2024 අගෝස්තු 17 දින තවත් ඓෙතිහාසික දිනයක්. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුළ ස්ථාපිත දෙව් මවුන් ජේසු බිළිදුන් වඩවාගෙන වැඩසිටින ප්‍රතිමාවෙන් 6 වෙනි වතාවටත් අසිරිමත් පිච්ච මල් සුඝන්දය විහිදුනේ අගෝස්තු 17 වන දිනයි. සුපුරුදු පරිදි ම එදින ද බැතිමතුන් දේව මෑණියන් වටා රොක් වී හාස්කම් යාච්ඤාව උච්චාරණය කරන සෙනසුරාදා දිනයක් වීම ද විශේෂත්වයක්.

අගෝස්තු 17 වන සෙනසුරාදා දිනයේ මම අසනීප තත්වයකින් පසුවී සිටි නිසා හාස්කම් යාච්ඤාවට සහභාගි වීමට මට හැකි වුනේ නෑ. නමුත් ඒ දිනයේදීම අසනීප වීම, කොයිතරම් අවාසනාවන්ත අවස්ථාවක් ද කියලා, එදින රාත්‍රී 9.30 පමණ වනතෙක් වත් මම දැනගෙන හිටියේ නෑ. රාත්‍රී 9.30 පමණ වන විට මට දුරකතන ඇමතුමක් ලැබුණා. ‛‛6 වෙනි වතාවට අද දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් සුවඳ ආවා, පුළුවන්නම් යන්න පල්ලියට’’ මේ පණිවිඩය මට ලැබෙනකොටත් මම පසු වුනේ තද උණ තත්වයකින්. නමුත් එය ඇසූ සැණින් ඒ සුවද විඳගන්නතෙක් මට ඉවසුමක් නැති වුනා. කොයිතරම් අමාරු තත්වයක හිටියත්, මේ අවස්ථාව මගහැරවගන්න මගේ හිත මට නම් ඉඩක් දුන්නේම නෑ. මගේ හිත පැවසුවේම, ඒ වාසනාව මගහැරගන්නට තරම් මම ලොකු අවාසනාවන්තයෙක් බවයි. රාත්‍රී 10ට පමණ අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක තුමාට දුරකතන ඇමතුමක් ලබා දී මේ පිළිබද විස්තර විමසූ විට, ඒ සුවද විඳගැන්මට මගේ හිතේ තිබූ ආශාව තව තවත් වැඩි වුණා. දුරකතන ඇමතුමෙන් විනාඩි 15කට පමණ පසුව, අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක තුමා අමතා මා නැවතත් පැවසුවේ, මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණීමට නිවසෙන් පිට වූ බවයි.

සිද්ධස්ථානයට යන තුරුම ඒ සුවද විඳින්න මගේ හිත තුළ තිබුණේ විශාල ආශාවක්. සිද්ධස්ථානයේ ගේට්ටුවෙන් ඇතුළු වෙන්නත් කලින්ම මට ඒ සුවද දැනුනා. ඒ සුවද සාමාන්‍ය සුවදක් නොවෙයි. ඒ සුවද දැනුන, ඒ සුවඳ විඳපු හැම පුද්ගලයාම ඒ බව දන්නවා. මුළු සිද්ධස්ථාන භූමියම දේව මෑණියන්ගේ ස්වර්ගීය සුවදින් පිරිලා. මට දැනුනේ මම වෙනම ලෝකයකට ගියා වගෙයි. දර්ශණ දෙව්මැදුරේ දොරටුව ලගටම ගිහින් මම ඒ සුවද වින්දා. මට තවත් ඒ සුවද වැඩියෙන් විඳගන්න අවශ්‍ය වුණ නිසා එම දොර මැද දාරයට මගේ නාසය තියා තදින් ආශ්වාස කලා. ඇත්තෙන්ම එය ඇබ්බැහි වෙන සුළුයි. එලෙසින් ඒ සුවද ආශ්වාස කරමින් ඉන්නා විට අධ්‍යක්ෂක තුමාගෙන් දුරකතන ඇමතුමක් ලැබුනා ‛‛උන්වහන්සේ කිව්වා ඔයාට දොර ඇරලා දෙන්න කියලා. දර්ශණ දෙව් මැඳුර ඇතුලට ගිහින් බලන්න.’’

ඒ මොහොතේ මට දැනුනේ විශාල වාසනාවන්ත හැගීමක්. ඒ පිළිබදව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට ස්තූතිවන්ත වෙමින් කඩිනමින් දර්ශණ දෙව්මැදුරට ඇතුළු වුනේ මිහිපිට ඇති පුංචි ස්වර්ගයට ඇතුළුවන හැගීමෙනුයි. විනාඩි 15ක් පමණ, දෙව් මවුන් ප්‍රතිමාව පාමුල දණින් වැටී ඒ අසිරිමත් ස්වර්ගීය සුවද විඳිමින් දේව මෑණියන්ටත්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ටත් ස්තූතිවන්ත වුනේ මේ ප්‍රාතිහාර්ය නැවත වරක් අපට විඳගැනීමට අවස්තාව උදාකර දුන් නිසයි.

ස්වර්ගයත් මේ මහා පොළොවත් යා වන මෙලොව ඇති එකම එක ශුද්ධ වූ භූමිය වන, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වර්ෂ 1975 පෙබ්‍රවාරි 7 වන දින සිට මෙතුවක් වසර 50ක් පුරාවට පුදුම සිදුවීම් සිදුවන භූමියක්. වෛද්‍යවරුන් පවා පුදුමයට පත් කරවමින් මේ භූමියට විශ්වාසයෙන් පැමිණි බැතිමතුන්ගේ අසාධ්‍ය රෝගී තත්වයන් සුව වුනා, විවිධ අසරණකම් ඇති මිනිසුන්, මේ දර්ශණ භූමියේදී සැනසීම ලැබුවා, පුදුම වූ ප්‍රාතිහාර්යන් මේ ශුද්ධ වූ භූමිය තුළ සිදු වෙද්දී, තම දෑසින්ම බැතිමතුන් ඒවා අත්දුටුවා. දේව මෑණියන්ගේ ප්‍රතිමා වලින් විවිධ වූ ජීවමාන සලකුණු බැතිමතුන් තම දෑසින්ම දුටුවා. තවත් පුදුමසහගත සිදුවීම් මේ පින්වන්ත භූමියේදී සිදු වුනා. ඒ සිදුවීම් තවමත් සිදුවෙමින් පවතිනවා. ඇත්තෙන්ම, හොඳින් කල්පනා කර සිතා බැලුවහොත් පුදුම වන්නට කරුණක් ද නොවෙයි. මන්ද, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු නිර්මල වූ කන්‍ය මරිය මාතාවන් 23 වාරයක් දර්ශණය වූ, ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී උන්වහන්සගේ දසසතර වෙනි අපොස්තුළුතුමාණන් පත් කරගත් සහ ඒ අපොස්තුළුතුමාණන් වහන්සේ ජීවමාණව වැඩ සිටින, මේ ලොව ඇති එකම එක ශුද්ධ වූ භූමියයි. මේ සියල්ලක් අපට අත්දකින්නට හැකිවන්නේත්, පිහට වරප්‍රසාදයන් ලැබන්නේත් ඒ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් නිසයි. උන්වහන්සේ අප උදෙසා දෙව් මවුන් ඉදිරියේ මැදිහත් වන නිසයි. උන්වහන්සේ නොමැති ලොවක, උන්වහන්සේ නොමැති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ මෙවන් පුදුම සිදුවීම් කිසිදාවත සිදුවන්නේ නැති වේවි. මේ සියල්ලක් අපට උරුම කර දෙන ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන් හට අප නිරන්තරයෙන් ස්තූතිවන්ත විය යුතුමයි.

ලොවේ අන් කොතැනකවත් නැති, මේ ලොව පමණක් ඇති, එකම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය අප රැකගත යුතුමය. මේ සියල්ලක් අපට ලබා දෙන ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ව අප රැකගත යුතුමය. එහි වටිනාකම දැනටත් වඩා අප මෙලොවින් සමුගත් දිනයක අපට වැටහෙනු ඇත. ‛දේව දීමනා දකින්නට මනුෂ්‍යයා අකමැති වීම ලොකුම අභාග්‍යයි’ යනුවෙන් නිර්මල කන්‍ය මරිය මාතාවන්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ ජීවමානව ම දර්ශණය වූ එක් අවස්ථාවක ප්‍රකාශ කර ඇති ලෙසින් තවමත් මෙම දේව දීමනා මගහැරගන්නා කොට්ඨාශයක් ද ඇත. ඔවුන්ද එහි පසුතැවීම අත්දකින්නේ මෙලොවින් සමුගත් දිනෙකය. මට පෞද්ගලිකව විශාල සතුටක් තිබෙනවා, මිය යන්නට පෙර මේ දේව දීමනා අත්දකින්නටත්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ දහම් සෙවණේ ජීවත් වීමටත් මම වාසනාව ලැබුවා.

අවසාන වශයෙන් මෙම ප්‍රාතිහාර්ය සය වෙනි වරටත් අපට උදා කරදුන් නිර්මල දේව මාතාවන්ට ස්තූතිවන්ත වන අතර, එදින හාස්කම් යාච්ඤාවට සහභාගි වීමට අවස්ථාව නොලැබුනත් තනිවම දර්ශණ දෙව්මැදුරට ඇතුළු වී එම අසිරිමත් ස්වර්ගීය පිච්ච මල් සුගන්දය විඳගැනීමට අවස්ථාව ලබාදුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට ද ඉතාමත් ගෞරවයෙන් ස්තූතිවන්ත වෙමි.

 

ප්‍රවීන් ශානක පෙරේරා
ජා-ඇල

November 14th, 2024

Posted In:

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට දර්ශණය වීමෙන් තෝරාගනු ලැබූ ලොව දෙවන අපොස්තුළුතුමන් වූ ද, ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා වූ ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාණන් ‛‛අපොස්තුළු ධූරයට’’ ඔසවා වසර 49 ක් සපුරණු ලැබීමේ සංවත්සරය 2024 පෙබ්‍රවාරි 24 වෙනි දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී අති මහත් ජයෝත්සවයෙන් සමරණු ලැබුවා.

ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොව ජීවත්ව සිටිය දී අපොස්තුළු ධූරය සඳහා තෝරාගනු ලැබූ දොළොස්දෙනාම ජුදා ජාතිකයන් වූ අතර, උන්වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව මෙලොවට දර්ශණය වී තෝරාගනු ලැබූ පළමුවන අපොස්තුළුතුමා ද ජුදා ජාතිකයෙක්.

නමුත් 20 වන ශතවර්ෂයේ අවසාන කාර්තුව වූ 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින ශ්‍රී ලංකාවේ කටුනායක දී දර්ශණය වී අපොස්තුළු ධූරයට පත්කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නිසා එතෙක් ජුදා ජාතිකයන්ට ම සීමා වූ අපොස්තුළු ධූරය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ශ්‍රී ලාංකිකයෙකුට ප්‍රධානය කිරීම නිසා, ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළු ලෙස පත් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය අපොස්තුළු ධූරය වසර 49 ක් සපුරණු ලැබීම නිල වශයෙන් 2024 පෙබ්‍රවාරි 24 වෙනි දින සමරණු ලැබුවේ, සිය අපොස්තුළු ධූරයේ පනස් වෙනි වසර හෙවත් ස්වර්ණ ජුබිලි වර්ෂය ද ආරම්භ කරමිනුයි.

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිරිත් පරිදි සිය 49 වන සංවත්සර මංගල මහා දිව්‍ය පූජාව ඔප්පු කරනු ලැබුවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුලයි. ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුමා සහ දර්ශණය වීමෙන් පත්කරනු ලැබූ ලොව දෙවන අපොස්තුළුතුමා පත්කිරීම සඳහා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වූයේ මෙම දර්ශණ දේව මැඳුර තුලයි. නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වාරයක් දර්ශණය වූයේ ද, එම දර්ශණයන් අතරින් සුවිශේෂී දර්ශණයක් වූ, නිර්මල කන්‍ය මරිය මාතාවෝ, ජේසු බිළිඳුන් සිය වම් හස්තයේ හොවාගෙන 1977 ජූලි මස 27 වෙනි දින, දස අට වෙනි වරට දර්ශණය වූයේ ද මෙම දර්ශණ දේව මන්දීරය තුලයි. ඒ බව සිහිගන්වමින්, දෙව් මවුන් ජේසු බිළිඳුන් සමගින් වැඩසිටින දෙව් මවුන්ගේ ප්‍රධාන ප්‍රතිමාව, අභියස දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දිව්‍ය පූජාව ඔප්පු කරනු ලැබුවා.

දර්ශණය වී පත්කරනු ලැබූ ලොව දෙවන අපොස්තුළුතුමා වූ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ව, එම පූජනීය වූ, ශුද්ධවත් වූ අපොස්තුළු තනතුරෙහි පිහිටුවාලීම පිණිස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැඩ සිටි ස්ථානය, උන්වහන්සේගේ පාද ස්පර්ෂ වූ මෙලොවේ පොළව කොටස ද, දර්ශණ දෙව්මැඳුර තුල ප්‍රධාන පූජාසනය අසලින් ම පිහිටා ඇති අතර, ඊටත් අමතරව, එම අවස්ථාවේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, වැඩ සිටි සළුව, තැන්පත් කර ඇත්තේ ද ප්‍රධාන පූජාසනය යට කොටසේ යි. මේ වන විට මෙම පූජනීය සළුවට ද අවුරුදු 49 ක් සම්පූර්ණව ඇති අතර, එහි මහාම පුදුමය වන්නේ, එම සළුව මත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ම පාද සලකුණු ලාංඡනය වී තිබීමයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී තෝරාගනු ලැබූ පළමුවන අපොස්තුළුතුමා වන, ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමාගේ මරණයෙන් අවුරුදු 1910කට පසුව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී තෝරාගනු ලැබූ දෙවන අපොස්තුළුතුමා වන, අදටත් ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ජීවත්වන, හෙවත් තවමත් ඝාතනයට ලක්නොවී සිටින, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, සිය අපොස්තුළු ධූරයේ 49 වන සංවත්සරය සමරණු ලැබීමත් සමගම තම අපොස්තුළු ධූරයේ 49 වසරක් ජීවත් වූ දෙවන අපොස්තුළුතුමා බවට ද උන්වහන්සේ පත් වුනා. සිය අපොස්තුළු ධූරයේ වසර 49 ක් සම්පූර්ණ කරනු ලැබූ පළමුවන අපොස්තුළුතුමා වූයේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව ජීවත්ව සිටිය දී තෝරාගනු ලැබූ දොළොස්දෙනා අතරින් කෙනෙකු වූ ශුද්ධෝත්තම ජුවාම් අපොස්තුළු තුමන්ය. උන්වහන්සේගේ මරණය සිදු වූයේ ක්‍රිස්තු වර්ෂ සියය ද ඉකුත් වීමෙන් පසුවයි.

November 14th, 2024

Posted In:

මෙලොව ජීවත් වූ සෑම අපොස්තුලුතුමෙකුම දේශනා කළේ කිසිම කිතුනු සභාවකට ආවේණික වූ ක්‍රිස්තු ධර්මයක් නොවේ. එය එදා ක්‍රිස්තුස් වහන්සේ මෙලොව වැඩ වසමින් දේශනා කළ සැබෑ ක්‍රිස්තු ධර්මයයි. එබැවින් අපොස්තුලුතුමෙකු මේ ලෝකයට පහදා දෙන ධර්මය සුවිශේෂීයි. මන්ද අපොස්තුලුතුමෙකු මේ ලෝකයට පහදා දෙන සෑම ධර්ම කරුණකම ඉතාමත් ගැඹුරු අර්ථයක් අන්තර්ගත වී පවතී. අපොස්තුලුතුමෙකු මේ ලෝකයට පහදා දෙන සෑම ධර්ම කරුණක් වෙනුවෙන්ම ක්‍රිස්තුස් වහන්සේ වෙත උන්වහන්සේලා වගකීමකින් බැඳී සිටින්නාහ.

එහෙත් අද වන විට සැබෑ ක්‍රිස්තු ධර්මය මේ ලෝකය තුළ වල් වැදී ඇත. මීට අවුරුදු දහස් ගණනකට පෙර ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකය තුළ ජීවමානව වැඩ සිටියත්, අද වන විට උන්වහන්සේ ස්වර්ගාරෝහණය වී ඇත. එබැවින් එදා උන්වහන්සේ දිවි හිමියෙන් දේශනා කළ සත්‍ය දහම් මඟ නැවතත් මෙලොව තුළ ජීවමාන කිරීමට අදහස් කරනවා නම්, නිසැකයෙන්ම උන්වහන්සේගේ අබිරහස් පිළිබඳ භාරකාරයෙකු වන එනම් ධර්මයෙහි ගැඹුරු තැන් සරල ලෙස පහදා දිය හැකි අපොස්තුලුතුමෙකු මෙලොවට පත් කළ යුතුමයි. මන්ද නිවැරදි ක්‍රිස්තු ධර්මය සත්‍ය ලෙස ලොවට පහදා දීමේ හැකියාවෙන් අපොස්තුලුතුමෙකු සන්නද්ධව සිටින නිසාය. ඒ බව ජේසුස් වහන්සේගේ වචනවලින්ම ශුද්ධවූ බයිබලයේ සඳහන් වන්නේ මෙසේය. ‛‛එවිට ශ්‍රාවකයෝ අවුත්, ඔබ වහන්සේ ඔවුන්ට උපමා මගින් කතා කරන්නේ මන්දැයි ඇසූහ. උන් වහන්සේ මෙසේ උත්තර දුන් සේක. ස්වර්ග රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත් ඔවුන්ට එසේ දී නැත.’’ (මතෙව් 13: 10-11)

එබැවින් අපොස්තුලුතුමෙකුට සත්‍ය ක්‍රිස්තු වචනය අබිරහස්වලින් තොරවම මේ සමාජයට පහදා දීමේ මනා හැකියාවක් පවතී. ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව මෙලොවට දර්ශනය වී පත්කළ පළමු අපොස්තුලුතුමන් වන ශුද්ධෝත්තම පාවුලු අපොස්තුලුතුමන් විසින් ඒ පිළිබඳව ශුද්ධ වූ බයිබලය තුළ මෙලෙස සඳහන් කරනු ලබයි. ‛‛ඔබ අප ගැන සිතිය යුත්තේ ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයන් ද දෙවියන් වහන්සේගේ අබිරහස් පිළිබඳ භාරකාරයන් ද හැටියට ය.’’ (1කොරෙත්ති 4:1)

ඒ වගේම අපොස්තුලුතුමෙකු මෙලොවට පහළ වීම අහම්බයෙන් සිදු වන දෙයක් නොවෙයි. එය ඉතාමත්ම දුර්ලභව සිදුවන සිදුවීමකි. අපොස්තුලුතුමෙකුගේ ප්‍රධානතම කාර්යය වන්නේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සත්‍ය දහම ලෝකයට පැහැදිලි කර දීම තුළින්, ලෝකයාට ස්වර්ගීය මාවත විවර කර දීමයි. එබැවින් අපොස්තුලුතුමෙකු යනු ලොවට පහළ වන මහා ධර්ම ගුරුවරයෙකි. ඒ වගේම අපොස්තුලුතුමෙකු යනු ක්‍රිස්තුස් වහන්සේ විසින්ම පත්කළ උන් වහන්සේගේ නියෝජිතයෙකි. අපොස්තුලුතුමෙකු කිසි විටකත් කුමන හෝ ආකාරයක කිතුනු සභාවක, කිතුනු ආගමික නායකයෙකු ඉදිරියේ දණ නොනමන අතර, අපොස්තුලුතුමෙකු කිසිම කිතුනු සභාවකට අයිති ධර්මයක් දේශනා කරන්නේද නැත. මන්ද අපොස්තුලුතුමෙකු එසේ කිසියම් කිතුනු සභාවක් නියෝජනය කළහොත් සැබවින්ම එය ක්‍රිස්තුස් වහන්සේට සිදු කරන නිග්‍රහයක් වන්නේය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවතත් මෙලොවට දර්ශනය වී පත් කළ දෙවන අපොස්තුලුතුමාණන් එනම්, දැනට ලොව ජීවත් වන එකම අපොස්තුලුතුමන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුලුතුමන්ද, වර්ෂ 1975 පෙබරවාරි 07 වන දින තමන් වහන්සේ කිසි විටකත් බලාපොරොත්තු නොවූ අන්දමින් ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය වීමත් සමගින් ලද උතුම් වූ අපොස්තුලුවරය නමැති දිව්‍යමය පත්වීමත් සමග, උන්වහන්සේ ද ක්‍රිස්තුස් වහන්සේගේ සත්‍ය දහම් මඟ ලෝකයට පහදා දීමට ආරම්භ කළසේක. උන්වහන්සේ ලද මේ අපොස්තුලුවරය නම් වූ දිව්‍යමය පත් වීම ඇත්තෙන්ම නිවැරදි ධර්ම මාර්ගය සොයන බොහෝ කිතුනුවන් වෙත, සත්‍ය දහම් මග අවබෝධය සඳහා වූ, අව්‍යාජ දිව්‍යමය සැලැස්මක ප්‍රතිඵලයක් බව ප්‍රත්‍යක්ෂව ප්‍රකාශ කළ හැකිය. එය උන්වහන්සේ කිසිම මිනිස් ගුරුවරයකුගෙන් ඉගෙනගත් දහමක් නොව, ජේසුස් ස්වාමින් වහන්සේගෙන්ම අවබෝධ කරගත් දහම් ඉගැන්වීමයි. මන්ද සියලුම අපොස්තුලුතුමන්ලාගේ එකම ගුරුවරයා වන්නේ ජේසුස් ස්වාමින් වහන්සේම පමණකි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව ජීවමානව වැඩ වසන කාලයේදී මෙලොව ජීවත් වූ අපොස්තුලුතුමන්ලා මෙන්ම, ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව ද උන් වහන්සේ මෙලොවට දර්ශනය වී පත් කළ අපොස්තුලුතුමන්ලාගේ ජීවිතය දෙස බලන කලද, අපොස්තුලුතුමන්ලා ක්‍රිස්තුස් වහන්සේ කෙරෙන් පමණක් ධර්ම අවබෝධය ලබාගත් බව අපට පැහැදිලි ලෙස වටහා ගත හැකිය. විශේෂයෙන්ම ශුද්ධෝත්තම පාවුලු අපොස්තුලුතුමා මේ පිළිබඳව ශුද්ධවූ බයිබලයේ පැහැදිලිවම සඳහන් කරන කරුණක් වනුයේ, ශුද්ධෝත්තම පාවුලු අපොස්තුලුතුමන් වෙත ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වී පාවුලු තුමන් කිසිවිටකත් බලාපොරොත්තු නොවූ කැඳවීමක් ලද බවයි. මන්ද ශුද්ධෝත්තම පාවුලු අපොස්තුලුතුමා, එතුමන් ගත කළ ඒ පාපකාරී මිනීමරු ජීවිත ගමන් මග ක්ෂණිකයකින් වෙනස් කර, අපොස්තුලු පදවිය නමැති උතුම් වූ දිව්‍යමය පත්වීමෙන් ක්‍රිස්තුස් වහන්සේ එතුමන්ව අභිෂේක කිරීමට පෙර, ක්‍රිස්තුස් වහන්සේගේ දහම පිළිබඳ පාවුලු අපොස්තුලුතුමන් තුළ කිසිම පැහැදීමක් නොතිබූ බවයි. එහි තේරුම ඇත්තෙන්ම ශුද්ධෝත්තම පාවුලු අපොස්තුලුතුමා, අපොස්තුලුවරය ලැබීමට පෙර ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය ගැන කිසිත් නොදැන සිටි බවයි. එහෙත් ශුද්ධෝත්තම පාවුලු අපොස්තුලුතුමන් අපොස්තුලුවරයට පත්වීමෙන් පසුව, එතුමන් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය ඉගෙන ගත්තේ කිසිම මනුෂ්‍යයෙකුගෙන් නොවන බවත්, ඒ දහම් මඟ ගැඹුරු ලෙස සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්තේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ම පමණක් බවත්, එතුමන්ගේ ලිපිවල සඳහන් කර ඇත. මෙහිදී පුදුමයට කාරණය වන්නේ ශුද්ධෝත්තම පාවුලු අපොස්තුලුතුමන්ව, අපොස්තුලුතුමෙකු ලෙස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට දර්ශනය වී පත්කළේ, ජේසුස් ස්වාමින් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙනුත් පසුව වීමයි. එසේනම් ශුද්ධ වූ පාවුලු අපොස්තුලුතුමන් ධර්මය ඉගෙන ගත්තේ කෙසේද? ඒ ගැන ශුද්ධ වූ පාවුලු අපොස්තුලුතුමා ශුද්ධවූ බයිබලයේ මෙලෙස සඳහන් කර ඇත. ‛‛සහෝදරවරුනි මා දේශනා කරන සුබ අස්න මිනිසුන් විසින් නිපදවන ලද්දක් නොවන බව මම ඔබට දන්වමි. මම එය කිසි මිනිසකුගෙන් නොලැබූවෙමි. කිසිවෙකු මට එය ඉගැන්නුවේත් නැත. එය මට හෙළි කළේ ක්‍රිස්තුස් වහන්සේ ම ය.’’(ගලාති 1:11-13)

ඒ වගේම ශුද්ධෝත්තම පාවුලු අපොස්තුලුතුමන්ව, අපොස්තුලු වරයට පත් කිරීම ඉතාමත්ම සුවිශේෂී සිද්ධියකි. මෙය ශුද්ධ වූ බයිබලයේ සඳහන් වන ජේසුස් වහන්සේ විසින් සිදුකළ දැවැන්ත පෙරළියක් බව, කිතුනුවන් විසින් පිළිගත යුතුම කරුණකි. මන්ද ශුද්ධෝත්තම පාවුලු අපොස්තුලුතුමන්ව, අපොස්තුලුවරයට පත්කළේ පාවුලු අපොස්තුලුතුමන්, දමස්කස් නුවර බලා ගමන් කරන අතරතුරදී, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේම, එතුමන් ඉදිරියේ දර්ශනය වීම තුළින්ය. එම සිදුවීම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව, මෙලොවට උන්වහන්සේගේ දිව්‍යමය ශරීරයෙන් දර්ශනය වී පත් කරන ලද පළමුවන අපොස්තලික අභිෂේකයයි.

ඒ වගේම ශුද්ධෝත්තම පාවුලු අපොස්තුලුතුමන්ගේ ලිපි තුළ දැකිය හැකි තවත් විශේෂිත ලක්ෂණයක් වන්නේ, එතුමන් ඉතාමත් ගැඹුරු ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ දහම් කරුණු විග්‍රහ කර ඇති ආකාරයයි. මෙතරම් වූ ධර්ම ඥානයක් ශුද්ධෝත්තම පාවුලු අපොස්තුලුතුමන් තම අපොස්තුලු දිවිය තුළ ලබා ගත්තේ, ජීවමාන ජේසුස් ස්වාමීන් වහන්සේ තුළින්ම පමණක් බව උන්වහන්සේ විසින්ම උන්වහන්සේගේ ලිපි තුළ ප්‍රකාශ කිරීම මත, අපොස්තුලුතුමෙකුගේ ධර්ම ගුරුවරයා ජේසුස් වහන්සේම පමණක් බව ප්‍රත්‍යක්ෂ ලෙස වටහා ගැනීමට ඇති හොඳම නිදසුනක් ලෙස දැක්විය හැකිය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසු උන්වහන්සේ නැවතත් මේ ලෝකයේ ශ්‍රී ලංකාවට වර්ෂ 1975 පෙබරවාරි 07 වන දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය තුළ දර්ශනය වී ඇත. ඒ නැවත වරක් අපොස්තුලුතුමෙකු මේ ලෝකයට පත් කර තවත් මහා දැවැන්ත පෙරළියක් කිරීමට උන්වහන්සේ ක්‍රියා කළ නිසාය. එනම් වල් වැදී ඇති උන් වහන්සේගේ දහම් මග නැවතත් එළි පෙහෙළි කිරීමටයි. මේ දැවැන්ත පෙරළිය දෙස ගැඹුරු ලෙස අධ්‍යනය කල විට එය මහා දේව සැලැස්මක් අනුව සිදු වූ දෙයක් බව පැහැදිලිවම දැක ගත හැකිය. සියවස් ගණනාවක් තිස්සේ අපොස්තුලුතුමන්ලාගෙන් ශුන්‍යව පැවති මේ ලෝකය, සත්‍ය ක්‍රිස්තු වචනයෙන් ඈත් වී විවිධ වූ කිතුනු සභා ගුරුවරුන්ගේ අභිමත පරිදි, ධර්මය සංශෝධනය කර, පිවිතුරු කිතුනු දහම් මඟ අවහිර කර ඇති සමාජයක් අද වන විට බිහි වී ඇත. මෙවන් වූ කාලයක, මේ ලෝකයට නැවතත් අපොස්තුලුතුමෙකුගේ අවශ්‍යතාවය දැඩි ලෙස දැනෙන අවධියක් ඇතිවී ඇත්තේ, බොරුවෙන් මුළා වූ කිතුනුවන්ට නිවැරදි ක්‍රිස්තු දහම් මඟ පෙන්වාදීම සඳහායි. සියවස් ගණනාවකට පසුව මෙලොවට පහළ වූ මේ මහා ධර්ම ගුරුවරයාණන් වූ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුලුතුමන් උන්වහන්සේගේ අපොස්තුලුවරය තුළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දහම් මෙහෙවර මැනවින් ඉටු කරමින් සිටියි. අන්තවාදී කිතුනු විශ්වාසයන් තුළ අතරමං වී සිටින කිතුනුවන් වෙත, අතීතයේදී ලෝකයේ ජීවත් වූ අන් අපොස්තුලුවරුන් මෙන්ම අදටත් අප අතර ජීවත් වන්නාවූ අපොස්තුලුතුමා ද, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ම අවබෝධ කරගත් නිවැරදි ධර්ම මාර්ගයෙන් අප සැම පුරවාලන්නට නිරතුරුවම කටයුතු කරයි. ලෝකයේ ජීවත් වූ සියලුම අපොස්තුලුතුමන්ලා මෙන් ම අද අප අතරම ජීවමානව ම වැඩවසන මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුලුතුමාණෝ ද ජේසුස් වහන්සේගේ සත්‍ය ධර්මය ඉගෙන ගත්තේ කිසිදු මනුෂ්‍යයෙකුගෙන් නොව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ම පමණක් වන නිසාවෙන්, උන්වහන්සේ දේශනා කරන ධර්මය කිසිදු කිතුනු සභාවකට අයිති නොවන බව මේ ශුද්ධෝත්තම අපොස්තුලුතුමන්ගේ දහම් දෙසුම් තුළ දැකිය හැකි සුවිශේෂී කරුණකි. එබැවින් සියවස් ගණනාවකට පසුව මෙලොවට පත් වූ මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුලුතුමා සියලුම කිතුනු සභාවල උගන්වන ධර්ම රාමුන්ගෙන් පරිබාහිරව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් අසා දැනගත් සත්‍ය ධර්මය පමණක් ප්‍රකාශ කරන නිසා, ඒ ධර්මය කිසිදු සභාවකට අයිති නොවෙයි. ඒ දහම අයිති ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටම පමණකි. ඇත්තෙන්ම ජේසුස් වහන්සේ කිසිම කිතුනු සභාවකට අයිති නොවන අතරම ජේසුස් ස්වාමීන් වහන්සේ මෙලොවට දර්ශනය වී පත් කළ මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුලුතුමාණන්ද කිසිම කිතුනු සභාවකට අයිති නොවෙයි. උන්වහන්සේ දේශනා කරන්නේ ද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම සත්‍ය ධර්මයයි. බොරුවෙන් තම අනුගාමිකයන් මුළා කරන කිතුනු පූජා නායකයන්ට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුලුතුමන්ගේ දහම් මෙහෙවර මරු පහරක් වන අතර, ධර්මය තුළ අතරමංවී සිටින අහිංසක කිතුනු ජනතාවට විමුක්තියේ දහම් මඟ විවර කරවන සිසිල් දිය ධාරාවක්ම වන්නේය.

රංග ප්‍රසාද් පෙරේරා
ජාඇල

November 14th, 2024

Posted In:

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය අවුරුද්දේ එක දවසකට සීමා තල නොහැකි බවත්, උන්වහන්සේගේ උත්පත්තිය එක දවසකට සීමා කලත්, උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය එක දවසකට සීමා කල නොහැකි බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2020 අගෝස්තු 15 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ප්‍රකාශ කල සේක.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව ගත කල ජීවිතයේ අවසාන කොටස පැය කීපයකට සීමා කරලා, පැය කීපයකට ලගු කරලා දුක් වීම ක්‍රිස්තියාණිකම නොවන බවත් පැවසූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමෝ ක්‍රිස්තියාණිකම යනු ඊට වඩා එහා ගිය දෙයක් බව ද, උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය වසරේ දවස් තුන්සිය හැට පහේදී ම අප සිත් තුල රැදී පැවතිය යුතු බව ද පැවසූ සේක.

දිව්‍ය සත්ප්‍රසාදික ජේසු නැමැදීමේ සැදෑ මෙහෙය එදින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන අතර, දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි සැදැහැවතුන් මේ සදහා ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුල රැස්වී සිටියහ.

තව දුරටත් රැස්ව සිටි සැදැවතුන් අමතමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන් වහන්සේ වදාලේ, අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව ගත කල ජීවිතය පිළිබදව විශේෂයෙන් සලකා බලත් දී උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය පිළිබදව අප බොහෝ දුක් වන බවත්, අවුරුදු දෙදහසකටත් වැඩි කාලයකට පෙර සිදු වූ එම දුක් ප්‍රාප්තිය අවුරුදු පතා සිහිපත් කරන බවත්, ක්‍රිස්තුස් වහන්සේ යම්කිසි එකම එක සභාවකට අයත් නොවන නිසා විවිධ සභාවන්ට අයත් ක්‍රිස්තියාණීන් කල්වාරිය පිහිටා ඇති ජෙරුසලමට යන බවත්, උන්වහන්සේ මුළු ලෝකයටම, මුළු මිනිස් වර්ගයාට ම අයිති බැවින්, ක්‍රිස්තුස් වහන්සේ අයිති මට විතරයි, නැත්නම් අපේ සභාවට විතරයි, අපේ කල්ලියට විතරයි, අපේ කණ්ඩායමට විතරයි යනුවෙන් කිසිවෙකුටවත් පවසා ක්‍රිස්තුස් වහන්සේව අයිති කර ගත නොහැකි බවත්, ක්‍රිස්තුස් වහන්සේව සියල්ලන්ට ම අයිති බවත් ය.

පැයකට ආසන්න කාලයක් තම දේශණය පැවැත් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ, යම් පිරිසකට ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් යම් සංවිධානයක්, යම් සභාවක්, සමිතියක් පටන් ගත හැකි බවත් එය ගැටළුවක් නොවන නමුත් ක්‍රිස්තුස් වහන්සේව සියල්ලන්ට ම අයිති බව අමතක කල යුතු නැති අතර, ඒ බව අමතක කරනු ලැබුවහොත් එවැන්නෝ වැඩ වරද්දා ගන්නා අතර, ඇතැම් විට අමාරුවේ වැටෙන්නට ද ඉඩ ඇති බව පැවසූ සේක.

බෙත්ලෙහෙමේ දී ක්‍රිස්තුස් වහන්සේ උපත ලද ස්ථානය ලෙසින් සලකන ස්ථානයේ සවිකර ඇති ස්වර්ණමය තාරකාව අසල දී බොහෝ ක්‍රිස්තියාණින්ගේ මුහුණු නත්තල වගේම සතුටින් ආලෝකමත් වී ඇති බව ද, ඊට දින ගණනකට පසුව ජෙරුසලමට යන ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ දිවි පිදූ කල්වාරිය අසල දී දුක් බර මුහුණින් වැලපෙන අයුරු ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දුටු බවත්, බෙත්ලෙහෙම හෝ කල්වාරිය ශ්‍රී ලංකාවේ පිහිටා නැතත් ශ්‍රී ලංකාවේ ජීවත් වන ක්‍රිස්තියාණින් ද මෙලෙස ක්‍රියා කරන බවත්, නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන බවත්, එසේ කරනුයේ ඇයි ද කියා ප්‍රශ්ණ කල යුතු බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා වැඩි දුරටත් ප්‍රකාශ කල සේක.

දිව්‍ය සත්ප්‍රසාදික ජේසු නැමැදීමේ සැදෑ මෙහෙයේ දී, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේගෙන් ආශිර්වාදය දානය කිරීම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ දෝතින් සිදු වූ අතර, ඊට පෙර සැදැහැවතුන්, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට රතු පැහැති ඉටිපහන් දල්වා තැන්පත් කර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වෙත සිය ගෞරවය පුදනු ලැබීය.

ක්‍රිස්තුස් වහන්සේ හෝ අපොස්තුළුතුමෙක් හෝ ඕනෑම අධ්‍යාත්මික ගුරුතුමෙක් ජනතාවට ධර්මයෙන් මග පෙන්වා දෙන විට එය ඔරොත්තු දෙනුයේ ඥාණවන්තයන්ට පමණක් බව උදාහණයන් සහිතව මෙහිදී විස්තර කරනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, අධ්‍යාත්මික ගුරුවරයෙක් තමා පැවසූ කිසිදු ප්‍රකාශයක් වැරදීමකින් පැවසූ දෙයක් ලෙසින් පවසා ඉවත් කර නොගන්නා අතර, ආධ්‍යාත්මික ගුරුවරයෙක් හොද සිහි කල්පනාවෙන්, බුද්ධිමත්ව කතා කරන බවත්, ඔවුන් කතා කරන්නේ ඥාණවන්තයන්ට බවත්, එවිට ඒ ඥාණවන්තයන් බුද්ධිමත්ව කල්පනා කර ගැටළු ඇත්නම් ඒ ගැන විමසන අතර, ලොවට පහළ වන කිසිදු අධ්‍යාත්මික ගුරුතුමෙක්, ‛ඒවා අභිරහස්’ නැතහොත් ‛ඒවා අපට තේරුම් ගන්නට බැහැ’ වැනි පිළිතුරු දිය නොහැකි ලිස්සා යන ප්‍රකාශයන් නොකරන බවත් පැවසූ සේක.

2020 අගෝස්තු 15 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ දිව්‍ය සත්ප්‍රසාදික ජේසු නැමැදීමේ සැදෑ මෙහෙයේ අවස්ථාවන් කීපයක් මෙහි ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි

March 4th, 2021

Posted In:

අද සිදුවෙමින් පවතින මේ ව්‍යසනය සම්බන්ධව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කලේ 2012 නොවැම්බර් 21 වෙනිදා

මුළු පෘතුවියම බියට පත්කල කොරෝනා වෛරසය පිළිබඳව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2012 නොවැම්බර් 21 වෙනිදා කරනු ලැබූ ප්‍රකාශයක් සහ 2019 වසරේ දී උන්වහන්සේ කල දේශනා සහ ඉගැන්වීම් මගින් මෙවැනි භයානක වෛරසයකට ජනතාවගේ සෞඛ්‍යය ඉහළ නංවාලනු සඳහා ගතයුතු පියවර රැසක් කියාදෙමින් කරනු ලැබූ ප්‍රකාශයන් සම්පින්ඩනය කරමින්, අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා විසින් ලියනු ලැබූ ලිපියක් අන්තර් ජාලය වෙත මුදාහැර තිබුනා. මේ එම ලිපියයි.

කොවිඩ් නයින්ටීන් යනු මේ දිනවල පැතිරී යන දරුණු වෛරසයක්. මුළු පෘතුවියම බියෙන් ඇළලී ගොස්. මෙවැනි දරුණු ව්‍යසනයක් පිළිබදව අප අධ්‍යාත්මික ගුරුවරයාණන් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවේ 2012 නොවැම්බර් 21 වෙනි දිනයි. ඒ පිළිබදව පැහැදිලි විස්තරයක්, 2012 දෙසැම්බර්, ‛එඩේරා’ පුවත්පතේ, 4 වෙනි පිටුවේ පලකර ඇත. ‛මරිය හක්‍ෂ’ වෙබ් අඩවියේ ද මේ ගැන සදහන් වන අතර අප පුවත්පතේ (2012, දෙසැම්බර්) කලාපයේ පලවූ විස්තරය මෙහි වෙනම පලකර ඇත.

මෙම ව්‍යසනය සම්බන්ධව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා කියන්නට හේතු වූයේ තවත් කතාවක අතුරු කතාවක් ලෙසිනුයි. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ජර්මන් ජාතික මිතුරෙක් 2012 නොවැම්බර් 21 වෙනි බදාදා දින සවස උන්වහන්සේව සමුවීම සදහා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණියා. එම කාලයේ මුළු ලෝකයේම විශාල කතාබහක් ඇතිවී තිබුණා, 2012 දෙසැම්බර් මාසයේ 21 දින සිට දින තුනක් මුළු ලෝකයේම අන්ධකාරය පවතින බවත්, එම දෙසැම්බර් මාසයේ ලෝක විනාශය සිදුවන බවත්. අන්තර් ජාලයේ ද මේ පිළිබදව කරුණු පලවෙමින් තිබුණා. විදෙස් රටවල ද මෙය ප්‍රබල මාතෘකාවක් වී තිබුණා. ජර්මනියේ සිට පැමිණි මෙම ජර්මන් ජාතිකයාට ද මෙය විශාල ප්‍රහේලිකාවක් වී තිබුනා. ඔහු අභ්‍යවකාශතරණය සහ පිටසක්වල ජීවීන් පිළිබදව විශාල උනන්දුවක් දක්වන, ඒ ගැන විවිධ පර්යේෂණවල පවා නියැලෙන විද්වත් ජර්මන් ජාතිකයෙක්. ඔහු විටින් විට ශ්‍රී ලංකාවට පැමිණ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් සමග මෙවැනි කරුණු ගැන සාකච්ඡා කරනවා. ඒ සෑම සාකච්ඡාවකට ම සහභාගිවීමේ අවස්ථාව මටත් ලැබුණා.

මෙවැනිම සාකච්ඡාවක් අතර දී තමයි, මේ ජර්මන් ජාතිකයා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් අසනු ලැබුවේ, 2012 දෙසැම්බර් 21 වෙනි දින සිට දින තුනක කාලයක් මුළු ලෝකයටම අන්ධකාරය පැවතී දෙසැම්බර් මාසයෙන් ලෝකය අවසන් වන බවට ලොව පුරා පැතිරෙන කතාව සත්‍යක් ද කියලා.

එයට පිළිතුරු දීම ආරම්භ කරමින් මීට පෙර ද කියා ඇති ලෙසින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මුලින්ම පැවසුවේ, උන්වහන්සේ මේ ලෝකයට පැමිණියේ ලෝකයට අන්ධකාරය එන හැටි ගැන කියන්නවත්, ලෝකයේ අවසානය ගැන කියන්නවත් නොව මිනිසාගේ සිත සිල්වත් කර, මෙවැනි කරුණුවලට පමණක් නොව මරණයටවත් බිය නොවී මේ ජීවිත ගමන නිමා කල යුතු අයුරු පෙන්වා දෙමින් සැමගේ සිත් සන්සුන් කිරීමට බවයි.
එම අවස්ථාවේ තව දුරටත් අදහස් දැක්වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, ‛ආරම්භයේදීම ඇසූ ප්‍රශ්ණය නිසා මම කෙටි පිළිතුරක් දෙන්නම්’ යයි පවසා ප්‍රකාශ කරනු ලැබුවේ, ‛‛දෙසැම්බර් මාසයේ ලෝක විනාශයක් සිදු වෙන්නේ නැහැ. දින තුනක විශේෂ අන්ධකාරයක් ඇතිවෙන්නේත් නැහැ. සාමාන්‍යයෙන් හිරු බැස ගොස් අන්ධකාරය ඇතිවන වෙලාවට වෙනදා වගේම අන්ධකාර වෙයි’’ කියාය.

කිසිදු විමසීමකින් තොරවම ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ඒ සමගම මෙවැන්නක් ද එවේලේම ප්‍රකාශ කරනු ලැබුවා, ‛‛ලෝක විනාශය සිදු නොවූවත්, ඉදිරියේ දී බොහෝ දුෂ්කරතාවයන් ලෝකයට ඇති වෙනවා. නොයෙක් ආකාරයේ ලෙඩ රෝග ගැන අසන්නට ලැබෙනවා. දැනටමත් නොයෙක් රෝග තියෙනවා. ඒවාට මිනිසුන් විසින් නම් යොදලා තියනවා. උදාහරණ ලෙස කියනවා නම්, ඩෙංගු, පිටගැස්ම, මැලේරියාව ඔය වගේ මිනිසා විසින් නම් යොදපු විවිධ රෝග තියනවා. තවම නමක් යොදා නැති, අළුතෙන්ම නම් කල යුතු, අළුත් රෝග ලෝකය පුරා ව්‍යාප්ත වෙනවා. අහසින් සහ පොළොවින් ඇතිවන විපත් මගින් ලෝකය පුරා මිනිසුන් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, කණ්ඩායම් පිටින් මරණයට පත් වෙනවා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ කියලා කිව්වට මිනිස්සු අහන්නේ නැහැනේ. මිනිස්සු අහන්න කැමති නම් කොච්චර දේවල් කියලා දෙන්න පුළුවන්ද? ක්‍රිස්තුස් වහන්සේ ලෝකයේ ඇවිදලා කියලා දුන්න කාලේ ඇහැව්වද, නැහැ. අහනවා තියා කියන්න දුන්නේත් නැහැ. මේ ලෝකයෙන් එලවලා දැම්මා, ඒ කියන්නේ් මරලම දැම්මා. ඉතින් මට මොනවා නොකියයිද?’’

මේ අවස්ථාවේ ලෝකයේ ජීවත්වන අපි කවුරුත් ලොකු ව්‍යසනයකට මුහුණ දී සිටින මොහොතක්. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා එදා 2012 නොවැම්බර් 21 දින සවස ප්‍රකාශ කල ලෙසින්ම අළුත් ම රෝගයක් ලෝකය පුරාම පැතිරී තිබෙනවා. ඇත්තටම උන්වහන්සේ එදා පැවසූ අයුරින්ම මෙය අළුතින් ම නම් කල යුතු රෝගයක් බවට පත් වුනා. ඒ නිසාම නමක් යොදා නොමැති මෙම රෝගය ‛කොවිඩ් නයින්ටීන්’ ලෙස මිනිසා නම් කර තිබෙනවා. මේ රෝගයේ ප්‍රතිඵලයක් ලෙසින් ඉදිරියේ දී මුළු ලෝකයටම බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වෙනවා. ලෝකය පුරා මිනිසුන් එක්කෙනෙක් දෙන්නෙක් නොවෙයි කණ්ඩායම් ලෙසින් මරණයට පත්වෙමින් සිටිනවා.

තව දුරටත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා එදා 2012 නොවැම්බර් 21 වෙනි දා සවස අර ජර්මන් ජාතිකයාට කල ප්‍රකාශය අපි කවුරුත් ගැඹුරින් සිතීම අවශ්‍යයයි. ‛‛ඉතින් ඇයි මෙහෙම වෙන්නේ කියලා කිව්වට මිනිස්සු අහන්නේ නැහැනේ. මිනිස්සු අහන්න කැමති නම් කොච්චර දේවල් කියලා දෙන්න පුළුවන්ද? ක්‍රිස්තුස් වහන්සේ ලෝකයේ ඇවිදලා කියලා දුන්න කාලේ ඇහැව්වද, නැහැ. අහනවා තියා කියන්න දුන්නේත් නැහැ. මේ ලෝකයෙන් එලවලා දැම්මා, ඒ කියන්නේ් මරලම දැම්මා. ඉතින් මට මොනවා නොකියයිද?’’ උන්වහන්සේ ප්‍රකාශ කලා.

අද මුළු ලෝකයම දෙවියන් වහන්සේ කෙනෙක් ගැන ප්‍රශ්ණ කරනවා. දෙවියන්වහන්සේ ඉන්නවානම් මෙහෙම වෙයි ද කියලා මිනිස්සු අද හිනා වෙනවා. ,ඨදා ්ෙසක, කියලා, ඒ කියන්නේ, දෙවියන් අසමත් කියලා මිනිස්සු කියනවා. ,ඔයැරු සි බද ඨදා, කියලත් මිනිස්සු කියනවා. ඒ කියන්නේ දෙවි කෙනෙක් නැහැ කියලා, මිනිස්සු කියනවා.

ඔවු දෙවියන් ලෝකයට මිනිසෙක් එවා තියෙනවා. ඒ මිනිසා කියනවා, ‛‛ඉතින් ඇයි මෙහෙම වෙන්නේ කියලා කිව්වට මිනිස්සු අහන්නේ නැහැනේ. මිනිස්සු අහන්න කැමති නම් කොච්චර දේවල් කියලා දෙන්න පුළුවන්ද?’’ කියලා. ඒ මිනිසා අද ලෝකයට පහල වී සිටින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් වහන්සේයි. උන්වහන්සේ අපට බොහෝ දේ පවසා තිබෙනවා, මාසික රැස්වීම් මගින් උන්වහන්සේ බොහෝ දේ පවසා තිබෙනවා. පැය ගණන් සිදු කල ධර්ම දේශනා මගින් අපට උගන්වා ඇති දේ බොහෝමයි. සෑම ධර්ම දේශණයක් අවසානයේ තවත් පැයක් දෙකක් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා බොහෝම දේ කියා දුන්නා. උන්වහන්සේගේ මේ ඉගැන්වීම්වලට ඕනෑම අයෙකුට පැමිණ සහභාගි විය හැකිව තිබුනා. ඉතින් අහන්න කැමති මිනිස්සු පැමිණියා, ඔවුන් බොහෝ දේ ඉගෙන ගත්තා.

අද මිනිසුන්ට ප්‍රශ්ණයක් වී ඇති ‛දෙවියන් වහන්සේ’ සහ ‛සොබා දහම’ පිළිබද පුළුල් විග්‍රහයන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ඉගැන්වීම්වල තිබුණා. උන්වහන්සේ දේශනා කලේ ‛ආගම’ නොව ‛ධර්මය’යි. ඒ නිසාම උන්වහන්සේට සවන් දුන් මා ඇතුළු අප සියල්ලෝ ම අද මේ ව්‍යසනකාරී අවස්ථාවේ උන්වහන්සේ පවසා ඇති වදන් සිහිපත් කරනවා. ජීවිතයත් මරණයත් අතර අප ගත කරන ජීවිතයේ අනතුරුදායක තත්වයන් පමණක් නොව මරණයෙන් පසු ජීවිතය පිළිබදව ද, අප කල පාපයන්ට අපට වන්දි ගෙවීමට සිදුවන ආකාරය ද ඇතැම් විට සමූහ ලෙසින් වන්දි ගෙවීමට සිදුවන ආකාරය ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමා අපට කල පැහැදිලි කිරීම් මේ මහා ව්‍යසනයේ දී අපට සිහිපත් වෙනවා.

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ඉගැන්වීම් උන්වහන්සේගේම අවබෝධයයි. ඒ තුල තිබුනේ ආගම නොව ධර්මයි. කාටත් පොදු ධර්මයයි. එය අද සත්‍ය වී තිබෙනවා. විශේෂයෙන් රෝමාණු කතෝලික පූජකවරුන් උන්වහන්සේගේ ඉගැන්වීම්වලට සවන් දීම සදහා තම රෝමානු කතෝලිකයන් සහභාගි වීමෙන් වලක්වනු ලැබුවා. උන්වහන්සේ පිළිබදව සම්පූර්ණ අසත්‍ය දේ ප්‍රචාරය කලා. අද ඔවුන්ගේ දෙවියන් වහන්සේ අභියෝගයට ලක් වී තිබෙනවා.

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව නිවැරදිව හදුනාගත්, තේරුම්ගත් බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් තමයි, අපවත් වී වදාල අභිධජ මහා රට්ඨගුරු, අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක හාමුදුරුවෝ. මේ මහා නායක හාමුදුරුවෝ අවිවාදයෙන්ම ලංකාවේ පමණක් නොව ලෝකයේ ම බුද්ධාගමේ ප්‍රධානියෙක්ව, මූලිකයෙක්ව කටයුතු කල අධ්‍යාත්මික නායකයෙක්. සිංහලෙන් ඉංග්‍රීසියෙන් සහ තවත් විවිධ භාෂාවන්ගෙන් පොත් ගණනාවක් ලියා ඇති උන්වහන්සේ පුළුල් මහා දැනුම් සම්භාරයක් ඇතිව සිටියහ. එංගලන්තයේ ජනතාවට රූපවාහිනී මාධ්‍යයෙන් බුදු දහම දේශනා කල උන්වහන්සේව වරක් බ්‍රිතාන්‍ය ගුවන් විදුලියෙන් :ඊඊක්‍* ලෝකයට හදුන්වා දුන්නේ ‛‛චරිතය හා උගත්කම අතින් පුද්ගලයෙකු තෝරා ගන්නවා නම් ‛මෙන්න සුදුස්සා’ යනුවෙන් බව බළන්ගොඩ මහා නා හිමි සබැදි කතා ග්‍රන්ථයේ සදහන් වෙනවා. යම් පුද්ගලයෙකුව දුටු පමනින් එම පුද්ගලයාගේ ඇතුලාන්තය සහ ධර්ම ශක්තිය පිළිබදව හදුනා ගැනීමේ විශේෂ ශක්තියක් ඇතිව සිටි උන්වහන්සේ දිනක් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව දුටු සැනින් හදුනාගත්තේ ලොවට පහල වූ අධ්‍යාත්මික බලයක් සහිත උතුම් ගුරුවරයෙකු ලෙසින්ය. ඒ පළමු හමුවේ සිට අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක හිමිපාණන් සහ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් අතර මිත්‍රත්වය, මහා නායක මාහිමිපාණන් අපවත් වන තුරුම පැවතුනි. ඒ ගැන කිව හැකි දේ බොහෝය. මහා නායක මාහිමිපාණන්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් පිළිබදව බොහෝ දේ ලියා තිබෙනවා. එයින් ස්වල්පයක් ඇතුලත් කර ඬඬශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් පිළිබඳව බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මාහිමිපාණන්ගේ අදහස්ඬඬ යනුවෙන් මා විසින් පොතක් ලියා පලකර ඇත්තේ ද ඒවා සමාජයට වටිනා පණිවිඩ නිසාත්, අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක මාහිමිපාණන් වැනි දාර්ශණිකයෙක් විසින් ලොවට හදුන්වා දුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා වැනි අධ්‍යාත්මික නායකයකුගේ ඉගැන්වීම් මිනිස් ජීවීන්ට මෙම ජීවිත කාලයේ දී වැදගත් නිසයි.

අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක මාහිමිපාණන් 1994 පෙබ්‍රවාරි 8 වෙනි දින උන්වහන්සේගේම අත්අකුරින් ලියා ඇති සටහනක් මෙන්න මේ ලෙසිනුයි.

‛‛අති ගෞරවනීය ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා විසින් පවත්වන ලද, කර්මය සහ පුනර්භවය පිළිබඳව වූ දේශනය මම ඇසුවෙමි. මෙම ගෞරවනීය පියතුමා, ඬඬමනොකායඬඬ මාර්ගයෙන් ඉහළ ලෝකවල (උදාහරණය: ඉහළ දිව්‍යමය ලෝකවල) සංචාරය කළ බව මම දැන ගතිමි. එය ඉතා වැදගත් විස්තරයකි. එතුමා ඉහළ ලෝකවල සිදුකරණු ලබන සංචාර පිළිබඳ වැඩිදුර අත්දැකීම් අසා දැනගැනීමට මම බලාපොරොත්තුවෙන් සිටිමි.’’

මෙය ඉතාමත් වැදගත් සටහනක්. අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක මාහිමිපාණන් වැනි උතුම් ධර්ම ඥානයක් හිමි මහා නායක හිමි නමකගේ මේ සටහන උන්වහන්සේගේ අත්අකුරින්ම මා විසින් රචිත ග්‍රන්ථයෙහි මා ඇතුලත් කර තිබෙනවා. මහා නායක මාහිමිපාණන්, මරණයෙන් පසු ජීවිතය පිළිබදව, අපට නොපෙනෙන ලෝකය පිළිබදව බොහෝ පර්යේෂණ කල මහා නායක හිමි නමක්. මරණයෙන් පසු ජීවිතය පිළිබදව ද, අපට නොපෙනෙන ලෝකය පිළිබදව ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ද මහා දැනුම් සම්බාරයක් සහ අනගි අවබෝධතා ඥානයක් හිමිව සිටින උත්තමයෙක්. එවැනි උත්තමයෙකුගේ ඉහළ ලෝකවල සංචාරයන් පිළිබදව වැදගත් විස්තර අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක මාහිමිපාණන් වැනි එම විෂය පිළිබදව හසල ඥානයක් හිමි මාහිමිපාණන් අතර කෙරුන සාකච්ඡාවන් කෙතරම් උසස් මට්ටමක පවතින්නට ඇති දැ යි අප වැනි සාමාන්‍ය පෘතග්ජන මිනිස් ජීවීන්ට සිතා ගැනීමටවත් නොහැකියි.

අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක මාහිමිපාණන්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් පිළිබදව ලියා ඇති ලේඛණවල සදහන් ඉහළ දිව්‍යමය ලෝකවල සංචාරයන් පිළිබද සටහනක් මා මෙහි ඇතුලත් කලේ කිසියම් හේතුවක් ඇතිවයි. එනම්,

මෙම ලිපිය මා ආරම්භ කලේ, වර්තමානයේ ලොවට ම සිදු වී ඇති මහා ව්‍යසනය පිළිබදව වර්ෂ 2012 නොවැම්බර් 21 වෙනි දින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින් උන්වහන්සේ හමුවට පැමිණි ජර්මන් ජාතිකයෙකුට පැවසූ අයුරු විස්තර කිරීම සදහායි. එම ජර්මන් ජාතිකයා අභ්‍යවකාශතරණය සහ පිටසක්වල ජීවීන් පිළිබදව විශාල උනන්දුවක් දක්වන, ඒ ගැන විවිධ පර්යේෂණවල පවා නියැලෙන විද්වත් ජර්මන් ජාතිකයෙක් බව ද මා සදහන් කරනු ලැබුවා. ඔහු අවුරුද්දකට දෙවතාවක් පමණ ශ්‍රී ලංකාවට පැමිණ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ව සමුවී සාකච්ඡා පැවැත්වීම කරනු ලැබුවා. ඉහළ දිව්‍යමය ලෝකවල සංචාරයන් කර, බළන්ගොඩ මහා නායක මාහිමිපාණන්ට පවා වැදගත් වන විස්තරයන් ලබා දුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වැනි අධ්‍යාත්මික නායකයකුගෙන්, වෙනත් ග්‍රහලෝක, පිටසක්වල ජීවීන් පිළිබදව ගවේෂණය කරනු ලබන ජර්මන් ජාතිකයාට කොතරම් දේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් ලැබෙන්නට ඇති ද, ලබා ගන්නට ඇති ද කියා ඔබට ම සිතා බැලීම සදහායි මෙම ඉහළ දිව්‍යමය ලෝකවල සංචාරයන් පිළිබද විස්තරය මා මෙහි ඇතුලත් කරනු ලැබුවේ.
අද ඇති වී තිබෙන මේ මහා ව්‍යසනය සම්බන්ධව 2012 නොවැම්බර් 21 වෙනි දින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවත්, පසුගිය (2019) වසරේ දී බොහෝ විට උන්වහන්සේගේ දේශණයන්වල දී, අප ශරීර රෝගවලට ඔරොත්තු දෙන ආකාරයෙන් පත්වා ගතයුතු බව ප්‍රකාශ කලා. ‛සෞඛ්‍ය පාඩම’ යනුවෙන් නම් කල කාලසීමාවක් වෙනම වෙන්කර බොහෝ සෞඛ්‍ය උපදෙස් දෙනු ලැබූ අයුරු, උන්වහන්සේගේ ඉගැන්වීම්වලට සවන් දීමට පැමිණි පිංවත් පිරිසට මතක ඇති. උන්වහන්සේ නිතරම කතා කලේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීම පිළිබදවයි. ඉතා නුදුරේ දී ම මෙවැනි අවශ්‍යතාවයක් ඇතිවිය හැකි බැවින්, විවිධ රෙස්ට්‍යුරන්ට්වලින් ආහාර ගැනීමෙන් වලකින ලෙසත්, එම ආහාරවලට යොදන කෘතිම රසකාරක නිසා මිනිස් ජීවියාගේ ශරීරයේ තිබිය යුතුම ප්‍රතිශක්තිය විනාශ වන බවත්, ස්වභාවික රසකාරකයන් වන රම්පේ, කරපිංච, කොත්තමල්ලි, කහ ආදිය යොදා ගෙවල්වලම කෑම පිසීම සිදුකරන ලෙසත් ඉල්ලා සිටියා.

මට මතකයි, තවත් දවසක ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සැමව සිනහ ගන්වමින් මෙහෙම කිව්වා. ගෙවල්වල වැඩිපුරම විෂබීජ නිෂ්පාදනය කරන ස්ථාන දෙකක් ඇති බවත්, ගෙදර කුස්සිය සහ වැසිකිලිය එම ස්ථාන දෙක බවත් පැවසූ උන්වහන්සේ එම ස්ථාන දෙක ශරීර සෞඛ්‍යයට අහිතකර අන්දමින් පවත්වාගෙන යන අයුරු පැහැදිලි කරමින් කියා සිටියේ එයට හේතුව ගෙදර උදවියගේ නොසැලකිල්ල සහ කම්මැලිකම බවයි. තවදුරටත් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ, බොහෝවිට වැසිකිලිය තුල ඇති :ිසබන* සින්ක්එක විෂබීජ පතුරවන ප්‍රධාන උපකරණයක් බව පැහැදිලි කලා. නිවසේ සියල්ලෝම එයින් මුහුණ, අත් සෝදන බවත් සමහර විට නිවසට පැමිණි අමුත්තෙක් වූව ද එලෙසින් පාවිච්චි කරන බවත්, නමුත් එය පිරිසිදු කිරීම බොහෝ නිවෙස්වල සිදුවන්නේ කලාතුරකින් බවත්, දිනපතා නොව ගෙදර වාසය කරන සැම දෙනෙක් ම, එක්වරක් පාවිච්චි කල පසු අනෙකා පාව්චිචි කිරීමට පෙර විෂබීජ නාශක දියරයකින් සේදිය යුතු බවත් කියමින් කුඩා ස්පොන්ච් කැබැල්ලකින් ඉතා පහසුවෙන් එය සිදුකල හැකි අයුරු ද පැහැදිලි කලා. ඊට සවන් දුන් බොහෝ දෙනෙක් එදා සිට එය ආරම්භ කල බව මම පුද්ගලීකව දන්නවා. අද මෙම ව්‍යසනකාරී අවස්ථාවට උන්වහන්සේ කල්තියා ජනතාව සූදානම් කල බවක් දැන් තමයි මට සිතෙන්නේ. උන්වහන්සේට සවන් දුන් බොහෝදෙනෙක් පසුගිය වසරේ සිට උන්වහන්සේ දුන් සෞඛ්‍ය අවවාද ගැන දැන් කතා කරනවා.

තවත් දිනයක ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ජංගම දුරකථනයන් ගැන පැහැදිලි කරනු ලැබුවා. ගමනක් යන විට, ඔබ වාහනය පදවන්නෙක් නොවේ නම් ජංගම දුරකථනය දෙස බලාගෙන, එය ඔබ ඔබා ගමන් කරන්නේ නැතිව, අහස දෙස, වළාකුළු දෙස, අවට ගස් දෙස, අව්ව සහ වැස්ස දෙස වැනි සොබා දහමේ අසිරිය දෙස බලන ලෙසත්, සොබා දහම තුලින් අපට ඉගෙනගත හැකි බොහෝ දේ ඇති බවත් පැවසූ උන්වහන්සේ අපව රැකගන්නා පරිසරය අප විසින් ආරක්ෂා කිරීමේ පළමු පියවර පරිසරය හොදින් නිරීක්ෂණය කිරීම බවත්, අපි පරිසරය ආරක්ෂා නොකලහොත් සොබාදහමේ දඩුවම අප මතට පැමිණීම වැලැක්විය නොහැකි බවත්, සමහර විට එය වැඩි ඈතක නොවන බවත් පවසනු ලැබුවා. ජංගම දුරකථන ගැන ශුද්ධෝත්තම අපොස්තුළුතුමා එදින තවත් කරුණක් පවසනු ලැබුවා. අද තිබෙන කට දක්වාම දිග ජංගම දුරකථනය විෂබීජ ගබඩාවක් බව පැවසූ උන්වහන්සේ, මීට කාලයකට පෙර තිබූ කුඩා ජංගම දුරකථනයට වඩා, දැන් ඇති කට දක්වාම දිග ජංගම දුරකථනය, බෝවෙන රෝගයන් බෙදාහරින උපකරණයක් ලෙස හදුන්වනු ලැබුවා. පාවිච්චියට කුඩා ජංගම දුරකථනයක් තබාගෙන, අවශ්‍යයම නම්, කට දක්වා දිග ජංගම දුරකථනයක් පුද්ගලීක පාවිච්චිය සදහා වෙනම ම තබාගන්නා ලෙස පැහැදිලි කර දුන් අතර, වෙනත් අයෙකුගේ ජංගම දුරකථනය සුළු මොහොතකට හෝ අප ඉල්ලාගෙන පාවිච්චි කිරීම, වෙනත් අයෙක් කිවිසුමක් සදහා පාවිච්චි කල ඔහුගේ ලේන්සුව ඉල්ලාගෙන, ඊටම අපිත් කිවිසුමක් යවා ඔහුට බාරදීමක් ලෙස හදුන්වනු ලැබුවේ, තවත් බොහෝ උදාහරණයන් ඉදිරිපත් කරමිනුයි. මෙවැනි යහපත් සෞඛ්‍ය පුරුදුවලට ඉතා ඉක්මනින්ම හුරුවන ලෙස ඉල්ලා සිටි ශුද්ධෝත්තම අපොස්තුළුතුමා එසේ නොකලහොත් උන්වහන්සේගේ මේ සෞඛ්‍යය පාඩම ඉතා ඉක්මනින් ම මතක්වනු ඇතැයි ද ප්‍රකාශ කලා. මගේ මතකයේ හැටියට මේ ඉගැන්වීම උන්වහන්සේ කරනු ලැබුවේ, 2019 ඔක්තෝබර් 27 වෙනි දින සවසයි.

2019 වර්ෂය ආරම්භයේ දී ම තේවල අගය කියා දුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, ශ්‍රී ලංකාවේ වැවෙන තේ වල ඇති ප්‍රතිශක්ති අගය පැහැදිලි කලා. ඒ 2019 පෙබ්‍රවාරි 24 වෙනිදා සවස යි. දිනපතා උණුවෙන් තේ කෝප්ප දෙකක්වත්, සීනි නැතිව පාවිච්චි කරන ලෙසත් පැවසූ උන්වහන්සේ මේ සදහා ලෝබ නොවී බාල තේ රොඩු වැනි බාල වර්ගයේ තේ කොල නොව, මිළ තරමක් අධික වූවත්, උසස් වර්ගයේ තේ කොළ පාවිච්චි කරන ලෙසත් පවසනු ලැබුවා. යහපත් සෞඛ්‍යය වෙනුවෙන් එය යහපත් ආයෝජනයක් බව පැවසනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා එදින සිට සෑම මාසයකට වරක් ම උන්වහන්සේගේ ඉගැන්වීම් දැනගැනීම සදහා පැමිණෙන බැතිමතුන් අතරින් කුසපත් ඇදීමේ ක්‍රමයට පස්දෙනෙකුව තෝරාගෙන, උන්වහන්සේගේ පුද්ගලීක මුදලින් උසස් වර්ගයේ තේකොල පාර්සල් පහක් බෙදාදීම ආරම්භ කල අතර, එය තවමත් සිදු වෙනවා. තේ පානය කිරීමේ අගය මේ ව්‍යසනයේ දී හෙලිදරව් වෙත් දී අප කාටත් මතක් වුනේ අපේ අපොස්තුළුතුමාගේ සෞඛ්‍ය පාඩමයි.

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ගැන ලියන්නට ඇති දේ කියන්නට ඇති දේ බොහෝමයි. ඊටත් වඩා මේ කොවිඩ් නයින්ටීන් නමැති මරණීය වෛරසය පැතිරී යන මේ ව්‍යසනකාරී කාලයේ උන්වහන්සේ ගැන, උන්වහන්සේ කල්තියා පැවසූ බොහෝ දේ ගැන, සිතන්නට ඇති දේ විශාලයි. උන්වහන්සේට සවන් දුන් අපට මේ සියළු දේ සිහිවෙත් දී අපට උන්වහන්සේ ගැන පුදුමයක් ඇතිවන්නේ නැහැ. හේතුව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා යනු මේ මහා විශ්වයට ම පහළ වූ අධ්‍යාත්මික නායකයෙක් බව අපි පිංවත් බොහෝ දෙනෙක් පැහැදිලිව තේරුම් ගෙන ඇති බැවිනුයි.

විශ්ව නීතිය, මේ සොබා දහම මිනිස් ජීවියා වෙත වූ අප්‍රමාණ කරුණාවකින්, මිනිසාට යහමග පෙන්වා දීමට මේ පෘතුවියට එවනු ලැබූ අධ්‍යාත්මික ගුරුතුමාණන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාව, අපවත් වී වදාල අභිධජ මහා රට්ඨගුරු, අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක මාහිමිපාණන් වැනි උතුම් අධ්‍යාත්මික ඥානයක් හිමි උත්තමයෙක් විසින් නිවැරදිව හදුනාගෙන සිය අත් අකුරින් ම ලියා ලොවට හදුන්වා දුන්න ද, පිනක් නැති මිනිසුන් මිරිගුව පසුපස දුවන මුවන් සේ විනාශය කරා ම දුවයන අයුරු දැන් පැහැදිලිය. මෝඩකමෙන්, උඩගුවෙන් මුලා වී සිටින මිනිසුන්ට මේ ව්‍යසන කාලය, සියල්ලකින් වෙන්වී තනිවම සිතන්නට ලැබී ඇති පරීක්ෂණ කාලයක් ලෙසයි මට සිතෙන්නේ. මේ පරීක්ෂණයෙන් සමත්වීම හෝ අසමත්වීම මිනිසාගේ නිවැරදි චින්තනය අනුව සිදු වෙයි.

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා යනු ආගමීක නායකයකු නොව අධ්‍යාත්මික නායකයෙක් වන අතර අධ්‍යාත්මික නායකයකු ලොවට ලැබෙන්නේ පින පව දෙකේ වෙනස, යහපත අයහපත දෙකේ වෙනස, හොද නරක දෙකේ වෙනස පැහැදිලි කර දෙමින් අධ්‍යාත්මික විමුක්තිය සදහා මග පෙන්වීමටයි. එවැනි අධ්‍යාත්මික නායකයකු මිනිසාට මග පෙන්වා දෙනවා මිසක, අධ්‍යාත්මික විමුක්තිය වෙත අතින් ඇදගෙන යන්නේ නැහැ. ආගම නොව ධර්මය දේශනා කරමින් මෙලොවටත් එලොවටත් යහපත් මාර්ගය පෙන්වනවා පමණයි. එයින් ප්‍රයෝජන ගැනීමේ වගකීම මිනිස් ජීවියා සතුයි.

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සමග විනාඩියක් කතා කිරීම පැයක් පාසලක සිටියා වගෙයි. විනාඩි පහක් කතා කිරීම පැය පහක් පාසලක සිටියා වගෙයි. අප ජීවිත කාලය තුල ඉගෙන ගත යුතු, නමුත් අප නොදන්නා බොහෝ දේ උන්වහන්සේගෙන් ඉගෙන ගැනීමට ඇත. ඒ විවෘත හදවත් ඇති පිංවත් මිනිසුන් වෙනුවෙනුයි. දෙමාපියන් විසින් කිසිදා ඉගෙනගෙන නැති, කිසිදා දරුවන්ට උගන්වන්ට නොහැකිවන, නමුත් දරුවන්ට ඉගැන්විය යුතු, දෙමාපියන් ද ඉගෙන ගත යුතු බොහෝ දේ මේ විශ්වය තුල, මේ සොබා දහම තුල ඇති බව ඇසෙන්නේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ඉගැන්වීම්වලට, ධර්ම දේශණාවලට සවන් දෙන විට දී යි.

 

මනෝජ් චින්තක,
අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක.
2020 අප්‍රියල් 04

 

(02) 2012 දෙසැම්බර්, ‛එඩේරා’ පුවත්පතේ, 4 වෙනි පිටුවේ පල වූ මේ හා සබැදි පුවත

August 12th, 2020

Posted In:

අපි ලමයෙකුගෙන් ඇසුවොත් කාට ද ගෞරවය කල යුතු කියලා පිළිතුරු ගණනාවක් දෙයි, අම්මට, තාත්තට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, ඔය ආදී වශයෙන්. නමුත් ලමයි දන්නෙ නෑ, තමන් පළමුවෙන්ම ගරු කල යුත්තේ තමන්ටයි කියලා. ආත්ම ගෞරවය කියන්නේ එයටයි. සැම දෙනෙකුටම වගේ ලමයින්ටත් ආත්ම ගෞරවයක් ඇති බව දරුවන්ට උගන්වන්න. එම ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්නවානම් බොහෝ දුරට ගැටළු ඇතිවන්නේ නැහැ. ඔබේ දරුවන්ට ආත්ම ගෞරවය උගන්වන්නේ නැත්නම් අද සමාජයේ සිද්ධවෙන දේවල්, අපට අහන්න ලැබෙන දේවල්, තරුණ පාසැල් සිසුන් සහ සිසුවියන් අතරේ මේ සිද්ධවෙන දේවල් වෙන්නේ නැතුව තියෙයිද? තවත් කෙනෙකුට ගරු කිරීමට ඔබගේ දරුවන්ට වටහා දිය යුත්තේ, තමා තමාටම ගෞරව කිරීමේ වැදගත්කම, එනම් තම ආත්ම ගෞරවය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ඔබේ දරුවන්ට වටහා දීමෙන් පසුවයි.

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙම අවවාදාත්මක වදන් ප්‍රකාශ කරනු ලැබුවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී දෙමාපියන් කණ්ඩායමක් අමතමිනුයි. ඒ 2020 ජූනි 28 වෙනි ඉරුදින සවසයි.

කොවිඩ් නියින්ටීන් වසංගතය නිසා කාලයක් වසා දැමුන පාසල් යළි විවෘත කිරීම හේතුවෙන්, දීර්ඝ කාලයක් නිවසට ම වී කාලය ගත කල සිසු දරුවන්ගේ මානසික තත්වය පිළිබදව පූර්ණ වැටහීමකින් යුතුව දෙමාපියන් කටයුතු කිරීමේ වගකීම පැහැදිලි කර දීම සදහා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙම රැස්වීම කැදවා තිබුනේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට අයත් දෙමාපියන් කණ්ඩායමක් සදහායි.

දෙමාපියන් අමතමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, නිසි සෞබ්‍ය තත්වයන් ආරක්ෂාවන පරිදි දරුවන්ව පාසල් යැවීම පිළිබදව ද, සෞඛ්‍ය සම්පන්න ආහාර දරුවන්ට ලබාදීම පිළිබදව ද කරුණු කාරණා රැසක් පැහැදිළි කරදෙනු ලැබුවා.

කිසිවෙකුත් කෙරෙහි විශ්වාසය නොතබා, තමාගේ චරිතය ආරක්ෂා වන ලෙසින් ජීවත්වීම පිළිබදව ද තම තරුණ දරුවන්ට වටහා දෙන ලෙසත්, නිරතුරු දරුවන් සමග ඉවසීමෙන් යුතුව කතාබස් කරමින් ඔවුන්ගේ අදහස්වලට බුද්ධිමත්ව සවන්දිය යුතු බවත් මේ වන විට තරුණ සිසුන් මත් ද්‍රව්‍ය භාවිතය වැනි විවිධ අපචාරයන්ට ගොදුරු වී සිටින අතර තවත් තරුණ සිසුන් මේවාට ක්‍රමයෙන් ලගාවෙමින් සිටින අයුරු ද පැහැදිළි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් දෙමාපියන්ට කියා සිටියේ තරුණ සිසුන් පමණක් නොව තරුණ සිසුවියන් ද ක්‍රමයෙන් මේවාට ඇබ්බැහිවෙමින් සිටින අයුරු දීර්ඝව කරුණු ගෙනහැර දක්වමින්.

සෑම දරුවෙක්ම තම ජීවිතයේ ළමා කාලයේ සිට අවුරුදු 13ක් පමණ අධ්‍යාපන කටයුතු සදහා පූර්ණව යොමුකරවිය යුතු බවත්, ඇතැම් දෙමාපියන් තම දරුවන් අධ්‍යාපනයට යොමුවිය යුතු කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාමට ද අනුභල දෙන බවත්, අධ්‍යාපනය ලැබීම සහ ආදරය පිදීම එකට එක්ව ගමන් නොකරන බවත්, බොහෝ විට සිදුවන්නේ ආදරය පිදීම පෙරමුණ ගෙන අධ්‍යාපනය කඩාකප්පල් වීම බවත් පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, විවිධ සිදුවීම් රැසක් උදාහරණයට ගනිමින් පවසා සිටියේ, කිමිදෙන්නට කලින් පිහිනන්නට දැනගෙන සිටිය යුතු බැවින් ආදර සම්බන්ධතා ආරම්භ කරන්නට කලින් අධ්‍යාපන කටයුතු අවසන් කල යුතු බවයි.

අධ්‍යාපනය ලබන ඔබගේ තරුණ දරුවන්ට, තම ඉදිරි ජීවිතය සදහා තමන්ට ගැලපෙන සහකරුවා හෝ සහකාරිය තෝරාගැනීමට තරම් පැසුණ බුද්ධියක් ඇතැයි දෙමාපියන් සිතනවා දැ යි ප්‍රශ්ණ කල ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, තමන්ට ලැබී ඇති දරුවන් යම් කාල සීමාවකට තම භාරයට පත් වී ඇති දරුවන් බවත්, ඔවුන්ව රැකබලාගෙන මගපෙන්වීම දෙමාපියන්ගේ වගකීම බැවින් එම වගකීම නිසි අයුරින් මෙලොව දී ඉටුකල යුතු බවත් පෙන්වා දුන්නේ අධ්‍යාත්මික කරුණු රැසක් ද සමගයි.

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා. වැඩිදුර නොසිතා කරනු ලබන මෙම දීමේ ක්‍රියාව අවසන් වන්නේ දෙමාපියන්ගේ ඇස්වලට කදුළුත් හදවතට වේදනාවත් එක්කාසු කරමින් බව ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවේ, විවිධ උදාහරණයන් ද සමගයි.

පැය දෙකහමාරකට ආසන්න කාලයක් ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ රැදෙමින් දෙමාපියන් හමුවේ කරුණු කාරණා රැසක් පැහැදිලි කරමින් කරණු ලැබූ අවවාදාත්මක කතාව පිළිබදව දෙමාපියන් කිහිප දෙනෙක්ම කතා කරමින් කියා සිටියේ, මෙම වටහාදීම් සහ අවවාදයන්ට ද, දෙමාපිය වගකීම් පිළිබදව කරනු ලැබූ පැහැදිලි කිරීම් වලට ද අප ශූද්ධෝත්තම අපොස්තුළුතුමන්ට ස්තූතිවන්ත වන බවත්, හදවතින්ම ප්‍රශංසා කරන බවත් ය. ඇතැම් දෙමාපියන් කතා කරනු ලැබුවේ කදුළු සලමින්ය. එයට හේතු වූයේ දෙමාපිය වගකීම් පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සිත්ගන්නා සුළු කාරුණික පැහැදිළි කිරීම්ය.

තමන්ම ඔළුවට දමාගත් අසභ්‍ය සංස්කෘතියකට වහල් වෙමින් පාපයට ඇද වැටීම නිසා අත්වන දරුණු විපාකයන් ගැන පැහැදිළි කරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පවසනු ලැබුවේ, මෙම කරුණු කාරණාවන් පිළිබදව නිසි සැලකිල්ලක් නොදක්වා දෙමාපියන් සහ වැඩිහිටියන් තම දරුවන්ට නිදහසේ මේ අසභ්‍ය සංස්කෘතිය තුල ජීවත්වන්නට ඉඩ දී සිටීම ද දෙමාපියන් විසින් තම දරුවන්ව පාපයට යොමු කරවනු ලැබීමේ සහ එමගින් තම දරුවන්ව පාපයට පොළඹවනු ලැබීමේ පාපය සදහා විශාල දඩුවමක් ලැබීමට සුදුසු වෙන බවයි.

August 11th, 2020

Posted In:

ඔබේ ජීවිතයේ ඉතාමත්ම සුන්දර දවසට අවුරුදු 26 ක් සම්පූර්ණ වෙන මොහොත කියල මම කිව්වොත් හරිද…. වැරදි ද……?

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙවැනි ප්‍රශ්ණයක් නගමින් සිය දේශනයට මුල පුරනු ලැබුවේ, 2020 ජනවාරි 25 වෙනි දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව් මැදුර තුල පවත්වනු ලැබූ දිව්‍ය පූජාවේ දී යි. මීගමුව, මුන්නක්කරයේ, වෙනේරියස් ප්‍රනාන්දු මහතා සහ සෙල්වින් ප්‍රනාන්දු මහත්මිය වෙනුවෙන් මෙම දිව්‍ය පූජාව පවත්වනු ලැබූ අතර, ඊට හේතුව වූයේ ඔවුන් දෙපල සිය විවාහ දිවියේ වසර 26ක් සම්පූර්ණ කරනු ලැබීමයි.

ඔබේ ජීවිතයේ ඉතාමත්ම සුන්දර දවසට අවුරුදු 26 ක් සම්පූර්ණ වෙන මොහොතේ කියල මම කිව්වොත් හරිද…. වැරදි ද……? යනුවෙන් සිය දේශණය ආරම්භ කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, උන්වහන්සේ ම ඊට පිළිතුර සපයමින් කියා සිටියේ, එය ‛වැරදි’ බවයි. එයට හේතුව ද විස්තර කරමින් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ, ඔවුන්ගේ ජීවිතයේ සුන්දර ම දිනය අවුරුදු 26කට පෙර ඔවුන් විවාහ වූ දිනය නොව, අවුරුදු 26 කට පසුව, විවාහ සංවත්සරය සමරණු ලබන මෙම දිනය බවයි.

1994 ජනවාරි 27 වෙනි දින වෙනීරියස් සහ සෙල්වින් යුවල විවාහ දිවියට ඇතුලත් වූයේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැරණි දර්ශණ දෙව්මැදුරේදීයි. එදින විවාහ මංගල දිව්‍ය පූජාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් විසින් පවත්වනු ලැබූ අතර, 2020 ජනවාරි 27 වෙනි දිනයට ඔවුන්ගේ විවාහ දිවියට විසිහය වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් තුති පිදීමේ දිව්‍ය පූජාව 2020 ජනවාරි 25 වෙනි දින සිදු කරනු ලැබූ අතර, විසි හය වසරක් ඇවෑමෙන් තුති පිදීමේ මංගල පූජාව ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් විසින්ම සිදු කිරීම විශේෂත්වයක්.

තවදුරටත් දිව්‍ය පූජා මෙහෙයේ දේශණය පවත්වමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙම යුවල අමතා මෙලෙසින් ද පවසනු ලැබුවා.

විවාහ දිනය සුන්දර දිනය වෙන්න පුළුවන්. නමුත් ඒ සුන්දරකම, සමහර විවාහවල පසුවදාම ඉවරයි. විවාහ දිනයට විවිධ සැරසිලි කරලා, බෝහෝ දෙනෙකුට ආරාධනා කරලා, බොහෝම සුන්දර ලෙස විවාහ ජීවිතය පටන් ගන්නවා. නමුත් කී දෙනාටද 26 වෙනි අවුරුද්ද සමරන්ඩ පුළුවන් වුනේ? එහෙමනම් අවුරුදු 26 කට පෙර ඔබේ ජීවිතයේ ඒ සුන්දර දවසේ, ඉතාමත්ම සුන්දර දවස තමයි විවාහයේ පළමු වෙනි සංවත්සරය. සමහර අයට ඒ පළමුවන සංවත්සරයවත් සමරා ගන්නට ලැබෙන්නේ නැහැ. පළමුවන සංවත්සරයෙන් පසුව, විවාහයේ ඉතාමත්ම, ඉතාමත්ම, සුන්දර දවස තමයි දෙවැනි සංවත්සරය. එහෙනම් විවාහයේ, ‛ඉතාමත්ම, වැඩි කිරීම 25’ තමයි ගිය අවුරුද්ද. ‛විවාහයේ ඉතාමත්ම, වැඩි කිරීම 26’ තමයි අද. මේ 26 වෙනි සංවත්සරය. ඒ නිසා මේ 26 වෙනි අවුරුද්ද බොහොම සුන්දරයි. විවාහයේ ‛ඉතාමත්ම, වැඩි කිරීම 27’ තවත් සුන්දරයි. ඒ ලබන අවුරුද්ද. බොහෝම දෙනෙකුට ඔය වෙනකොට, විවාහ වුන දිනය ‛අපි දෙන්නා එකට සමරමු’ කියලා සමරන්ඩ ලැබෙන්නේ නැහැ.

දරු තිදෙනෙකුගේ දෙමාපියන් බවට පත්වී සිටින වෙනීරියස් සහ සෙල්වින් යුවල වෙනුවෙන් දෙවිදුන්ට තුති පිදීමේ දිව්‍ය පූජාවේ දී, අළුත්ම කාලිස් පාත්‍රයක් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට පූජා පඩුරු ලෙස ඔවුන් පිළිගැන් වූ අතර, මෙම දිව්‍ය පූජාවේ දී උන්වහන්සේ පාවිච්චි කරනු ලැබුවේ එම කාලිස් පාත්‍රයයි.

තම විවාහ ජීවිතයේ 26 වෙනි සංවත්සරය සැමරීම සදහා තම දරු තිදෙනා ද සමගින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැදුර තුල පනවා තිබූ විශේෂ අසුන් මත සිටි වෙනීරියස් ප්‍රනාන්දු සහ සෙල්වින් ප්‍රනාන්දු යුවල අමතා වැඩිදුරටත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙසේ ද පවසනු ලැබුවා.

‛‛එහෙමනම් විවාහයේ සුන්දරම සංවත්සරය යෙදෙන්නේ කවදාටද? එහෙම දවසක් තියෙනවා. ඒ තමයි ඔබ දෙපලගෙන් එක්කෙනෙක් කවදහරි මිය යන දිනයට පෙර උදාවෙන සංවත්සරය. ඔබ දෙදෙනා එකට එක්ව මේ ස්ථානයේ, මගේ මේ අතින් ආශිර්වාද ලබලා, අවුරුදු 26 කට කලින් විවාහ ජීවිතය පටන් අරගෙන අද දරු තුන් දෙනෙකුත් එක්ක මෙතනට ඇවිල්ලා මේ අවස්ථාව සමරනවා. මේක බොහොම සුන්දර අවස්ථාවක් තමයි. ‛සුන්දර වැඩි කිරීම 26.’ නමුත් ඔබ දෙදෙනා යම් දවසක වෙන් විය යුතුයි. මේ ලෝකයේ සෑම දෙයකින් ම, සෑම කෙනෙකුගෙන් ම, අපි සැම දෙනෙක්ම වෙන්වෙන දිනයක් එනවා. මටත් එනවා, ඔබ දෙපලටත් එනවා. ඔබ දෙදෙනාත් යම් දවසක, ඒ වෙන්වෙන දවස, මරණයෙන් කෙළවර වෙන දවස, ඒ දවසට පෙර ඔබට එන සංවත්සරය තෙක්, සියළු විවාහ සංවත්සරයන් ඔබට සමරන්නට ලැබුනහොත්, ඔබේ විවාහ ජීවිතය සාර්ථකයි. මම දන්න තරමින් නොවෙයි, මම හොඳටම දන්නවා ඔබ දෙපල පළමුවෙනි විවාහ සංවත්සරය සිට ම සමරණු ලැබුවා. එහි සැගවුනු අර්ථය ඔබ දෙපලගේ බැදීමයි. සමහර අයට තමුන් විවාහ වෙච්ච දිනයවත් මතක නැහැ. ඒක වැළලී ගිහිල්ලා. සංවත්සරයක් තියා අපි දෙන්නා විවාහ උනේ අද නේ ද කියලවත් මතකයක් නැහැ. ආ මේ ගිය සතියේ නේ ද අපි දෙන්නගේ විවාහ වෙච්ච දවස කියලවත් මතක නැහැ.’’

මීගමුව, මුන්නක්කරයේ, වෙනේරියස් ප්‍රනාන්දු මහතා සහ සෙල්වින් ප්‍රනාන්දු මහත්මියගේ විවාහ ජීවිතයේ 26 වෙනි සංවත්සරය සමරා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල, 2020 ජනවාරි 25 වෙනි දින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ තුති පිදීමේ දිව්‍ය පූජාව අවස්ථාවේ දී, එම යුවල සිය දරු තිදෙනා ද සමගින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත කාලිස් පාත්‍රයක් පුද කරනු ලැබූ අවස්ථාවයි ඉහත ඡායාරූපයෙන් පෙනෙන්නේ

March 14th, 2020

Posted In:

පසුගිය අප්‍රියල් 29 වෙනි දා සවස ඒ අසරණ මව සය මාසයක් වයසැති සිය එකම දරු පැටියා ද සමගින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත මහනුවර සිට ගියේ එදින කටුනායක මහා හාස්කම් සිද්ධස්ථානයේ පැවැත්වුන නිර්මල දේව මාතාවන්ට ඔටුණු පැළඳවීමේ දේව මෙහෙයට සහභාගි වී, තම කිරි කැටි බිළිඳා වෙනුවෙන් දෙව් මවුන් වෙත විශේෂ ඉල්ලීමක් ද ඉල්ලීම සඳහායි. ඇය එදින තම ඉල්ලීම දෙව් මවුන් වෙත යොමු කර බලා සිටියේ නැහැ. නොනවත්වාම ඇය එතුමියට කන්නලව් කලා. අප්‍රියල් 29 වෙනි දිනට පසුවත් ඇය මහනුවර සිට දුර මග ගෙවාගෙන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ හාස්කම්පාන නිර්මල දේව මාතා වහන්සේ වෙත ගියා. සිද්ධස්ථාන භූමියට ඇතුළු වී, සිද්ධස්ථාන භූමියේ දකුණු පස ස්ථාපිත කර ඇති දෙව් මවුන් සමග ජේසු බිළිඳු ප්‍රතිමාව පාමුල සිට තම වේදනාව දෙව් මවුන් වෙත කිව්වා. ඇයට නිර්මල කන්‍ය මරිය තුමී පිළිතුරු දුන්නේ ඇයව පුදුමයෙනුත් පුදුමයට පත් කරවමිනුයි. ඇයගේ කතාව අප සියල්ලන්වම ද පුදුමයට පත් කරවයි.

 

මහනුවර, මහයියාවේ, නිමල්කා දේවින්දි ආරියසිංහ මහත්මියගේ ඒ පුදුම කතාවට ඔබගේ දෑසට කදුළු උනනවා, සහතිකයි. සම්පූර්ණ කතාව පහතින් කියවන්න.

 

 

මගේ එකම පුංචි දරු පැටියට වයස මාස 5 යි. ඉපදිලා සතියක් යන තුරු මගෙන් හොදට කිරි බිව්වා. ඊට පස්සේ කොහොමටවත් මගෙන් කිරි බිව්වේ නැහැ. වෛද්‍යවරු කිව්වෙ දරුවට කොහොම හරි මව් කිරි දීම අනිවාර්ය බවයි. නැත්නම් දරුවාගේ වර්ධනයට එය සම්පූර්ණයෙන්ම බලපාන බවයි. කොහොමහරි දරුවව මව් කිරි වලට හුරු කරගන්න තුරු දෙන්න පිටි කිරි වර්ගයක් නියම කලා. නමුත් එය නිවැරදි සාර්ථක විසදුම නොවන බව ද වෛද්‍යවරයා කිව්වා. විශ්ෂඥ වෛද්‍ය වරයෙකු ලගටත් ගිහිල්ලා මේ බව කිව්වා. ඔහු කිව්වේ මවු කිරි නොබීමෙන් දරුවාගේ මොලයේ වර්ධනයට දැඩි ලෙස බලපෑම් එල්ල විය හැකි නිසා අනිවාර්යයෙන්ම මව් කිරි දීම සිදුකල යුතු බවයි. එම විශේෂඥ වෛද්‍යවරයා මේ සදහා මට පුංචි උපායක් කිව්වා. පුංචි පුතාට හොදටම බඩගිනි උනාම, සීනි ටිකක් දිය කල වතුර ටිකක් තන පුඩුවල ගාලා දරුවට මවු කිරි පුරුදු කරන්න කිව්වා. නමුත් ඒ ක්‍රමය හරි ගියේත් නැහැ. මේ අතර දරුවට නිතරම හෙම්බිරිස්සාව හැදෙන්නත් පටන් ගත්තා. ඔක්කොමල්ලම කිව්වේ මේ කාලයට මව් කිරි වලින් ලැබිය යුතු පෝෂණය නොලැබෙන නිසා කියලා. එක එක පල්ලි ගානෙ සුව මෙහෙයන් වලටත් දරුවව අරගෙන ගියා. නමුත් මගේ දරු පැටියා මවු කිරි බිව්වේ නැහැ. හැමදාම මොකක් හරි අසනීපයක්. දවසක් අපේ අල්ලපු ගෙදර ඉන්න, මට ගොඩක් හිතවත් මිතුරියක් අප්‍රියල් 29 වෙනිදා තිබුණු කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැවැත්වුන දේව අම්මාට ඔටුණු පැළඳවීමේ මංගල්ලය ගැන කිව්වා. මමත් අන්තර් ජාලයෙන් බැලුවා. ඒ තිබුන විස්තර අනුව මම අප්‍රියල් 29 සෙනසුරාදා උදේ මගේ එකම ඉල්ලීම ලෙස කොලයක මගේ ඉල්ලීම ලිව්වා. ‛‛ජේසු අම්මේ ඔබ තුමියත් අම්මා කෙනෙක්. මගේ එකම දරු පැටියා මගෙන් කිරි බොන්නේ නැහැ. ඔබ තුමිය මගේ දරුවට කියන්න මගෙන් කිරි බොන්න කියලා.’’ මෙන්න මේ ටික ලියාගෙන අප්‍රියල් 29 වෙනිදා මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට යනකොට සවස 5.30 ට විතර ඇති. අනේ ලොකු සෙනගක්. මගේ දරුවවත් තුරුල් කරගෙන කොහොමහරි හරිම අමාරුවෙන් සිද්ධස්ථාන භූමියට ඇතුළු උනා. මිනිස්සු තෙරපෙනවා. මම කොහොමහරි දරුවව හොදට තුරුළු කරගෙන ඒ සෙනග අතරෙ හිරවෙලා හිටියා. දේව මෑණියන්ට ඔටුණු පැළදවීමේ අවස්ථාවට පස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දේව මෑණියන්ට කියන විශේෂ යාච්ඤාව ආරම්භ කිරීමට පෙර අපගේ එකම ඉල්ලීම ලියපු පත්‍රිකා දකුණු අතට ගන්ඩ කිව්වා. මම වම් අතින් දරුවව පපුවට තුරුළු කරගෙන, මම ගෙදරින් ලියාගෙන ආපු පත්‍රිකාව දකුණු අතට ගත්තා. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා යාච්ඤාව ආරම්භ කෙරුවා. ඒ අතර නිහඩව අපගේ ඉල්ලීම් ඉල්ලන්නත් උන්වහන්සේ අපට කෙටි වෙලාවක් ලබා දුන්නා. අපගේ ඉල්ලීම් වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා අපට ආශිර්වාද කලා. උන්වහන්සේව දකිත්දී මට හිතුනා, ජේසුවත්, දේව මෑණියන්වත් ඇස් දෙකෙන් දැක්ක කෙනෙක් නේද මේ කියලා. යාච්ඤාව අවසානයේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා කිව්ව විදිහට බොහොම අමාරුවෙන් තෙරපි තෙරපී ඉදිරියට ගිහිල්ලා, නිල් මැණික් රත්තරන් ඔටුන්න පළදවපු දේව මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරියේ පෙට්ටියට මගේ ඉල්ලීම දැම්මා. මගේ ඉල්ලීම දාලා අත ගන්නවාත් එක්කම චූටි පුතා අඩන්න පටන් ගත්තා. එච්චර වෙලා, සෙනග තෙරපෙද්දීත්, කිසිම කරදරයක් නොකර හිටපු මගේ දරු පැටියට හොදටම බඩගිනි වෙලා කියලා මට තේරුනා. සියළු කටයුතු අවසාන නිසා මම දරුවවත් අරගෙන සිද්ධස්ථාන භූමියෙන් පිටත තරමක් දුරින් නවත්වලා තිබුණ අපේ වාහනයට ඉක්මනින් ගිහිල්ලා කිරි දෙන්න පටන් ගත්තා. මම ආරක්ෂිතව බෝතලයට පිටි කිරි සාදාගෙන ගිහිල්ලා තිබුණත්, මගේ හිතේ විශ්වාසය නිසා මගේම කිරි දෙන්න බැලුවා. පුදුමයි ඉපදිලා සතියක් පමණක් මගෙන් කිරි බීලා මාස හයක් මවු කිරි බිව්ව නැති මගේ චූටි පුතා හොදට බඩ පිරෙන්න මගෙන් කිරි බිව්වා. මගේ ඇස් වලින් කදුළු ගැලුවා. දරුවා කිරි බිව්වට පස්සේ මම ආයෙත් සිද්ධස්ථානයට ගිහිල්ලා දේව මෑණියන්ට ස්තූති කරලා ආපසු නුවර එන්න පිටත් වුනා. මාස හයකට පස්සේ හොදට බඩ පිරෙන්න මවු කිරි බීලා අපි නුවර එනකල්ම පුතා හොදට නිදා ගත්තා. පසුවදා (අප්‍රියල් 30 වෙනිදා) උදේ පුංචි පුතාට මවු කිරි දෙන්න උත්සහ කෙරුවත් පුතා බිව්වෙම නැහැ. එදා දවසෙම මවු කිරි බිව්වෙ නැහැ. ආයෙත් පිටි කිරි තමයි දුන්නේ. ඊට පසුවදා (මැයි 1 වෙනිදා) ත්, පුතා මවු කිරි බිව්වෙ නැහැ. එදාත් පිටි කිරි දුන්නා. මට ලොකු දුකක් ඇති උනා. නමුත් මම හිතුවා මට දේව මෑණියෝ පිහිට වෙනවාමයි කියලා. එතුමිය මට පිහිට වෙන්න කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ බලාගෙන ඉන්නවා කියලා මගේ හිත මට කියන්න පටන් ගත්තා. ඒ නිසා මම මැයි 2 වෙනිදා ආයෙත් මගේ චූටි පුතාවත් තුරුළු කරගෙන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ගියා. සිද්ධස්ථාන භූමියේ තැන්පත් කර තියන, ජේසු බිළිදු වඩවාගෙන සිටින දේව මෑණියන්ගේ ප්‍රතිමාව පාමුල වාඩිවෙලා, අප්‍රියල් 29 වෙනිදා මම ලියාගෙන ගිය වැකිය කියවමින් යාච්ඤා කරලා, ජපමාලයත් කියලා සිද්ධස්ථාන භූමියෙන් එලියට ආවා. එලියට ආපු ගමන්ම එදා අප්‍රියල් 29 වෙනිදා වගේම චූටි පුතා අඩන්න පටන් ගත්තා. මමත් එදා වගේම ඉක්මනින්ම වාහනයට නැගලා, මම ගෙදරින් හදාගෙන ගිය කිරි දෙන්නේ නැතුව, මම ම කිරි දෙන්න පටන් ගත්තා. හොඳට බඩ පිරෙනකම් උර උරා කිරි බිව්වා. අනේ මට හරි දුකක් ඇති උනා. මම ආයෙත් සිද්ධස්ථාන භූමියට ගිහිල්ලා දේව මෑණියන්ට පුතාව පෙන්නලා ස්තූති කරලා නුවර ආවා. ඒ උනත් ගෙදර ආවට පස්සේ චූටි පුතා මගෙන් මවු කිරි බිව්වේ නැහැ. මේක මට තේරුම් ගන්න බැරි ගැටළුවක් උනා. අපේ ගෙදර මොකක් හරි දෝෂයක් ද කියලත් මට හිතුනා. ඊට පස්සේ දිගටම කොච්චර උත්සහ කෙරුවත් පුතා මවු කිරි බිව්වේ නැහැ. නැවතත් මැයි 4 වෙනිදා මම නුවර ඉදන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ගියා. පුරුදු විදහට සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත කර තියන, මරිය තුමී ජේසු බිළිදු වඩවාගෙන ඉන්න ප්‍රතිමාව පාමුල, අඹ ගහ අයිනේ වාඩිවෙලා දේව මෑණියන්ගේ ප්‍රතිමාව දිහා බලාගෙන මගේ දුක කිව්වා. අප්‍රියල් 29 වෙනිදා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ආශිර්වාද කරත් දී උඩට ඔසවපු කොල කැබැල්ලේ මම ලියපු වැකියම මම දේව මෑණියන්ගේ ප්‍රතිමාව දිහා බලාගෙන කිව්වා. ඒ වැකිය ටික වේලාවක් කියවත් දී මම දැක්කා දේව මෑණියන්ගේ ප්‍රතිමාව ක්‍රමයෙන් වෙනස් වෙනවා කියලා. මම හොදට බලාගෙන හිටියා. මම කියන ඉල්ලීම් වැකියට එතුමිය ‛හා හා’ කියන්නාක් වගේ යාන්තමට හිස වනනවා මම දැක්කා. මම ඇස් දෙක පිසදාගෙන ආයෙත් බැලුවා. ඒ විදිහටම දේව මෑණියන්ගේ ප්‍රතිමාව හිස සලනවා මම හොදටම දැක්කා. තත්පර ගනනයි එහෙම උනේ. නැවත දේව මෑණියන්ගේ ප්‍රතිමාව සාමාන්‍ය තත්වයට පත් උනා. මට ලොකු සතුටක් දැනුනා. මම හිතුවා මගේ ඉල්ලීම දේව මෑණියෝ මට දුන්නාම තමයි කියලා. ඒ එක්කම පුතා දගලන්න පටන් ගත්තා. දේව මෑණියන්ගේ ප්‍රතිමාව දිහා බලාගෙන ‛මම ඉක්මනට එන්නම් මෑණියනි’ කියලා පුතාවත් අරගෙන සිද්ධස්ථාන භූමියෙන් පිටවෙලා වාහනයට ගිහින් පුතාට මම ම මවු කිරි දුන්නා. හොදට බඩ පිරෙන්න පුතා මගෙන් කිරි බිව්වා. ඊට පස්සෙ මම ආයෙත් සිද්ධස්ථාන භූමියට ගිහිල්ලා දේව මෑණියන්ගේ ප්‍රතිමාව පාමුල වාඩිවෙලා මෑණියන්ට ස්තූති කෙරුවා. මගේ හිත කිව්වා මගේ ඉල්ලීම කටුනායක හාස්කම් සිද්ධස්ථානයේ වැඩ සිටින දේව මෑණියෝ ඉෂ්ඨ කෙරුවාමයි කියලා. ඊට පස්සෙ මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් පිටත් වෙලා නුවර එන්න ආවා. කඩුගන්නාව හරියේ දී චූටි පුතා නැවතත් මගෙන් කිරි බිව්වා. එයින් පස්සේ චූටි පුතාට පිටි කිරි දෙන්න සිද්ධ උනේම නැහැ. දැන් හොදට මගෙන් කිරි බොනවා. ඒ වගේම පුතාට උවමනා තරම් දෙන්න මට කිරිත් තිබෙනවා. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ නිර්මල මරිය තුමී ජීවමානවම වැඩ සිටිනවා. ඒක මට ස්ථීරයි. එතුමිය පවුකාර අපට පිහිට වෙන්නේ හරිම පුදුම විදිහට. මට පිහිට වූ ආකාරය මට ම පුදුමයි. අද මම මේ ලිපිය ලියන්නේ, මැයි 20 වෙනි දා. මරිය තුමී කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී හිස සලා මට සංඥා කලාට පස්සේ, එදා ඉදන් මගේ චූටි පුතා ඉපදිලා මාස හයකට පස්සේ දැන් හොදට මවු කිරි බොනවා. ඇත්තටම මරිය තුමී විසිතුන් වාරයක් දර්ශණය වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී මම දේව මෑණියන්ව අත්දැක්කා.

 

නිමල්කා දේවින්දි ආරියසිංහ

මහයියාව – මහනුවර

September 7th, 2019

Posted In:

දර්ශණ දෙව් මැඳුර තුල දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්ච මල් සුගන්ධය පැතිරෙත් දී ප්‍රතිමාවෙන් දිස් වූ අසිරිමත් ජීවමාන සලකුණු කැමරාවට හසුකර ගන්නා අන්දමයි මේ

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශන දෙව්මැදුර පුරා පසුගිය 27 ජූලි 2019 දින මහාම මහා ආශ්චර්යමත් අන්දමින් පිච්ච මල් සුවඳ විහිදුනි. එදින සවස 5.00 ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපෝස්තුළු උයනේ දේව මෑණියන්ගේ ජීවමාන සංඥා දක්වන ප්‍රතිමාව ඉදිරියේ හාස්කම් යාච්ඤාව ආරම්භ වීමට පෙර බැතිමතුන් විසින් ලබාගෙන තිබූ දර්ශණ ඉටි පහන් දර්ශන දෙව්මැදුර තුළට රැගෙන ගියේ එහි දෙව් මවුන් දර්ශනය වූ ස්ථානයේ ස්ථාපිතව ඇති, දෙව් මවුන් සමග ජේසු බිළිදු ප්‍රතිමාව පාමුල ටික වේලාවක් තැන්පත් කර තබා, නැවතත් බැතිමතුන් වෙත හාස්කම් යාච්ඤාව ආරම්භවීමට ප්‍රථම දැල්වීම සඳහා ලබා දීම සඳහායි. එම අවස්ථාවේදී මහා පුදුමාකාර සිදුවීමක් සිදුවිය. මෙම සිදුවීම කුමක් දැයි දැක බලා ගැනීම සඳහා සිද්ධස්ථාන ආරක්ෂක නිලධාරීන් ද විවිධ සේවාවන්වල නියුතු අනික් නිලධාරීන් ද දර්ශන දෙව්මැදුර තුළට වහා පිවිසි අතර, පසුව බැතිමතුන් වෙත දැන්වූයේ, ‛දර්ශණ ඉටිපහන්’, දර්ශණ දෙව්මැදුර තුල දේව මෑණියන් දර්ශණය වූ ස්ථානයේ පාමුලින් තබනවාත් සමගම විශාල පිච්ච මල් සුවදක් දර්ශන දෙව්මැදුර පුරාම අසිරිමත් ලෙස විහිදී ගිය බවයි. එම අවස්ථාවේදී දර්ශණ දෙව්මැදුරේ පිවිසුම් දොරටු වසා තිබුණත්, දර්ශන දෙව්මැදුර තුළින් ආ පිච්ච මල් සුවද මුළු සිද්ධස්ථාන භූමිය පුරාම විසිරී ගිය අතර, පේදුරු සහ පාවුළු උයනේ හාස්කම් යාච්ඤාව සඳහා සහභාගිවූ බැතිමතුන්ට ද දර්ශන දෙව්මැදුර තුළින් පැමිණෙන තදබල පිච්චමල් සුවද තදින්ම දැනෙන්නට විය.

 

මෙම දිනය තවත් සුවිශේෂී දවසක් වූයේ දේව මෑණියන් ජේසු බිළිඳුන් තම වම් හස්තයේ රදවාගෙන මේ දර්ශණ දෙව්මැදුර තුළ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් ඉදිරියේ දර්ශණය වී වසර 42ක් සම්පූර්ණ වීමයි. එනම් දේව මෑණියන් ප්‍රථමවරට කුඩා ජේසු බිළිදුන් තම වම් හස්තයේ රදවාගෙන අප ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් ඉදිරියේ දර්ශණ දෙව් මැදුර තුළ ප්‍රථම වරට දර්ශණය වූයේ 1977 ජූලි 27 වන දිනය. එය 1975 පෙබරවාරි 5 වන දින සිට නිර්මල කන්‍ය මරිය තුමිය මේ ශුද්ධවූ දර්ශණ දෙව්මැදුර තුල ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් ඉදිරියේ දර්ශණය වූ දර්ශණ වාර 23 න් එතුමියගේ 18වන දර්ශණය විය.

 

එදින හාස්කම් යාච්ඤාවට සහභාගි වූ බැතිමතුන්ට තම ඉල්ලීම් ලිපි රතු පෙට්ටිය තුළට දැමීම සඳහා දර්ශණ දෙව්මැදුර තුළට පිවිසීමට අවකාශය සලසා තිබුණ අතර ඒ නිසාම දර්ශණ දෙව්මැදුර තුළින් නොකඩවා විහිදුණු ඒ දැවැන්ත පිච්ච මල් සුවඳ ඉතාමත් උපරිම අන්දමින් බැතිමතුන්ට විද ගැනීමට අවස්ථාව සැලසුනි. මේ පිච්ච මල් සුවද පැය ගණනාවක් පුරාවටම මුළු සිද්ධස්ථාන භූමිය පුරාම ආශ්චර්යමත් ලෙස විහිදී පැවතුණේ එදින සිද්ධස්ථානය වෙත පැමිණි බැතිමතුන් පුදුමයෙන් පුදුමයට පත් කරවමිනි. මෙවැනි හාස්කමක් සිදු වූ ශ්‍රී ලංකාවේ පළමුවන දෙව්මැදුර වන්නේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. මහා වන්දනීය පූජනීය සිද්ධස්ථානයක් වන මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත මෑණියන්ගේ බැල්ම නොකඩවා ඇති බවට දක්වන හොදම සාක්ෂියක් ලෙස සිද්ධස්ථානය පුරා අසිරිමත් ලෙස විහිදුනු මේ පිච්චමල් සුවඳ හොදින්ම සාක්ෂි දරයි. එමෙන්ම දර්ශණ දෙව්මැදුර තුළට පිවිසුණු බොහෝ බැතිමතුන්ට දර්ශන දෙව්මැදුරේ ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත කර ඇති මරිය මෑණියන්ගේ ප්‍රතිමාවෙන් විවිධ ජීවමාන සංඥා දැකගැනීමට හැකිවී තිබූ බව ද වාර්තා වී ඇත.

 

මෙම පිච්චමල් සුවඳ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ අපෝස්තලික මුදුවෙන් පවා අදටත් නොකඩවා විහිදෙයි. නිර්මල කන්‍ය මරිය තුමිය අප ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් ඉදිරියේ දර්ශණය වූ අවස්ථාවකදී එතුමියගේ දෝතට මේ අපෝස්තලික මුදුව රැගෙන ටිකවේලාවක්, දෙව් මවු දෝත් තුල තබාගෙන සිට, නැවතත් මේ අපෝස්තලික මුදුව අප ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් හට භාර දුන් අවස්ථාවේ පටන්, මේ දක්වා මේ අපෝස්තලික මුදුවෙන් නොකඩවාම පිච්ච මල් සුවද විහිදෙයි. උන්වහන්සේගේ මේ අපෝස්තලික මුදුව සිපාචාර කළ ඇතැම් රෝගීන් පවා ඒ අවස්ථාවේදීම සුවපත් වී ඇති බවට, එම බැතිමතුන් විසින් ම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත දන්වා තිබෙනවා. ඇත. ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා උන්වහන්සේ ඉදිරියට යන බැතිමතුන්ට මෙම අපෝස්තලික මුදුව සිපාචාර කිරීමට අවස්ථාව ලැබෙන අතර සිය දහස් ගණනක් එක දිගට මෙම අපෝස්තලික මුදුව සිපාචාර කලත් එයින් විහිදෙන පිච්චමල් සුවඳ අබමල් රේණුවක තරම්වත් අඩු නොවන ආකාරය ඉතාමත්ම පුදුමාකාරයි. එමෙන්ම මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් විසින් ආශිර්වාද කරනු ලබන ආශිර්වාදිත භාණ්ඩ මෙන්ම උන් වහන්සේගේ ඡායාරූප, බැතිමතුන් තම නිවෙස්වල තැන්පත් කර තිබෙන විට හා ඇතැම්විට සමහර බැතිමතුන් එම පිංතූර හා ආගමික භාණ්ඩ වෙනත් රටකට රැගෙන ගිය පසුව වූවත් එම පිංතූර වලින් හා ආගමික භාණ්ඩ වලිනුත් නොයෙක්වර මෙම පිච්ච මල් සුවඳ විහිදෙන ආකාරය බොහෝ බැතිමතුන්ට දැනී ඇති බව ඔවුන් විසින්ම සනාථ කර ඇති ආකාරය පිළිබද තොරතුරු ඇත්තටම පුදුමාකාරයි.

 

දේව මෑණියන් 23 වතාවක් දර්ශණය වී ඇති මේ අසිරිමත් කටුනායක අප ස්වාමිදූගේ පුදබිම, ලොව ජීවමාන එකම අපොස්තුළුතුමන් වැඩසිටින පුදබිම, අද වන විට ජනතාව අතර මහා හාස්කම් භූමියක් ලෙස ප්‍රසිද්ධ වී ඇත්තේ දිවයිනේ නන් දෙසින් පැමිණෙන බොහෝ බැතිමතුන් මෙම සිද්ධස්ථානය මගින් ලබාගන්නා වූ පිහිට වරප්‍රසාද, මේ සිද්ධස්ථානය වෙතට දේව මෑණියන්ගේ බැල්ම හිමි වී ඇති ආකාරය මනාව තහවුරු කරන නිසයි.

 

රංග ප්‍රසාද් පෙරේරා

September 7th, 2019

Posted In:

මෙහි ඡායාරූපයෙන් ඔබට දැකගත හැක්කේ, ජූලි 27 වෙනි සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දේව මන්දීරය තුල මා දණ ගසා ගෙන සිටි අවස්ථාවයි. මා මේ සිටින ස්ථානයේ සිට පිච්ච මල් සුවද විහිදෙන දෙව් මවු ප්‍රතිමාවට ඇත්තේ සුළු දුරක්. මා බලාගෙන සිටින්නේ ඒ අසිරිමත් ප්‍රතිමාව දෙසයි. මට මේ දැනෙන්නේ ප්‍රතිමාවෙන් හමනා පිච්ච මල් සුවදයි. (සුරේන් චතුරංග ප්‍රනාන්දු)

 

පිච්ච මල් සුවදින් නැහැවුනු මරිය මෑණියන්ගේ දස අට වන දර්ශනයේ 42 වන සැමරුම

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය කියන්නෙ ජේසුස් වහන්සේ දර්ශණය වෙලා අපෝස්තුළුතුමකු පත්කල සිද්ධස්ථානයක්. ඒ වගේම මරිය මෑණියන් 23 වතාවක් දර්ශණය වූ සිද්ධස්ථානයක්. මෙම දර්ශණ වාර විසි තුනෙන් දසඅට වන දර්ශණය තවත් සුවිශේෂී දර්ශණක් වුනා. එම සුවිශේෂිත්වය තමයි මරිය මෑණියන් එම දර්ශනයේ දී ජේසු බිළිදාණන්ව එතුමියගේ වම් හස්තයේ වඩවාගෙන එම දර්ශණය සිදුවීමයි. එම දසඅට වන දර්ශණය සිදුවුණේ 1977 වසරේ ජූලි මස 27 වන දිනයි. එම දර්ශනයට වසර 42 ක් සම්පූර්ණ වූයේ 2019 ජූලි මස 27 වනදායි.

 

2019 ජූලි මස 27 වන දිනය, සෙනසුරාදා දවසක්. එම නිසා සිරිත් පරිදි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට බැතිමතුන් සහ වන්දනාකරුවන් රාශියක් පැමිණ සිටියා. ඒ සිරිත් පරිදි එදින සවස ද පැවැත්වුන හාස්කම් යාච්ඤාවට සහභාගි වීමටයි.

 

වෙනදා මෙන්ම එදින ද හාස්කම් යාච්ඤා වට පෙර දර්ශන ඉටිපහන් මරිය මාතාවන් පාමුල තබා ආශිර්වාද කිරීම සදහා දර්ශන දේව මන්දීරය තුලට රැගෙන යනු ලැබුවා. ටික වෙලාවකින් මා ඇතුළු සිද්ධස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් සියළු දෙනාටම හැකි ඉක්මනින් දර්ශණ දෙව්මැදුර ඇතුලට පැමිණෙන ලෙස ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් විශේෂ දැනුම් දීමක් ලැබුණා. සියළුම නිලධාරීන් කළබලයට පත් වුනා. ආරක්ෂක නිලධාරීන් ද කළබලයට පත් වුනා.

 

දර්ශණ දේව මන්දිරය ඇතුලට යන තුරු මම දැනගෙන හිටියේ නැහැ, අපිව කැදවූයේ ඇයි කියලා. දර්ශන දේව මන්දීරය ඇතුලට ගියාම හරිම පුදුමාකාර දෙයක් සිදුවී තිබුණා.

 

මුළු දර්ශන දේව මන්දීරය පුරාම තද පිච්ච මල් සුවදක් පැතිරී තිබුනා. මරිය මාතාවන් ජේසු බිළිදුන් වඩවා ගෙන සිටින ප්‍රතිමාවෙන් තද පිච්ච මල් සුවදක් විහිදීමට පටන් ගෙන තිබුනා. ඒ සුවද විද ගැනීමේ භාග්‍ය මා ලැබුවා. සියළුම නිලධාරීන්ට ඒ වාසනාව ප්‍රථමයෙන් ම ලැබුණා. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ඒ භාග්‍යය සියළු සැදැහැවතුන්ට ප්‍රථමයෙන් අපට ලබා දුන්නා.

 

මරිය මාතාවන් ගේ දස අට වන දර්ශනයට වසර 42 ක් සම්පුර්ණ වන දිනයේ, මරිය තුමිය ගේ ජීවන සුවද විද ගැනීමට මම වාසනාව ලැබුවා. එදා සිද්ධස්ථානය ට පැමිණි සියලු දෙනාටම හාස්කම් යාච්ඤාවෙන් පසු දර්ශන දේව මන්දීරය තුලට ඇතුළු වීමේ වාසනාව ලැබුණා. ඒ භාග්‍ය ලැබු පිරිස ඉතාමත් වාසනාවන්තයි. දර්ශන දේව මන්දිරය තුලට වී දේව මෑණියන් දිහා බලාගෙන, එතුමිය ජේසු බිළිදු වඩවා ගත් ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවද විද ගැනීමට වැඩි කාලයක් මා දර්ශන දේව මන්දීරය තුලටම වී සිටියා.

 

මේ සුවද මම මීට පෙර කිහිපවතාවක්ම විද තිබුනත් මේ වතාවේ තරම් තද සුගන්ධයක් මීට පෙර කිසිම අවස්ථාවක විද තිබුනේ නැහැ. ඒ සුවද තාමත් මගේ නාස්පුඩු තුල රැදී ඇති බවක් මට දැනෙනවා. දර්ශන දේව මන්දිරය පුරාත් සිද්ධස්ථාන භූමිය පුරාත්, සිද්ධස්ථානයෙන් එලියටත් මේ සුවද විහිදී ගොස් තිබුනා. එදා සිද්ධස්ථානය වෙත පැමිණි සියලුම බැතිමතුන් සහ වන්දනාකරුවන්ටත් මේ සුවද විද ගැනීමේ භාග්‍යය හිමිවුණා.

 

මේ දර්ශන දේව මන්දිරය මරිය මාතාවන්ට භාර දී අගෝස්තු මස 11 වනදාට හරියටම වසරක් සම්පුර්ණ වෙනවා. වසරක් සම්පුර්ණ වීමට ආසන්න මොහොතේ ඔබ තුමිය ගේ 18 වන දර්ශනයට වසර 42 ක් සම්පූර්ණ වන මොහොතේ අප හට මේ ලබාදුන් උතුම් වරප්‍රසාදය ට ස්තූතියි කටුනායක මෑණියනි.

September 7th, 2019

Posted In:

« Previous Page — Next Page »
Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.