙමින් තිබුණි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිට මීටර් 100 ක් පමණ දුරයන තෙක්ම මට ඒ සුගන්ධය දැණුනි.
මෙය මහත් පුදුමයකි. දෙව්මවුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපෝන්සු අපොස්තුළුතුමන්ට දසඅට වන වරට දර්ශණය වී වසර 42ක් සපිරෙන දිනයේ මෙවැනි හාස්කමක් සිදුවීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පුදුමයකි, හාස්කමකි. මා සිතන්නේ එය දේව අම්මා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ජීවමාණ බව පෙන්වීමට දුන් සලකුණකි. දේව අම්මා කදුළු සලන ස්ථාන මා අසා තිබුණත්, සිදුවීම වූ පසු මා දැක තිබුණත්, එතුමියගේ ප්රතිමාවේ සිනහව මගේම දෑසින් සජීවීවම මා දුටුවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පමණි. එයට හේතුව ලෙසින් මා සිතන්නේ, එතුමිය 23 වරක් දර්ශණය වූ එතුමියගේ පුතුණුවන් දර්ශණය වී තෝරාපත් කරණු ලැබූ අපොස්තුළුතුමන්ගෙන් සත්ය ක්රිස්තු ධර්මය අසන්නට පැමිණෙන සැදැහැවතුන් දැක එතුමිය සතුටු වනවා වෙන්නට ඇති. මගේ ඉන්ද්රීයයන් මට විශ්වාසය. මගේ දෑස් මට විශ්වාසය. මට දැණුන දේ, මා දෑසින් දුටු දේ කිසිවෙකුටවත් බොරු යයි කිව නොහැක.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපෝන්සු අපොස්තුළුතුමන්ගේ අපොස්තලික මුදුවෙන් වසර 44ක් මුළුල්ලේම එකම ලෙසින් හමන පිච්ච මල් සුගන්දයද එයම විය. එම සුවද ගැන බොරු කට කතාවක් හඩ පටයකින් නිකුත් වී තිබෙන බවක් පවා මෙම සිද්ධස්ථානට මා පැමිණෙන්නටත් කලින් අසා තිබුණෙමි. එය විශ්වාස කල මා හට අද දැනෙන්නේ මා ගැනම කලකිරීමකි. මා ගැනම වෛරයකි. මන්ද, අද එම සුවද මගේම ඉන්ද්රියයන් තුලින් මට දැණුනි. එම පාපය කරගත් කවුරුන් හෝ එම පුද්ගලයා මුහුණ නොපෙන්නා හඩ පටයක් මගින් පමණක් ප්රකාශයක් කර මුදා හැරියේ ඇයි දැයි මා හට දැන් වැටහේ. මන්ද, කුමක් ඉදිරියේ බොරුව ඉදිරියට පැමිණියත් සත්යට මුහුණ දිය නොහැක. කවුරුන් වූවත් ඔහු සිදුකරගත්තේ දෙවියන්ගෙන් සමාවක් කිසිදා ලබන්නට නොහැකි පාපයකි. එලොවදී ක්රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියේදීත් එම පව ගැන හඩපටයක් නිකුත්කොට දැනුම් දිය නොහැක. එය උන්වහන්සේ ඉදිරියේම ප්රකාශ කිරීමට නියමව ඇත.
ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ අපොස්තලික මුදුවෙන් සහ දෙව් මවු ප්රතිමාවෙන් හමන සුගන්ධය පිලිබද මා බොහෝ කටකතා අසා තිබෙනවා. එම කට කතා සත්යක් නම්, මුලින් එම කටකතා විශ්වාස කල මා කුමක් හෝ පිනකට මා විසින්ම සත්ය සොයන්නට පෙලඹුනෙමි. එය විලවුන් වර්ගයකින් හමන සුගන්ධයක් නම් මුළු දර්ශණ දෙව්මැදුර පුරාම, සිද්ධස්ථාන භූමිය පුරාම ඒ සුවද විහිදෙන්නේ කෙසේද? මා ගමන් ගත් මාර්ගයේ මීටර් 100ක් දුරටම ඒ මිහිරි පිච්ච මල් සුගන්ධය පැතිරුනේ කෙසේද?
දැන් මේ වන විට, මා මෙම සිද්ධස්ථානයේ නිලධාරී පිරිසගෙන් අයෙක් නිසා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සෑම අස්සක් මුල්ලක්ම මා දැන සිටිමි. කිසිම විලවුන් වර්ගයකින් මෙතරම් සුවදක් මෙතරම් කාලයක්, මේ තරම් දුරක් විහිදිය නොහැකියි. එසේම මා මගේ නිවසේ තබා ඇති ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ පින්තූරයෙන් විටින් විට පිච්ච මල් සුවද හමන්නේ කෙසේද? උන්වහන්සේ ආශිර්වාද කර ලබාදෙන පූජා භාණ්ඩ වලින් එම සුවද විටින් විට නිවස් වලදී පවා හමන්නේ කෙසේද? ශ්රී ලංකාවේ පමණක් නොව පිටරටවල් වල පවා ඇති උන්වහන්සේ ආශිර්වාද කර ඇති පින්තූර වලින් සහ පූජා භාණ්ඩ වලින් ඒ අසිරිමත් සුවද හමන්නේ කෙසේද? ඒ පිලිබද මා ද ඇතුළුව එම අත්දැකීම් ලබාගත් අනෙකුත් බැතිමතුන් සාක්ෂි දරන්නෝය.
මේ ප්රශ්ණ පිලිබද හොදින් කල්පනා කර බලන්න. දෙයක් දුටු පමණින් හෝ ඇසූ පමණින් විශ්වාස නොකරන්නැයි ක්රිස්තුස්වහන්සේත් බුදුන්වහන්සේත් පවසා තිබෙනවා. මේ ප්රශ්ණ වලට තමන් විසින්ම පිලිතුරු සොයන්න. බොරු කටකතා විශ්වාස කරත්, අවසානයේ සත්ය සොයාගත්තේ මා විසින්මය. එදා මෙන්ම අදත් ලෝකයේ සත්යට ඉඩක් නැත. රහසින් පවා පවක් නොකල බුදුන්වහන්සේටත් අගෞරව කෙරූ මිනිසුන් සිටියෝය. බුදුන් වහන්සේට කෙල ගැසූ මිනිසුන් සිටියෝය. ක්රිස්තුස්වහන්සේට අපහාස කොට, මුහුණට කෙළ ගසා, උන්වහන්සේව කුරුසයේ ඇණ ගසා මරාදමන තත්වයටම පත්කිරීමට තරම් කුරිරු මනුෂ්යයන් සිටි බව මගේ මතකයට එයි. වර්තමානයේ නැවතත් මොවුන් ඉපදී ඇත. දෙවියන්ට අගෞරව කරන්නේ ද ඔව්න්මය, ඒ කාලකණ්නින්මය. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට නොයන ලෙස මාව මුළා කලේ ද ඒ කාලකණ්නින්මය. මා රැවටුනේ ඒ අධම දුෂ්ඨ කාලකණ්නින්ටය.

පසුගිය ජූලි 27 දින කටුනායක අප ස්වාමිදූගේ දර්ශණ දෙව් මැඳුර තුල දෙනෝදහක් ජනතාව ඉදිරියේ මෙම දෙව් මවු ප්රතිමාවෙන් පිච්ච මල් සුවඳ පැතිරුන අතර එම අවස්ථාවේ දී ප්රවීන් ශානක පෙරේරා විසින් ගනු ලැබූ ඡායාරූපයකි මේ
mediamin September 7th, 2019
Posted In:
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු ශ්රී ලංකාවේ දී දේව මෑණියන් දර්ශනය වී ඇති එකම සිද්ධස්ථානයයි. මෙම සිද්ධස්ථානයේ දර්ශන දේව මන්දීරය තුල ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිදුණු කන්ය මරිය මාතාවෝ 23 වාරයක් දර්ශනය වී තිබෙනවා. මෙම දර්ශන 23 ම සිදුවී ඇත්තේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරිපිටදී යි. එමෙන්ම නිර්මල කන්ය මරිය මාතාවෝ ලෝකයට ප්රකාශ කිරීමට විවිධ පණිවිඩ රාශියක් ද ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් හට ප්රකාශ කර තිබෙනවා.
මෙම දර්ශන 23 අතරින්, 1977 ජුලි මස 27 වෙනි දින සිදුවූ එතුමියගේ දසඅටවැනි දර්ශනය අති සුවිශේෂි දර්ශණයක් වුණා. එය අති සුවිශේෂී දර්ශණයක් වූයේ, එදින කන්ය මරිය උත්තමාවිය, එතුමියගේ වම් හස්තයේ කුඩා ජේසු බිළිඳුන්ව ද හොවා ගෙන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ පෙනී සිටීමයි. එදින සිදුවූ මේ අති සුවිශේෂී දර්ශනය සංකේතවත් කරමින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශන දේව මන්දීරය තුල ප්රධාන පූජාසනයට ඉහළින්, නිර්මල කන්ය මරිය මාතාවන් එතුමියගේ වම් හස්තයේ කුඩා ජේසු බිළිඳුන් වඩවා ගෙන වැඩ සිටින, අති මනස්කාන්ත ප්රතිමාවක් ස්ථාපිත කර තිබෙනවා. මෙම ප්රතිමාව දර්ශණ දේව මන්දීරයේ ප්රධානතම ප්රතිමාව වන අතර, එහි ප්රධාන පූජාසනයේ ඉහළින්ම ස්ථාපිතව තිබෙනවා.
2019 ජූලි 27 වෙනි දිනයට, හරියටම වසර 42 කට පෙර සිදුවූ එම අති භාග්යවත් සිදුවීම සිහිකරමින්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු හා පාවුළු අපෝස්තුළු උයන තුල සියළු කටයුතු සූදානම් කර තිබුනේ, සිරිත් පරිදි සවස 5 ට හාස්කම් යාච්ඤාව ආරම්භ කිරීම සදහායි.
හාස්කම් යාච්ඤාව ආරම්භයේ දී ම සිදුවන්නේ සැදැහැවතුන් විසින් දර්ශණ ඉටිපහන් දැල්වීමයි. නමුත් ඊට පෙර එම ඉටිපහන් දෙව් මවුන් දර්ශණය වූ ස්ථානයේ තබා සැදැහැවතුන් අතට පත් කරනු ලැබීම සිරිතයි. මේ සදහා දර්ශණ දෙව්මැදුර තුලට ඇතුළු විය යුතුයි.
2019 ජූලි 27 වෙනි සෙනසුරාදා දිනයේ ද දර්ශණ දෙව්මැදුර තුල ස්ථාපිත නිර්මල කන්ය මරිය තුමිය ජේසු බිළිදුන් වඩවා සිටින ප්රතිමාව පාමුල, සැදැහැවතුන් භාර දුන් මෙම දර්ශණ ඉටිපහන් තැන්පත් කරනවාත් සමගම, ජේසු බිළිදුන් සමග වූ දෙව් මවු ප්රතිමාවෙන් පිච්ච මල් සුවදක් විහිදී ආ අතර, එම අසිරිමත් සුවද දර්ශණ දෙව්මැදුර පුරාවටත්, මුළු සිද්ධස්ථාන භූමිය සිසාරාත් විහිදී පැතිරෙන්නට වුනා.
රැස්ව සිටින බැතිමතුන්ගේ එකම එක ඉල්ලීමක් ලියූ ලිපිය, හාස්කම් යාච්ඤාව අවසානයේ රතු පෙට්ටියට දමා දේව මෑණියන් වෙත භාර දෙනු ලබන අවස්ථාවේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ විශේෂ නියෝගයක් කියවනු ලැබුවා. එයින් සැදැහැවතුන් දැනුවත් කරනු ලැබුවේ, එදින තම ලිපි රතු පෙට්ටිය තුලට දැමීමේ අවස්ථාව දර්ශන දෙව් මැදුර තුල සිදු කිරීමට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා විශේෂ අවසරයක් ලබා දී ඇති බවයි.
ඒ විශේෂ අවසරය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් සැදැහැවතුන්ට හිමි වූයේ, 2019 ජුලි මස 27 වෙනි දිනට නිර්මල කන්ය මරිය මාතාවෝ ජේසු බිළිදුන් ද සමඟින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වීම සිහිපත් කරන 42 වන වර්ෂ පූර්ණයෙදී, එතුමියගෙන් ගලා එන ආදරයේ සුවද වූ ආකර්ෂණීය පිච්ච මල් සුවද, එදින පැමිණ සිටි සියලුම සැදැහැවතුන්ට ද නොඅඩුව විද ගෙන එතුමියගේ මවු සෙනෙහසට තුරුළු වී, එතුමිය වෙත ලියා ගෙන පැමිනි ඔවුන්ගේ එකම ඉල්ලීම ඔප්පු කිරීමට අවස්ථාව සලසා දීමටයි.
mediamin September 6th, 2019
Posted In:
දිනක් මගේ මිතුරෙක් මාත් සමග කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිළිබඳව කතාවකට එක් වුනා. ඔහු මගේ හොඳම ලඟම මිතුරෙක් වන අතරම ඔහු රෝමාණු කතෝලිකයෙක්. ඒ කතාවට මූලිකම හේතුව වුනේ, අගෝස්තු මාසයේ එක්තරා පල්ලියකට වන්දනා චාරිකාවකට ඔහුත් සමග එක්වන ලෙස කරනු ලැබූ ඉල්ලීම මා විසින් එක හෙළාම ප්රතික්ෂේප කිරීමයි. එම ආරාධනය ප්රතික්ෂේප කිරීමට හේතුව වුනේ, මමත් මගේ බිරිදත් දරුවන් දෙදෙනාත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය හැරුනුකොට වෙනත් කිසිදු සිද්ධස්ථානයකට පල්ලියකට නොයන බවට අපගේම නිදහස් කැමැත්තෙන් තීරණය කරගෙන සිටීමයි.
මාගේ මිතුරා ඇසූ පළමු ප්රශ්නය වුනේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ තිබෙන වැදගත් කම එහෙමත් නැත්නම් සුවිශේෂත්වය කුමක්ද යන්නයි.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ඇති විශේෂත්වය සුවිශේෂත්ය කුමක්ද කියා පැයකින් දෙකකින් හෝ මෙවැනි කෙටි සටහනකින් හෝ විස්තර කිරීම දුෂ්කර වූවත් මම මගේ මිතුරාට යම් පැහැදිලි කිරීමක් කලෙමි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය කියන්නෙ, ජේසුස් ක්රිස්තුස් වහන්සේ, ස්වර්ගාරෝහණයෙන් පසුව, දෙවන වරටත් දර්ශනය වෙලා අපොස්තුළුතුමෙක් පත්කරනු ලැබූ සිද්ධස්ථානයයි. ඒ ජේසු තුමන්ගේ දස සතරවෙනි අපොස්තුළු තුමා. එම අපොස්තුළුතුමා තමත් ජීවතුන් අතරයි, අප අතරයි. එම අපොස්තුළුතුමා අදටත් ජීවත්ව සිටින්නේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේයි. ඒ බව සවිස්තරව මම මිතුරාට පැහැදිලි කර දුන්නා. ඒ වගේම මරිය තුමිය 23 වතාවක්, ඒ අපෝස්තුළුතුමාට දර්ශනය වෙච්ච ස්ථානයත්, කටුනායක අප ස්වාමිදුවගේ සිද්ධස්ථානය බව මා මගේ මිතුරාව දැනුවත් කලා. ඉතින් මේ සියල්ලක් විශ්වාස කරන මට, මේ පොළව මත කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයටත් වඩා, යාමට සුදුසු තවත් ස්ථානයක් නැති බව මගේ ම හිත කියත් දී, මගේ හෘද සාක්ෂියට එකඟව, මගේ හිතේ ඇඳී ඇති පූජනීයම සිද්ධස්ථානය, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය බව මිතුරාට පැවසුවා. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සම්බන්ධව ඇති එකම සුවිශේෂී කරුණු දෙක මෙය නොවන බවත්, තවත් කියන්ට හැකි සුවිශේෂී කරණු රැසක්ම තිබෙන බවත් මම පැවසුවා.
ඉන්පසු ඔහුගේ ප්රශ්නය වුනේ අපෝස්තුළුවරයෙක් කියන්නේ කවුද යන්නයි. රෝමාණු කතෝලිකයෙක් වන ඔහු ‛‛අපොස්තුළුවරු’’ යන වචනය අසා ඇතත්, ‛‛අපොස්තුළුවරයෙක්’’ කියන්නේ කාටදැයි හරිටම නොදන්නා බව පැවසූ විට මම පුදුම වුනා. මේ ප්රශ්නය මගේ මිතුරා අද මගෙන් ඇසුවා. නමුත් මේ ගැන නොදන්න පිරිස අති විශාලයි. ඒ නිසා පුදුම වෙන්න දේකුත් නැහැ. ඇත්තටම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව සමු නොවූවා නම් මම ද ඒ තත්වයේමයි.
අපෝස්තුළුවරය කියන්නෙ නිකන්ම නිකන් පදවියක් නෙමෙයි. අපොස්තුළුවරය කියන්නෙ දිව්යමය පත්වීමක්. ඒ පත්වීම ප්රධානය කරන්නට පුළුවන් වන්නේ එකම එක එක්කෙනෙකුට විතරයි. ඒ එකම එක්කෙනා ජේසුස් ක්රිස්තුස් වහන්සේ පමණයි. ජේසුස් ක්රිස්තුස් වහන්සේ ජීවත්ව සිටි කාලයේ අපෝස්තුළුවරුන් 12 දෙනෙකු පත් කලා. උන්වහන්සේගේ මරණයෙන් පසු, උන්වහන්සේගේ ස්වර්ගාරෝහනයෙන් පස්සේ දර්ශනය වෙලා, උන්වහන්සේගේ 13 වන අපෝස්තුළුතුමා වූ ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළු තුමන්ව සිරියාවේ දමස්කස් නුවරදී පත්කරනු ලැබුවා. එලෙසින්ම 1975 පෙබරවාරි 07 වනදා ශ්රී ලංකාවේ කටුනායක දී දර්ශනය වෙලා උන්වහන්සේගේ අපෝස්තුළුවර කණ්ඩායමේ 14 වන අපෝස්තුළුතුමා හැටියට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපෝස්තුළුතුමාව පත්කරනු ලැබුවා. එය කරන්නට පුළුවන් එකම කෙනා වන ජේසුස් ක්රිස්තුස් වහන්සේ නැවත දෙවන වරටත් මේ ලෝකයට දර්ශණය වුනා. හේතුව අපොස්තුළුවරය දානය කිරීමට බලය ඇත්තේ, අපොස්තුළුවරයට යමෙකුව තෝරා ගන්නේ ජේසුස් ක්රිස්තුස් වහන්සේ විසින්ම පමණයි.
මේ දේවල් ඇසුවාම මගේ මිතුරාත් හරිම පුදුම වුනා. මේ වෙනකම් ඔහු අපෝස්තුළුතුමෙක් කියන්නෙ කවුද කියලා දැනගෙන හිටියෙ නැහැ. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ට යනකම් මමත් ඒ බව දැනගෙන නොසිටි බව මම පැහැදිලි කර දුන්නා. ඔහු සමග කතාකරමින් සිටින විට මට තේරුම් ගිය මූලිකම කාරණාව තමයි විවිධ කිතුනු සභාවල පූජකයන්, ඔවුන්ගේ අනුගාමිකයන්, කටුනායක අප ස්වාමිදුවගේ සිද්ධස්ථානය ගැනත්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපෝස්තුළුතුමා ගැනත්, මොන තරම් බොරු කියා, මේ වන විටත් ජනතාව මුලා කර තිබෙනවාද, තව දුරටත් මුලා කරමින් සිටිනවාද යන වගයි.
මැරුණ ගමන් ස්වර්ගය සහ අපාය යන ස්ථාන දෙකෙන් එකක් වෙත අප යන බව, කුඩා කල සිට දැන සිටියේ, ස්වර්ගයවත් අපායවත් ඇසින් දැක නොමැති, තවත් අයෙකුගේ කීමක් විශ්වාස කරනු ලැබූ පුද්ගලයන්, එවැන්නක් අපට ඉගැන්වූ නිසයි. ඒ විතරක් නෙමෙයි, ප්රසාදස්නාපනය නොලැබ මිය යන කුඩා දරුවන් පාතාල ලෝකයකට යන බවක් ද ඔවුන් අපට ඉගැන්වූවා. එසේනම් අප රටේ බෞද්ධයන් ද මරණයෙන් පසු පාතාල ලෝකයට යනවාද, එසේ වන්නේ නම් පාතාල ලෝකයට යන බෞද්ධයන් ඇසුරු කිරීම වරදක් ද කියා, මෙවැනි බොරු බේගල් අපට ඉගැන්වූ රෝමාණු කතෝලික පූජක, ගුරුවරු සොයා යන්නට මට සිතෙනවා.
කරුණු කාරණා එසේ වූවත්, මරණයෙන් පසු ජීවිතයක් ඇති බව, නැවත ඉපදීමක් ඇති බව, සිතන්නටත්, එය ආගම් අනුව වෙනස් නොවන බව කල්පනා කරන්නටත්, ඒ නිසාම වැටී සිටි ලිඳේ, මේ ලිං කටෙන් ගොඩ ඒමටත්, මම ආරම්භ කලේ කටුනායක අප ස්වාමිදුවගේ සිද්ධස්ථානය වෙත ගොස් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපෝස්තුළුතුමන්ගෙන් ධර්මය ඇසීමට පටන් ගත්තාට පසුවයි. මේ සියල්ලක් මම වැඩිදුරටත් මගේ අතිජාත මිත්රයාට පැහැදිලි කර දුන්නා.
මේ කතාබහ අවසානයේ ඔහු මගෙන් ඇසුවා මේ ස්ථානයට ගිහින් මට මොනවද ලැබුණෙ කියලා.
කියන්න සන්තෝශයි මට නැවත ඉපදීමක් නොලබා ස්වර්ග රාජ්යය ලබා ගන්නට ජීවත් විය යුතු ආකාරය මට දැන ගන්නට ලැබුණා. ඒකට හොඳම ගුරුවරයා මට හඳුනාගන්නට ලැබුණා. මම අළුතෙන් හිතන්නට පුරුදු වුනා. මම අළුත්ම මිනිහෙක් වෙන්නට පටන් ගත්තා. මම ඔහුට පැහැදිළි කලා.
ඒ විතරක් නෙමෙයි මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පමණක් මම යන නිසා මට නොලැබෙන එකම දෙයත් මම ඔහුට පැහැදිලි කර දුන්නා.
ඒ වෙන මොනවත් ම නෙමෙයි, මැරුණම වැලලෙන්න රෝමාණු කතෝලික පල්ලියෙ මිනි පිට්ටනිය විතරක් මට නැතුව ගිය බවත්, මිනී පිට්ටනිය වෙනුවෙන් බොරු ඉගැන්වීම් පසුපස ගිහින් ජීවිත ගමනේ අතරමං වනවාට වඩා. මහ පොළොවේ කොහේ හෝ වැලලිලා නැවත උපතක් නොලබා ස්වර්ග රාජ්යයේ හොද ස්ථානයකට යන එක වඩා හොද බව මම ඔහුට කියා දුන්නා. රෝමාණු කතෝලික පල්ලියේ පවුල් පොතක් මට දැන් නැතත්, පිං පවු පොතක් තිබෙන බවත්, මගේ ජීවිතය අවසානයේ මට වටින්නේ එය බවත්, මම මිතුරාට පැහැදිලි කර දුන්නා.
මෙතෙක් වෙලා මගෙන් ප්රශ්න අසමින් සිටි මගෙ අතිජාත මිත්රයාට අවසාන ප්රශ්නය මා විසින් යොමු කලා. එය ප්රශ්නයකට වඩා ඔහුට කටුනායක සිද්ධස්ථානය ගැන මීටත් වඩා අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව ක් සලසා දෙන්නයි මට වුවමනා වුනේ. මම ඔහුගෙන් ඇහුවා ඇයි කටුනායක අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයට ඇවිත් බලන්නෙ නැත්තේ කියලා.
ඔහු මා දෙස ටිකක් බලං ඉඳලා සිනාසෙමින් කිව්වා, අපේ ගෙදර මිනිස්සුන්ට යි මටයි රෝමාණු කතෝලික පල්ලියෙ පිට්ටනිය නැතිකරන්න ද හදන්නෙ කියලා. ඔය පල්ලියට යනවා කියලා අපේ පල්ලියෙ ෆාදර් දැන් ගත්තොත් අපේ පවුල් පොතත් ඉරලා දායි කියලා කිවුවා. නිතරම දිව්ය පූජාවන් වල දේශනාවෙදිත් මේ කටුනායක පල්ලියට යන්න එපා කියලා දැනුවත් කරන බවත් ඔහු කිවුවා.
අන්තවාදී යයි කියන්නේ මෙය නොවේදැයි මම සිතුවා. ආගමීක නිදහස, මානව හිමිකම් යනු කුමක් ද කියා මම සිතුවා. මමත් මගේ බිරිදත් දරුවන් දෙදෙනාත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය හැරුනුකොට වෙනත් කිසිදු සිද්ධස්ථානයකට, පල්ලියකට නොයන බවට අපගේම නිදහස් කැමැත්තෙන් තීරණය කරගෙන සිටියත්, අපේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා කියන්නේ, ඔයගොල්ලෝ කැමති ඕනෑම පල්ලියකට යන්න. පෝය දවසට රූපවාහිනියෙන් බෞද්ධ හාමුරුවරුන්ගේ ධර්ම දේශනා අහන්න. හැකිනම් පන්සලකට ගොස් ධර්ම දේශණයකට සවන් දෙන්න. සෑම දෙයක් ම දැනගන්න. ලිඳේ ඉන්න මැඩියන් බවට පත් නොවී, කිසිවෙකුගේ වහලෙක් නොවී, අළුතෙන්ම සිතන්නට පටන් ගන්න කියලයි. නිවැරදි යයි ඔබට සිතෙන දේ අල්ලා ගන්න කියලයි. ඒ අනුව මෙවර වෙසක් පෝය දිනයේ අපි පන්සලකට ගොස් ධර්ම දේශණයකට සවන් දුන්නා. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙවර වෙසක් පණිවිඩයෙන් ඉල්ලීමක් කර තිබුනේ ද, වෙසක් දිනයේ ආගම් භේදයෙන් තොරව සියළු දෙනා පන්සලකට ගොස් අඩු තරමින් ධර්ම දේශණයකටවත් සවන් දෙන්න කියලයි. ඒ අනුව උන්වහන්සේ කොතරම් පුළුල් දැක්මකින් අනුශාසනා කරනවාද, මගේ පල්ලියට හැර වෙනත් කිසිම පල්ලිකට යාම තහනම් කියලා උන්වහන්සේ කියන්නේ නැහැ.
කෙසේ වෙතත් අද කිතුනු සභාවල තත්වය පැහැදිලියි නේද? මිනිසුන් මුලා කරමින්, රවටමින්, මිනිසුන් භය කරමින්, මිනිසුන්ට තර්ජනය කරමින්, ආගමීක නිදහස, මානව හිමිකම් ගැන දොඩවන වචන රාශියේ පැහැදිළි අර්ථය මොකක්ද? ඔවුන් මේ සැරසෙන්නේ කුමකටද?
ජේසුස් ක්රිස්තුස් වහන්සේ තවමත් මේ ලෝකය දෙස බලා සිටින බව අප කොයි කවුරුත් අමතක නොකල යුතුයි. ස්වර්ගය ට යන මාර්ගය පල්ලියෙ මිනි පිට්ටනිය නොවන බව අප සියළු දෙනා තේරුම් ගත යුතුයි. නමුත් ඒ සඳහා මොලයක් තිබිය යුතුවාක් මෙන්ම, ඒ මොළය ඔළුවේ ම තිබිය යුතුයි. ඒ නිසා පල්ලියෙ මිනි පිට්ටනිය යනු ස්වර්ගයට යන මාර්ගය නොවන බව නුවනින් සිතන්නට සියලු ක්රිස්තියානින් ට ඉඩ ප්රස්තාව ලැබේවා යන්න මාගේ එකම ප්රාර්ථනයයි.
සුරේන් චතුරංග ප්රනාන්දු
සීදූව
mediamin September 6th, 2019
Posted In:
නිර්මල කන්ය මරිය මාතාවන් විසිතුන් වතාවක් දර්ශණය වී ඇති ශ්රී ලංකාවේ එකම සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පසුගිය ජූලි 27 වෙනි සෙනසුරාදා දිනයේ සිදුවූයේ ඉතාමත්ම පුදුම සිදුවීමක්, එනම් සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල ස්ථාපිත නිර්මල කන්ය මරිය මාතාවන් ජේසු බිළිඳාණන් සිය වම් හස්තයේ දරාගෙන සිටින ප්රතිමාවෙන් පැය ගණනාවක් ම නොකඩවා පිචිච මල් සුගන්ධය පැතිරීමයි.
මේ පිළිබදව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පසු දින වූ ජූලි 28 වෙනි ඉරුදින සවස බැතිමතුන් පිරිසක් අමතමින් මෙලෙස විශේෂ ප්රකාශයක් කරනු ලැබුවා.
‛‛ඊයේ (ජූලි 27 වෙනි දා) සවස අප සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල සිදුවූ අසිරිමත් සිදුවීම පිළිබදව ප්රථමයෙන් මම නිර්මල කන්ය මරිය මාතාවන්ට ස්තූති වන්ත වෙනවා. දර්ශණ දෙව්මැදුර තුල ප්රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත කර ඇති, ජේසු බිළිදුන් සිය වම් හස්තයේ රඳවා ගෙන වැඩ සිටින අප නිර්මල කන්ය මරිය තුමියගේ ප්රතිමාව, දර්ශණ දෙව් මැදුරේ ස්ථාපිත ප්රධාන ප්රතිමාවයි. එම ප්රතිමාවෙන් ඔයගොල්ලෝ සියළු දෙනාටම සිහි ගන්වන්නේ නිර්මල කන්ය මරිය තුමිය දසඅට වන වරට මා ඉදිරියේ දර්ශණය වූ විලාශයයි. එම දර්ශණය සිදුවුනේ 1977 ජූලි 27 වෙනි දා. හරියටම අවුරුදු හතලිස් දෙකකට ප්රථමයෙන්. මේ වන විට නිර්මල කන්ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් මා ඉදිරියේ දර්ශණය වී තිබෙනවා. 1977 ජූලි 27 වෙනි දා එතුමිය මා ඉදිරියේ දර්ශණය වුනේ ජේසු බිළිදුන් ද අත ඇතිවයි. අනික් සියළු දර්ශණ සිදුවුනේ එතුමිය තනිවයි. කහ පැහැති රෝසමල් මත, හිසේ සිට පාදයන් හි විළුඹ දක්වා දිග හිම මෙන් බබලන සුදු පැහැති වේල් එකක් පැළඳ ගෙන, එවැනිම හිම මෙන් සුදු පැහැයෙන් යුතු ලෝගුවක් පැළඳගෙන, පැහැයෙන් අහසේ නිල් පැහැයෙන් යුතු, නමුත් හිම මෙන් බබලන නිල් පැහැති බඳ පටියක් පලඳා, දකුණු අතේ වැලමිට හරියෙන් රත්තරන් පාට බැබලෙන ජපමාලයක් දරාගෙන තමයි එතුමිය මා ඉදිරියේ පෙනී සිටින්නේ. නමුත් 1977 ජූලි 27 වෙනි දිනත් එතුමිය මා ඉදිරියේ එලෙස පෙනී සිටියත්, මේ වනතුරු එදින පමණක් විශේෂත්වයක් තිබුණා. එතුමියගේ වම් හස්තයේ කුඩා ජේසු බිළිදාණන් සිටියා.’’
නිර්මල කන්ය මරිය මාතාවන් ජේසු බිළිදාණන් සමගින් දර්ශණය වූ විලාශය සිය මතකය අවුරුදු හතලිස් දෙකකට පසුව අවදි කරවමින් විස්තර කරනා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට මහත් බැතියෙන් සවන් දෙමින් සිටිනා බැතිමතුන් අමතමින් උන්වහන්සේ තව දුරටත් මෙලෙසින් පවසනු ලැබුවා.
‛‛නව දර්ශණ දෙව් මැදුර ප්රතිසංස්කරණය කර විවෘත කරනු ලැබුවේ පසුගිය වසරේ (2018) අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවසයි. දැන් අවුරුද්දකට ආසන්නයි. මෙම නව දර්ශණ දෙව්මැදුරේ ප්රධාන දෙව් මවු ප්රතිමාව ලෙස, නිර්මල කන්ය මරිය තුමිය ජේසු බිළිදාණන් සමග දර්ශණය වූ විලාසය දැක්වෙන ප්රතිමාවක් ස්ථාපිත කල යුතු යයි මම තීරණය කලා. ඒ අනුව තනනු ලැබූ දෙව් මවු ජේසු බිළිදුන් අත දරා සිටින ප්රතිමාව දර්ශණ දෙව් මැදුර තුල දැන් ස්ථාපිත කර තිබෙන්නේත්, ඒ ආකාරයෙන් එතුමිය දර්ශණ වූ ස්ථානයේයි.’’
1977 ජූලි 27 වෙනි දින සිදුවූ දෙව් මවු දර්ශණයට වසර හතළිස් දෙකක් සපිරුණ 2019 ජූලි 27 වෙනි දින එම දර්ශණය සිහිපත් කිරීමට තැනූ ප්රතිමාවෙන් ඉතාමත් පුදුමාකාර ලෙසින් පිච්ච මල් සුගන්ධය විහිදීම පිළිබදව ද සුදොතුම් අපොස්තුළුතුමා සිය අදහස් මෙලෙස ප්රකාශ කරනු ලැබුවා.
‛‛ප්රතිසංස්කරණය කිරීමෙන් පසුව දැනට අවුරුද්දකට ආසන්න කාලයකට පෙර විවෘත කරනු ලැබූ දර්ශණ දෙව්මැදුරෙන් පිච්ච මල් සුගන්ධය දසත පැතිරුණ ප්රථම අවස්ථාවයි මේ. මෙම සිද්ධස්ථානයට පිච්ච මල් සුගන්ධය අමුතුම දෙයක් නොවෙයි. මරිය තුමී එතුමියගේ අතට ගත් අපොස්තලික මුදුවෙන් නොකඩවා අදටත් පිච්ච මල් සුගන්ධය පැතිරෙනවා, එයින් පැතිරෙන පිච්ච මල් සුගන්ධය සැතපුම් ගණනාවක් ඈත සිටින බැතිමතුන්ටත් දැනී තිබෙනවා. ඔයගොල්ලන්ගේ ගෙවල්වලටත් මේ මිහිරි සුගන්ධය දැනී තිබෙනවා. ඔයගොල්ලෝ ඊට හොදම සාක්ෂිකරුවෝ. මරිය තුමිය අතට ගත්, එතුමියගේම ආශ්චර්යමත් ප්රතිමාව තුලින් විහිදෙන පිච්ච මල් සුගන්ධය ගැනත් ඔයගොල්ලන්ට වසර ගණනාවක අත්දැකීම් තියෙනවා. පැරණි දර්ශණ දෙව්මැදුරෙනුත් පිච්ච මල් සුගන්ධය පැතිරී තිබෙනවා. නමුත් ඊයේ (ජූලි 27 වෙනිදා) නව දර්ශණ දෙව්මැදුරේ ප්රධාන දෙව් මවු ප්රතිමාවෙන් පැතිරුණ සුගන්ධය ඉතාමත් අධිකයි. මේ මිහිරි පිච්ච මල් සුගන්ධය දර්ශණ දෙව් මැදුර තුලට පමණක් සීමා වුනේ නැහැ. සම්පූර්ණ සිද්ධස්ථාන භූමියටත්, ශු. පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනටත් පැතිරුනා. ඒ විතරක් නොවෙයි, සිද්ධස්ථාන භූමියෙන් පිටත මහා මාර්ගයේ වම් පැත්තටත්, දකුණු පැත්තටත් මීටර් සියයක් පමණ දුරකටත් මේ මහා පිච්ච මල් සුගන්ධය දැනුන බව අපට දැනගන්නට ලැබුණා. ඇත්තටම මෙය මහා විස්මයක්. මරිය තුමියගේ සුවිශේෂී ප්රාතිහාර්යයක්.’’
තව දුරටත් බැතිමතුන් අමතා කතා කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අවසාන වශයෙන් මෙලෙසින් ද ප්රකාශ කරනු ලැබුවා.
‛‛දශක සතරකටත් වැඩි කාලයක අපට විදින්නට නොහැකි වූ ඉතා මිහිරි අධික පිච්ච මල් සුගන්ධයක් ඊයේ (ජූලි 27 වෙනිදා) දර්ශණ දෙව්මැදුරේ ප්රධාන දෙව් මවු ප්රතිමාවෙන් නිකුත් වුනා. මම හිතන විදිහට මෙම සිද්ධියෙන් නිර්මල මරිය තුමී අපට පණිවිඩ තුනක් දෙනවා. පළමුවැන්න, එතුමියගේම ඉල්ලීමක් සම්පූර්ණ කරමින් තැනුවා වූ මේ දර්ශණ දෙව් මැදුර එතුමිය පිළිගන්නා බව සහ මෙම දර්ශණ දෙව් මැදුරට එතුමිය ප්රිය කරන බවයි. දෙවැන්න, දර්ශණ දෙව්මැදුර තුල ස්ථාපිතව ඇති ජේසු බිළිදු වඩවා ගත් එතුමියගේ ප්රතිමාවට දෙව් මවුන් කැමති බවයි. තුන්වැන්න මම කියන්නේ නැහැ. මගේ සිත තුල ම තියා ගන්නවා. නමුත් කිව යුතු සුදුසු වේලාවක් ආවොත් මම එය ඔයගොල්ලන්ට කියනවා. මෙම දර්ශණ දෙව් මැදුර සැලසුම් කලේ, මෙහි ප්රතිසංස්කරණ කටයුතු මෙහෙයවනු ලැබුවේ, අපොස්තලික මාධ්ය අධ්යක්ෂක මනෝජ් චින්තක මහතායි. ඒ මහතාගේ මහන්සිය මෙලෙස දෙව් මවුන් විසින් අගය කරනු ලැබීම ගැන අප සියල්ලන්ටම වඩා ඒ මහතා සතුටු වෙනවා ඇති.’’
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ජූලි 28 වෙනි ඉරුදින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී බැතිමතුන් අමතනු ලැබූ අයුරුත්, ජූලි 27 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැදුර තුල පිච්ච මල් සුගන්ධය දසත පැතිරී ගිය අවස්ථාවේ දී සැදැහැවතුන් දර්ශණ දෙව් මැඳුර තුල යාච්ඤා කරන අයුරුත් මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි


mediamin September 6th, 2019
Posted In:
නිර්මල කන්ය මරිය මාතාවන් විසිතුන් වතාවක් දර්ශණය වී ඇති ශ්රී ලංකාවේ එකම සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පසුගිය ජූලි 27 වෙනි සෙනසුරාදා දිනයේ සිදුවූයේ ඉතාමත්ම පුදුම සිදුවීමක්, එනම් සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල ස්ථාපිත නිර්මල කන්ය මරිය මාතාවන් ජේසු බිළිඳාණන් සිය වම් හස්තයේ දරාගෙන සිටින ප්රතිමාවෙන් පැය ගණනාවක් ම නොකඩවා පිචිච මල් සුගන්ධය පැතිරීමයි.
මේ පිළිබදව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පසු දින වූ ජූලි 28 වෙනි ඉරුදින සවස බැතිමතුන් පිරිසක් අමතමින් මෙලෙස විශේෂ ප්රකාශයක් කරනු ලැබුවා.
‛‛ඊයේ (ජූලි 27 වෙනි දා) සවස අප සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල සිදුවූ අසිරිමත් සිදුවීම පිළිබදව ප්රථමයෙන් මම නිර්මල කන්ය මරිය මාතාවන්ට ස්තූති වන්ත වෙනවා. දර්ශණ දෙව්මැදුර තුල ප්රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත කර ඇති, ජේසු බිළිදුන් සිය වම් හස්තයේ රඳවා ගෙන වැඩ සිටින අප නිර්මල කන්ය මරිය තුමියගේ ප්රතිමාව, දර්ශණ දෙව් මැදුරේ ස්ථාපිත ප්රධාන ප්රතිමාවයි. එම ප්රතිමාවෙන් ඔයගොල්ලෝ සියළු දෙනාටම සිහි ගන්වන්නේ නිර්මල කන්ය මරිය තුමිය දසඅට වන වරට මා ඉදිරියේ දර්ශණය වූ විලාශයයි. එම දර්ශණය සිදුවුනේ 1977 ජූලි 27 වෙනි දා. හරියටම අවුරුදු හතලිස් දෙකකට ප්රථමයෙන්. මේ වන විට නිර්මල කන්ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් මා ඉදිරියේ දර්ශණය වී තිබෙනවා. 1977 ජූලි 27 වෙනි දා එතුමිය මා ඉදිරියේ දර්ශණය වුනේ ජේසු බිළිදුන් ද අත ඇතිවයි. අනික් සියළු දර්ශණ සිදුවුනේ එතුමිය තනිවයි. කහ පැහැති රෝසමල් මත, හිසේ සිට පාදයන් හි විළුඹ දක්වා දිග හිම මෙන් බබලන සුදු පැහැති වේල් එකක් පැළඳ ගෙන, එවැනිම හිම මෙන් සුදු පැහැයෙන් යුතු ලෝගුවක් පැළඳගෙන, පැහැයෙන් අහසේ නිල් පැහැයෙන් යුතු, නමුත් හිම මෙන් බබලන නිල් පැහැති බඳ පටියක් පලඳා, දකුණු අතේ වැලමිට හරියෙන් රත්තරන් පාට බැබලෙන ජපමාලයක් දරාගෙන තමයි එතුමිය මා ඉදිරියේ පෙනී සිටින්නේ. නමුත් 1977 ජූලි 27 වෙනි දිනත් එතුමිය මා ඉදිරියේ එලෙස පෙනී සිටියත්, මේ වනතුරු එදින පමණක් විශේෂත්වයක් තිබුණා. එතුමියගේ වම් හස්තයේ කුඩා ජේසු බිළිදාණන් සිටියා.’’
නිර්මල කන්ය මරිය මාතාවන් ජේසු බිළිදාණන් සමගින් දර්ශණය වූ විලාශය සිය මතකය අවුරුදු හතලිස් දෙකකට පසුව අවදි කරවමින් විස්තර කරනා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට මහත් බැතියෙන් සවන් දෙමින් සිටිනා බැතිමතුන් අමතමින් උන්වහන්සේ තව දුරටත් මෙලෙසින් පවසනු ලැබුවා.
‛‛නව දර්ශණ දෙව් මැදුර ප්රතිසංස්කරණය කර විවෘත කරනු ලැබුවේ පසුගිය වසරේ (2018) අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවසයි. දැන් අවුරුද්දකට ආසන්නයි. මෙම නව දර්ශණ දෙව්මැදුරේ ප්රධාන දෙව් මවු ප්රතිමාව ලෙස, නිර්මල කන්ය මරිය තුමිය ජේසු බිළිදාණන් සමග දර්ශණය වූ විලාසය දැක්වෙන ප්රතිමාවක් ස්ථාපිත කල යුතු යයි මම තීරණය කලා. ඒ අනුව තනනු ලැබූ දෙව් මවු ජේසු බිළිදුන් අත දරා සිටින ප්රතිමාව දර්ශණ දෙව් මැදුර තුල දැන් ස්ථාපිත කර තිබෙන්නේත්, ඒ ආකාරයෙන් එතුමිය දර්ශණ වූ ස්ථානයේයි.’’
1977 ජූලි 27 වෙනි දින සිදුවූ දෙව් මවු දර්ශණයට වසර හතළිස් දෙකක් සපිරුණ 2019 ජූලි 27 වෙනි දින එම දර්ශණය සිහිපත් කිරීමට තැනූ ප්රතිමාවෙන් ඉතාමත් පුදුමාකාර ලෙසින් පිච්ච මල් සුගන්ධය විහිදීම පිළිබදව ද සුදොතුම් අපොස්තුළුතුමා සිය අදහස් මෙලෙස ප්රකාශ කරනු ලැබුවා.
‛‛ප්රතිසංස්කරණය කිරීමෙන් පසුව දැනට අවුරුද්දකට ආසන්න කාලයකට පෙර විවෘත කරනු ලැබූ දර්ශණ දෙව්මැදුරෙන් පිච්ච මල් සුගන්ධය දසත පැතිරුණ ප්රථම අවස්ථාවයි මේ. මෙම සිද්ධස්ථානයට පිච්ච මල් සුගන්ධය අමුතුම දෙයක් නොවෙයි. මරිය තුමී එතුමියගේ අතට ගත් අපොස්තලික මුදුවෙන් නොකඩවා අදටත් පිච්ච මල් සුගන්ධය පැතිරෙනවා, එයින් පැතිරෙන පිච්ච මල් සුගන්ධය සැතපුම් ගණනාවක් ඈත සිටින බැතිමතුන්ටත් දැනී තිබෙනවා. ඔයගොල්ලන්ගේ ගෙවල්වලටත් මේ මිහිරි සුගන්ධය දැනී තිබෙනවා. ඔයගොල්ලෝ ඊට හොදම සාක්ෂිකරුවෝ. මරිය තුමිය අතට ගත්, එතුමියගේම ආශ්චර්යමත් ප්රතිමාව තුලින් විහිදෙන පිච්ච මල් සුගන්ධය ගැනත් ඔයගොල්ලන්ට වසර ගණනාවක අත්දැකීම් තියෙනවා. පැරණි දර්ශණ දෙව්මැදුරෙනුත් පිච්ච මල් සුගන්ධය පැතිරී තිබෙනවා. නමුත් ඊයේ (ජූලි 27 වෙනිදා) නව දර්ශණ දෙව්මැදුරේ ප්රධාන දෙව් මවු ප්රතිමාවෙන් පැතිරුණ සුගන්ධය ඉතාමත් අධිකයි. මේ මිහිරි පිච්ච මල් සුගන්ධය දර්ශණ දෙව් මැදුර තුලට පමණක් සීමා වුනේ නැහැ. සම්පූර්ණ සිද්ධස්ථාන භූමියටත්, ශු. පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනටත් පැතිරුනා. ඒ විතරක් නොවෙයි, සිද්ධස්ථාන භූමියෙන් පිටත මහා මාර්ගයේ වම් පැත්තටත්, දකුණු පැත්තටත් මීටර් සියයක් පමණ දුරකටත් මේ මහා පිච්ච මල් සුගන්ධය දැනුන බව අපට දැනගන්නට ලැබුණා. ඇත්තටම මෙය මහා විස්මයක්. මරිය තුමියගේ සුවිශේෂී ප්රාතිහාර්යයක්.’’
තව දුරටත් බැතිමතුන් අමතා කතා කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අවසාන වශයෙන් මෙලෙසින් ද ප්රකාශ කරනු ලැබුවා.
‛‛දශක සතරකටත් වැඩි කාලයක අපට විදින්නට නොහැකි වූ ඉතා මිහිරි අධික පිච්ච මල් සුගන්ධයක් ඊයේ (ජූලි 27 වෙනිදා) දර්ශණ දෙව්මැදුරේ ප්රධාන දෙව් මවු ප්රතිමාවෙන් නිකුත් වුනා. මම හිතන විදිහට මෙම සිද්ධියෙන් නිර්මල මරිය තුමී අපට පණිවිඩ තුනක් දෙනවා. පළමුවැන්න, එතුමියගේම ඉල්ලීමක් සම්පූර්ණ කරමින් තැනුවා වූ මේ දර්ශණ දෙව් මැදුර එතුමිය පිළිගන්නා බව සහ මෙම දර්ශණ දෙව් මැදුරට එතුමිය ප්රිය කරන බවයි. දෙවැන්න, දර්ශණ දෙව්මැදුර තුල ස්ථාපිතව ඇති ජේසු බිළිදු වඩවා ගත් එතුමියගේ ප්රතිමාවට දෙව් මවුන් කැමති බවයි. තුන්වැන්න මම කියන්නේ නැහැ. මගේ සිත තුල ම තියා ගන්නවා. නමුත් කිව යුතු සුදුසු වේලාවක් ආවොත් මම එය ඔයගොල්ලන්ට කියනවා. මෙම දර්ශණ දෙව් මැදුර සැලසුම් කලේ, මෙහි ප්රතිසංස්කරණ කටයුතු මෙහෙයවනු ලැබුවේ, අපොස්තලික මාධ්ය අධ්යක්ෂක මනෝජ් චින්තක මහතායි. ඒ මහතාගේ මහන්සිය මෙලෙස දෙව් මවුන් විසින් අගය කරනු ලැබීම ගැන අප සියල්ලන්ටම වඩා ඒ මහතා සතුටු වෙනවා ඇති.’’
mediamin August 8th, 2019
Posted In:
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට වයස අවුරුදු දහයක් සපිරුණ 1967 පෙබ්රවාරි 2 වෙනි දින උන්වහන්සේ කල කදිම වැඩක් පසුගියදා උන්වහන්සේ විසින්ම බැතිමතුන් ඉදිරියේ විස්තර කරනු ලැබුවා.
එනම් 1967 පෙබ්රවාරි 2 වෙනි දිනය වන විට උන්වහන්සේ මෙම ජීවිත කාලය තුල කොපමණ දින ගණනක් මේ පොළව මත ජීවත්ව සිටියාදැයි ගණන් බැලූ බව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්රකාශ කරනු ලැබුවා. එවිට උන්වහන්සේ ලද පිළිතුර දින 3650 ක් බව පැවසූ අතර, අවුරුද්දකට ඇති දින 365, දහයෙන් වැඩිකර එම උත්තරය ලබාගත් බවත්, එතැන් සිට සෑම අවුරුද්දකම තම උපන් දිනය යෙදෙන දවසේ දී නොවරදවාම මෙම ගණන් බැලීම සිදු කරන බවත් උන්වහන්සේ ප්රකාශ කරනු ලැබුවා.
මෙම 2019 පෙබ්රවාරි 2 වෙනි දින සිය 62 වන උපන් දිනය සමරණු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, එදින ද මෙම ගණන් හැදීම සිදු කල බව පැවසූ අතර, එම දිනයේ 365, හැට දෙකෙන් වැඩි කල බවත්, පිළිතුර ලෙස 22630 ලැබුණ බවත් පැවසූ උන්වහන්සේ, මේ වන විට, මෙම ජීවිත කාලයේ මේ පොළව මත දවස් 22630 ක් ජීවත්ව ඇති බව පවසනු ලැබුවා.
මෙලෙස තමන්ගේ උපන් දිනය දවසේ මෙවැනි ගණන් බැලීමක් සිදුකල අයෙක් මෙහි සිටීනම් අත ඔසවන්න යයි පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා රැස්ව සිටි බැතිමතුන් අතරින් කිසිවෙක් හෝ අත ඔසවත් දැයි විමසිල්ලෙන් බැළුවත්, කිසිවෙකුත් අත නොඉස්සූ බැවින්, ‛‛සමහර විට මේ ගණන් බැලීම කරන ලෝකයේ එකම පුද්ගලයා මම වෙන්නට ඇති’’ යයි සිනහ මුසු මුහුණින් ප්රකාශ කලා.

තම උපන් දිනය දවසේ මෙවැනි ගණන් බැලීමක් සිදු කිරීම ඔබත් කරන්නට පටන් ගන්න යයි ඉල්ලීමක් කරනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, ඒ සමගම ඔබට බොහෝ දේ සිතා බැලීමට හැකි වන බව ද පැවසූවා.
දැන් මිනිසෙකුගේ සාමාන්ය ආයු කාලය අවුරුදු 75 ක් බව අන්තර් ජාලයේ සදහන්ව තිබූ බව පවසනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, එසේනම් මිනිසෙක් ජීවත්ව සිටින දින ගණන 27375 ක් බව පැවසූ අතර, උන්වහන්සේ ද අවුරුදු 75 දක්වා ජීවත්ව සිටියහොත්, තවත් ජීවත්වීමට ඇත්තේ දින 4745 ක් බවත් ප්රකාශ කරනු ලැබුවා.
අන්තර් ජාලයේ කෙලෙස සදහන්ව තිබුනද අවුරුදු 75 ට වඩා අඩු වයසින් මෙලොවින් සමු ගන්නා මිනිසුන් වැඩි බවත්, ඒ අතර අවුරුදු 75 ට වැඩියෙන් ජීවත් වන්නන් ද සිටින බවත් පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මෑතක දී අවුරුදු 104 ක් ජීවත් වූ ලංකාවේ කාන්තාවක් පිළිබදව අන්තර් ජාලයෙන් විස්තර දැනගන්නට ලැබුණ බවත් ප්රකාශ කල අතර, එමනිසා ඔබේ ආයු කාලය එලෙස ගණන් බලා කලබල නොවිය යුතු බවත් පැවසනු ලැබුවා.
තව දුරටත් රැස්ව සිටි පිරිස ඇමතූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා කාටත් මෙය හොද අභ්යාසයක් බවත්, තම තමා කොපමණ කාලයක් මේ ලෝකයේ ජීවත් වුනාද, ඉදිරියට කොපමණ කාලයක් ජීවත් වෙයිද, ජීවත්ව සිටි කාලය තුල තමා දෙවියන්ට ලං වුනාද නැත්නම් දෙවියන්ගෙන් ඈත් වුනාද කියා හෘද සාක්ෂියට එකගව කල්පනා කර බැලීමෙන් බොහෝ දේ සිතට එන බවත්, එමගින් ජීවිතයට ආලෝකයක් ලැබෙන බවත් ප්රකාශ කරනු ලැබුවා.
mediamin July 31st, 2019
Posted In:
දිග හුස්මක් ඉහළට ගන්නා ලෙසත් නැවත එය පහළට දමන ලෙසත් ලෙසත් තුන් වරක් පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා එම ක්රියාව කරන්නට සැදැහැවතුන්ට අවස්ථාව සලසා දී එම ක්රියාව අප නතර කරනු ලබන මොහොතක් පැමිණෙන බව ප්රකාශ කල සේක.
මෙලොවින් වියෝ වූ සියල්ලන් සිහිපත් කරමින්, 2018 නොවැම්බර් 17 වෙනි දින සවස මළවුන් සිහිපත් කිරීමේ දිව්ය පූජාවේ සිය දේශණය පවත්මින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සැදැහැවතුන් අමතා කියා සිටියේ, එදින අප සිහිපත් කරනු ලැබුවේ එම ක්රියාව නතර කරනු ලැබූ අයවළුන් බවයි.
එදින පැවති වර්ෂාව ද නොතකා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුලට රැස්ව සිටි සැදැහැවතුන් අමතා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා තව දුරටත් ප්රකාශ කරනු ලැබුවේ, නිදාගෙන සිටිය ද, වාහනය පදවනු ලැබුව ද, කෑම ගනිමින් සිටිය ද, වැසිකිලියට ගියද, ආශ්වාස ප්රාශ්වාස කිරීමේ ක්රියාවලිය අප කවුරුත් යම් මොහොතක නතර කරන බවත්, දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන මේ ක්රියාව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නතර කරන්නට සියල්ලන්ට සිදුවන බවත්, එය නතර කරනු ලබන මොහොත අපගේ මරණයේ මොහොත බවත්ය.
මරණයේ මොහොතට සැනසීමෙන් යුතුව මුහුණ දීම සදහා පින් පවු යනුවෙන් හදුන්වනු ලබන කරුණු දෙක පිළිබදව හොදාකාරවම දැනගෙන ඒ අනුව ජීවිතය සකස් කර ගත යුතු බව දීර්ඝ පැහැදිලි කිරීම් සහිතව පෙන්වා දෙනු ලැබූ අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, ජීවත්ව සිටින බොහෝ දෙනෙක් පින් කියන්නේ මොනවද කියලා දැනගෙන සිටියත්, පවු කියන්නේ මොනවද කියා නිවැරදිව නොදන්නා බව ප්රකාශ කල අතර ඒ අය දන්නා පවු ලේඛණයේ ඇත්තේ අමුතුම කතාවක් බවත් ඒ නිසා අවසාන මොහොතේ දී තමන්ට පාර වැරදී ඇති බව දැනගන්නා විට නැවත නිවැරදි වන්නට බැරි ලෙසින් ම ප්රමාද වී ඇති බවත් ප්රකාශ කල සේක.
mediamin July 31st, 2019
Posted In:
‛‛නේවාසිකාගාරයේත් ගෙදරත් ඇති පරතරය සියළු දෙමාපියන් තේරුම් ගත යුතුයි. නේවාසිකාගාරයක නවත්වා දරුවෙකුට අධ්යාපනය දීම කෘතිම ආහාර කෑමට දී සත්වයකු ඇති දැඩි කරන කරනවා වගෙයි. ගුණයකුත් නැහැ, නියම රසකුත් නැහැ. ඒ නිසා උසස් අධ්යාපනයක්, හොද අධ්යාපනයක් යන විසිතුරු වචනවලින් විසිතුරු වී ඇති වර්ගයේ අධ්යාපනයක් දීම සදහා දරුවකුව කිසිදු දිනයක නේවාසිකාගාරයක නතර නොකල යුතුයි’’
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙම වදන් ප්රකාශ කරනු ලැබුවේ සීදූවේ සුරේන් චතුරංග ප්රනාන්දු මහතා සහ සුගන්ධිකා පෙරේරා මහත්මියගේ කුළුදුල් දියණිය වූ සනෝෂි ආරද්යා දැරියගේ පාසල් අධ්යාපනයට මුල පුරමින් අධ්යාපනයේ මුල් අකුරු කියා දුන් අවස්ථාවේ දීයි.
2018 ජනවාරි 7 වෙනි සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, අපොස්තලික ශාලාවේ දී මෙය සිදු විය.
කුඩා දැරියගේ දෙමාපියන් ඇමතූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ මෙසේ ද ප්රකාශ කලහ.
‛‛දරුවකු ආහාරයට ගත යුත්තේ නේවාසිකාගාරයක හෝ හෝටලයක පිසිනු ලබන ආහාර නොව සිය මවගේ දෑතින් පිළියෙල කරනු ලබන ආහාරයි. එම ආහාරවල ඇති මවකගේ ආදරයේ රසය දරුවාට ලබා දිය යුතුයි. එම ආහාරය නේවාසිකාගාරයක හෝ හෝටලයක පිසින ආහාරවල කොහෙත්ම නැහැ. එම ආහාරවල ඇත්තේ ‛බිස්නස් රසයයි’. එම රස නීරස රසයක්.’’
සනෝෂි ආරධ්යා කුඩා දැරියගේ දෙමාපියන් අමතා ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පැවසූ වදන් ලොව සියළු දෙමාපියන්ට වැදගත් බව අද සමාජය දෙස බලන විට පැහැදිලිව පෙනෙනු ඇත.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා තව දුරටත් මෙලෙසින් ද ප්රකාශ කරනු ලැබූහ.
‛‛දරුවකුට හොදම සහ උසස්ම පාසල වන්නේ, පාසල අවසන් වී ඉතා ඉක්මනින් ම තම නිවසට ලගා විය හැකි දුරකින් පිහිටි පාසලයි. තමන් වෙනුවෙන් වෙහෙසෙන අම්මාව දරුවා දැකිය යුතුයි. තමන් වෙනුවෙන් රැකියාවට යන පියාව දරුවා දැකිය යුතුයි. පියාගේ දහදිය සුවද දරුවාට දැනිය යුතුයි. ගෙදරක එදිනෙදා ඇතිවන ගැටළු ගැන දරුවා දැනීමක් ලබා ගත යුතුයි. හොද අධ්යාපනය සැගවී ඇත්තේ ඒ තුලයි. ඒ නිසා දරුවකු කිසිදු දිනයක නේවාසිකාගාරයක නතර නොකල යුතුයි’’
mediamin July 31st, 2019
Posted In:
ජාඇල රංග ප්රසාද් තරුණ මහතා සමගින් සදුනි දිලීකා තරුණ මෙනවිය ජනවාරි 17 වෙනි බ්රහස්පතින්දා දින අතිනත ගෙන යුග දිවි ආරම්භ කරනු ලැබුවේ ලොවටම ආදර්ශයක් දෙමිනුයි.
මෙවැනි අවස්ථාවක කටයුතු කල යුත්තේ කෙලෙසින් ද යන වග ඔවුන් දෙපළ විශේෂයෙන්ම සියළු ක්රිස්තියාණින් වෙත පෙන්නුම් කරනු ලැබුවේ ක්රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමක් ලොවටම මතක් කර දීමෙන්ය.
ලූකස් තුමාගේ සුවිශේෂයේ 14 වන පරිච්ඡේදයේ සදහන් ‛‛ඔබ රෑ කෑමක් හෝ දවල් කෑමක් හෝ පිළියෙල කරන කල, ඔබේ මිතුරන්, සහෝදරයන්, නෑයන් හෝ පොහොසත් අසල්වාසීන් හෝ නොකැඳවන්න, එසේ කළොත් ඔවුන් ද එසේම ඔබත් කැඳවනු ඇත. එයින් ඔබට එහි විපාකය ලැබෙයි. එහෙත් ඔබ භෝජන සංග්රහයක් පිළියෙල කරන කල, දිළිඳුන් ද අබ්බගාතයන් ද කොරුන් ද අන්ධයන් ද කැඳවන්න. ඔබට ප්රතිවිපාකයක් දෙන්නට ඔවුන්ට නොහැකි බැවින් ඔබ භාග්යවන්ත වන්නෙහිය’’ යයි ක්රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමට අනුව කුමන හෝ භෝජන සංග්රහයක දී අසරණ වූවන් වෙනුවෙන් එය පවත්වන ලෙස, සමාජයෙන් කොන්වී දුක් විඳින අය වෙනුවෙන් පවත්වන ලෙස, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා උන්වහන්සේගේ දේශණයක දී පසුගිය දිනයක කරුණු කාරණා පැහැදිලි කරනු ලැබූහ.

මෙම දේශණයට සවන් දුන් පිරිස අතර රංග සහ සදුනි, මේ නව යුවල ද විය. තමන්ගේ මංගල උත්සවය වෙනුවෙන් ඔවුන් කලින් සූදානම් කරගෙන තිබූ සියළු සැලසුම් මෙන්ම ඇතැම් ඇණවුම් ද අවලංගු කරමින්, ක්රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමටත්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ උපදෙසටත් අවනතව කටයුතු කිරීමට දෙදෙනාම තීරණය කර ගත්හ.
ඒ අනුව පසුගිය ජනවාරි 17 වෙනි බ්රහස්පතින්දා උදේ පානදුර ආලෝකා වැඩිහිටි නිවාසයේ දී නව යුවල විවාහ දිවියට ඇතුලත් වූයේ දරුවන් ගෙවලින් පිටමං කරදමා, හුදකලාව අසරණව රෝගීව දිවි ගෙවන වියපත් මවුපියන් 80 ක් මධ්යයේය.
රංග ප්රසාද් සහ සදුනි දිලීකා නව යුවල ආසිරි ගන්වා, මුදු මාල හුවමාරු කරවා නව යුග දිවියට සාර්ථක උපදෙස් රැසක් ද සමගින් යුග දිවි ගැන්වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසිනි. ඒ සදහාම උන්වහන්සේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිට පානදුර ආලෝකා වැඩිහිටි නිවාසය වෙත පැමිණ සිටීම නව යුවලට දේවාශිර්වාදයකි.
වැඩිහිටි නිවාසයේ දිවි ගෙවන අසූවක් වූ වැඩිහිටි පිරිසට සිත් සේ කා බී ප්රීතිවීමට රසවත් භෝජන සංග්රහයක් මෙන්ම, සිතට සුව දෙන මියුරු සංගීතය ද යොදවා තිබුනි. අසරණ මහළු මා පියන්වෙත ආහාර පිළිගැන්වීමට නව යුවල සමග ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ද මහත් සතුටින් එක්වී සිටීම විශේෂත්වයකි.

ආලෝකා වැඩිහිටි නිවාසයට යාබදව පිහිටා ඇති ශ්රී සද්ධමාකර විහාරයේ විසි හතර නමක් වූ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ද නව යුවල දහවල් දානය පිරි නැමූහ.
දරු සෙනෙහසින් ඈත් වී ජීවිතයේ සැදෑ සමය මෙලෙස හුදකලාව දිවි ගෙවන අසරණ මහළු මා පියන් සැමටම නව යුවල තෑගි පිරිනැමූ අතර, ඒ සදහාද නව යුවල සමග ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ද එක්වී සිටීම තවත් විශේෂත්වයකි.
බොහෝ අසරණ මවු පියන් නව යුවලට ආසිරි පතා කවි සහ සින්දු ගායනය කරනු ලැබුවේ සියල්ලන්ගේ දෑසට කදුලක් එක් කරවමිනුයි.
mediamin July 31st, 2019
Posted In:
මම නිතරම උත්සාහ කරන්නේ ඔයගොල්ලන්ව පුළුවන් තරම් පාපයෙන් අහකට අරගෙන, අඳුරින් හැකිතාක් ආලෝකයට ගන්ඩ. පාපයෙන් අයින් කරලා, පිනට ලැදි පුද්ගලයන් පිරිසක් බවට පත් කරන්න. ඒකට තමයි ලොකූ කැපකිරීමක් කරන්නේ. ඒකට තමයි මම ලොකු උත්සාහයක් දරන්නේ, ඔයගොල්ලන්ට ඒ තත්ත්වය ඇති කරන්න.
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙම වදන් ප්රකාශ කරනු ලැබුවේ, 2019 නව වසරට ආසිරි පැතීමේ, නව අවුරුදු දිව්ය පූජාව අවස්ථාවේ දේශණය පවත්වමින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුලදීයි.

2019 නව වසරට ආසිරි පැතීමේ දිව්ය පූජාව දර්ශණ දෙව්මැඳුර තුල දී ආරම්භ වූයේ 2018 දෙසැම්බර් 31 වෙනි දින මධ්යම රාත්රියේ දී යි. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ආශිර්වාදය ඇතිව නව අවුරුද්ද ආරම්භ කිරීම සඳහා විවිධ ප්රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන්, දර්ශණ දෙව්මැඳුර තුලත් සිද්ධස්ථාන භූමියේත් රැස්ව සිටි අතර, ඔවුන් හමුවේ නව අවුරුදු දිව්ය පූජාව පවත්වමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, නව අවුරුද්ද සඳහා අවවාද රැසක් කියා දුන්නේ සිනහ මුසු මුහුණින් යුතුවයි. නව අවුරුද්ද ආරම්භයත් සමගින් රැස්ව සිටි සැදැහැවතුන්ව ද සිනහ ගන්වමින් උන්වහන්සේ ජනතා හදවත්වලට අමතනු ලැබීම සැමගේ ම සතුටට හේතුවක් වුනා.
ගමන් බිමන් යන විට, නොයෙකුත් ස්ථානවල දී අත දිගු කරන යාචකයන්ට කිසිම විටක පිටු නොපා ඔවුන්ට යමක් පරිත්යාග කරන ලෙසත් පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, යාචකයන්ට සුළු මුදලක් පරිත්යාග කිරීමෙන් ඔබ යාචකයෙක් බවට පත් නොවන බවත්, ඔවුන් ද කෝටිපතියන් නොවන බවත් ප්රකාශ කරනු ලැබුවේ විවිධ උදාහරණයන් ද පෙන්වා දෙමිනුයි. යාචකයන්ට යමක් පරිත්යාග කිරීමෙන් ඔවුන් කෝටිපතියන් වේ යයි ඔබ තුල ඊර්ෂ්යාවක් ඇත්නම්, ඊට බියක් ඇතිකර නොගෙන, අනුකම්පා සිතින් යුතුව, හදවතින්ම පරිත්යාගය කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියා.
ඇතැම් යාචකයන් යමක් ඉල්ලන්නේ නැතිව, හඳුන් කූරු පැකට්, කපුරු බෝල පැකට් වැනි යම් භාණ්ඩයක් මිළ දී ගන්නා ලෙස ඉල්ලා සිටින අවස්ථාවන් ඇති බවත්, එම භාණ්ඩ ඔබට අවශ්ය නැතත් ඔවුන්ව හිස් අතින් හරවා යවන්නේ නැතිව, ඔවුන්ගෙන් යමක් මිළ දී ගන්නා ලෙස පැවසූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, වැඩි දුරටත් යෝජනා කර සිටියේ, මිළ දී ගත් භාණ්ඩය ඔබට අනවශ්ය නම්, ඔහුට යම් උපකාරයක් ලෙස කරනු ලැබූ මිළ දී ගැනීමක් නම්, එම භාණ්ඩය ආපසු ඔහුටම ප්රධානය කරන මෙන්ය. කැමතිනම් භාණ්ඩයට ගෙවිය යුතු මුදලටත් වඩා යමක් ප්රධාන කරන ලෙස ඉල්ලා සිටි ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, එසේ කරනු ලැබීමෙන් කිසිදු හිඟයක් ඇති නොවන බව ද පැහැදිලි කරදෙනු ලැබුවා.
තව දුරටත් සැදැහැවතුන් අමතමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්රකාශ කරනු ලැබුවේ, අඩු තරමින් යාචකයන්ට යමක් පරිත්යාග කිරීමෙන් තණ්හාවෙන් ඈත් වන්නට පුහුණුව ආරම්භ කල යුතු බවත්, දන් දීමට මනුෂ්යයා තුල ඇති අකමැත්ත ගැළවීම සඳහා ලොකුම බාධාව බවත්, නමුත් රෙදි පිළි සඳහා, රන් ආභරණ සඳහා මුදල් දන් දීමට කිසිදු මැලි බවක් නොදක්වන බවත්, එවැනි දේ සඳහා මැලි බවක් නොදක්වන්නේ ද සිත තුල තණ්හාව පවතින නිසා බවත් උදාහරණ සහිතවම පැහැදිලි කර දෙනු ලැබුවා. එවැනි මිළ දී ගැනීම් තමන්ගේම සිතට තෘප්තියක් ලබා ගැනීම පිණිස සිදු කරන්නාක් මෙන්, යමක් ඉල්ලා අත දිගු කරන කිසිවෙකුටවත් පිටු නොපා තෘප්තිමත් සිතකින් යුතුව යමක් ප්රධානය කර සතුටට පත්වන ලෙසත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්රකාශ කරනු ලැබුවා.
mediamin July 11th, 2019
Posted In: