
ජේසුස් ස්වාමින් වහන්සේව කුරුසිය මත මරා දමණු ලැබූ දිනයේ උන්වහන්සේගේ අවසන් පැය කීපය පිළිබඳව ලියා ඇති සුවිශේෂකවරුන් සතර දෙනා, ජේසුස් ස්වාමින්වහන්සේගේ කුරුසිය දෙපස ඇණ ගසා සිටි සොරුන් දෙදෙනා පිළිබඳව ලියා ඇති කරුණු සියළු ක්රිස්තියාණින්ගේ අවධානයට යොමු විය යුතු බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්රකාශ කරනු ලැබුවේ පසුගිය අප්රියල් 19 වෙනි මහ සිකුරාදා දිනයේයි.
ජේසුස් ස්වාමින්වහන්සේගේ ශ්රී මරණය සමරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා එදින සවස 3 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැදුර තුල අප ස්වාමින් වහන්සේගේ ශ්රී මරණය සැමරීමේ දේව මෙහෙය සිදු කරනු ලැබුවා.

දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිත කර තිබූ ශුද්ධවූ කුරුසිය පාමුළ සිට, රැස්ව සිටි සැදැහැවතුන් අමතා දීර්ඝ දේශණයක් පවත්වමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, ජේසුස් ස්වාමින්වහන්සේගේ කුරුසිය දෙපස ඇණ ගසා සිටි සොරුන් දෙදෙනා පිළිබඳව සුවිශේෂකවරුන් සතරදෙනා සඳහන් කර ඇති කරුණු කියවන විට, කවුද හරි, කුමක්ද හරි යන ප්රශ්ණ දෙකම මතුවන බව ප්රකාශ කරනු ලැබුවේ, ශුද්ධවූ බයිබලයෙන්ම කරුණු පෙන්වා දෙමිනුයි. බයිබලයේ ඒවා සඳහන් ස්ථානයන් ද සඳහන් කරමින් සැදැහැවතුන් ඇමතූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, එදින ගෙදර ගොස් බයිබලය පිටු පෙරලා කියවන ලෙසටද ඉල්ලීමක් කරනු ලැබුවා.
‛‛ඔව්හු සොරුන් දෙදෙනෙකු එක්කෙනෙකු දකුණු පසෙහි ද එක්කෙනෙකු වම් පසෙහි ද උන්වහන්සේ සමග කුරුසියෙහි ඇණ ගැසූහ’’ (මාක් 15/27) යනුවෙන් මාක් තුමා සඳහන් කර ඇති අතර, මාක් තුමා ජේසුස් ස්වාමින් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ අපොස්තුළුතුමෙකු නොවෙතත්, ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොව ජීවත්ව සිටිය දී තෝරාගනු ලැබූ ජුවාම් අපොස්තුළුතුමා, ‛‛ඔව්හු උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසූහ: උන්වහන්සේ සමග තවත් දෙදෙනෙකු දෙපසින් ද උන්වහන්සේ මැදිව ද සිටින සේ ඇණ ගැසූ හ’’ (ජුවාම් 19/18) යනුවෙන් පමණක් ලියා ඇති අතර, කුරුසිය පාමුළ සිටි එකම අපොස්තුළුතුමා ද ජුවාම් අපොස්තුළුතුමා බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොන්සු අපොස්තුළුතුමා ප්රකාශ කරනු ලැබුවා.
‛‛සොරු දෙදෙනෙක්, එක්කෙනෙක් දකුණු පසෙහි ද එක්කෙනෙක් වම් පසෙහි ද උන්වහන්සේ හා සමග කුරුසියෙහි ඇණ ගසනු ලැබූහ’’ (මතෙව් 27/38) යනුවෙන් මතෙව් තුමා ලියා ඇති අතර, තව දුරටත් සඳහන් කර ඇත්තේ, ‛‛උන්වහන්සේ සමග කුරුසියෙහි ඇණ ගසනු ලැබූ සොරු ද එසේම උන්වහන්සේට නිනිදා කළහ’’ (මතෙව් 27/44) යනුවෙන් බව පෙන්වා දුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මතෙව් තුමා ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොව ජීවත්ව සිටිය දී තෝරාගනු ලැබූ අපොස්තුළුතුමෙක් බව ද ප්රකාශ කරනු ලැබුවා.

‛‛මරණ දක්ෂුවමට වරදකරුවන් වූ තවත් දෙදෙනක් ද උන්වහන්සේ සමග ගෙන යන ලදහ. ඔව්හු කපාලපිටිය නම් ස්ථානයට පැමිණ, එහි දී උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ හ. වරදකරුවන්ගෙන් එක්කෙනෙකු උන්වහන්සේගේ දකුණු පස ද, අනික් එක්කෙනා වම් පස ද කුරුසිවල ඇණ ගැසූහ.’’ (ලූක් 23/32-33) යනුවෙන් සුවිශේෂක ලූකස් තුමා සඳහන් කර ඇති අතර, ඊළඟට මතෙව් තුමා සඳහන් කර ඇති ප්රකාශයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් යමක් සඳහන් කරමින්, ‛‛එල්ලා සිටි වරද කරුවන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින්, ‛ඔබ ක්රිස්තුස් නොවේද? ඔබ වත් ගළවාගෙන අපවත් ගළවා ගන්නැ’යි කීය. අනෙකා ඔහුට තරවටු කරමින්, ‛එම දක්ෂුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේට වත් බිය නැද්ද? අපට දක්ෂුවම් ලැබීම සාධාරණය: අපට මේ ලැබෙන්නේ අපේ ක්රියාවලට සුදුසු විපාක හැටියටය. එහෙත් මේ තැනැත්තා කිසි ම වරදක් කර නැතැ’යි උත්තර දුන්නේය. තවද ඔහු, ‛ජේසුස් වහන්ස, ඔබ රාජශ්රීයෙන් වඩනා කල මා සිහි කළ මැනව’ යි කීය. උන්වහන්සේ ද කතා කරමින් ‛ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔබ මා සමග අද ම පරාදීසයෙහි සිටින්නෙහි ය’යි වදාළ සේක. (ලූක් 23/39-43) යනුවෙන් ලියා ඇති බව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පෙන්වා දුන්නා.
මතෙව් අපොස්තුළුතුමා ලියා ඇති පරිදි දෙපස සිටි සොරුන් දෙදෙනාම ජේසුස් ස්වාමින් වහන්සේට අපහාස කළාද, නැතහොත්, අපොස්තුළුතුමෙක් නොවන ලූකස් තුමා ලියා ඇති පරිදි, ජේසුස් ස්වාමින් වහන්සේට අපහාස කරනු ලැබුවේ දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් ද, යන ගැටළුව අප ඉදිරියේ මතු වන බවත්, ලූකස් තුමා, ජේසුස් ස්වාමින් වහන්සේගේ අපොස්තුළුතුමෙක් නොවුනද, පාවුළු අපොස්තුළු තුමන්ගේ ඉතා කිට්ටුවන්ත මිත්රයෙක් බව ද, පාවුළු අපොස්තුළු තුමන්ගේ උපදෙස් අනුව, ලූක් තුමා ලිවූ සුවිශේෂයේ, එක් වරදකරුවෙක් පමණක් ජේසුස් ස්වාමින් වහන්සේට අපහාස කල බව සඳහන් කර ඇති බව ද, මේ ඇත්ත කතාව හෙළිකල ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමා, ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ පළමුවන අපොස්තුළුතුමා බව ද, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පැහැදිළි කරනු ලැබුවා.
ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ පළමුවන අපොස්තුළුතුමෙක් නොසිටින්නට සම්පූර්ණයෙන්ම වැරදි කතාවක් සමාජගතවී, සියළු ක්රිස්තියාණින් අදටත් සොරුන් දෙදෙනාටම වරද පටවන්නට ඉඩ තිබුන බව ද, ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී අපොස්තුළුතුමෙක් පත්කල නිසා නිවැරදි සිද්ධිය දැන් හෙළි වී ඇති බව ද ඉතාමත් සවිස්තරව පැහැදිලි කරදෙනු ලැබුවේ, ජේසුස් ක්රිස්තුස් වහන්සේ නැවතත් මේ ලෝකයට දර්ශණය වී පත්කරනු ලැබූ දෙවන අපොස්තුළුතුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසිනුයි.
mediamin August 23rd, 2016
Posted In:
ජාති ආගම් ආදී, මිනිසාගෙන් මිනිසා දුරස් කරවන, මිනිසා මිනිසාටම වෛර කරවන සියළුම භේදයන්ගෙන් තොරව මහා ජන ගඟක් අති භාග්යවත් නිර්මල කුමරි මරිය මාතාවන්ගේ ප්රතිමාව වටා එකම දරු කැලක් ලෙසින් 2017 අප්රියල් 29 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියට එක් වී, රොක් වී සිටියේ, නිර්මල කන්ය මරියෝත්තමාවන් සියැසින් දැක ගැනීමට සුවිශේෂී වාසනාව ලබා සිටින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දෝතින්, නිර්මල කන්ය මරියාවන් ජේසු බිළිඳාණන් ද වඩවා ගෙන දර්ශණය වූ අයුරු විදහා දැක්වෙන, දසඅට වන දර්ශණ ප්රතිමාවට ඔටුණු පළඳවන අවස්ථාව දැක ගැනීමටයි.
දිවයිනේ සතර දිගින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ඇදී ආ මහ ජන ගඟෙන් මුළු දර්ශණ භූමියම පිරී ඉතිරී ගොස් තිබුණි. බොහෝ බැතිමතුන්ට සිද්ධස්ථාන භූමියට ඇතුළු වීමට පවා අවකාශයක් නොලැබුනේ, කල් වේලා ඇතිවම රැස්ව සිටි ජනතාව, ඒ වන විටත් දර්ශණ භූමියේ තෙරෙපෙමින් සිටි බැවිනි. ඒ නිසාම ඔවුන්ට දර්ශණ භූමියෙන් පිටත මහ මඟ අද්දර ද රැඳී සිටින්නට සිදු විය.
දර්ශණ භූමිය පුරාත්, දර්ශණ භූමියෙන් පිටතත් ආරක්ෂාව තර කර තිබුණි. විශේෂ පුහුණුව ලත් ආරක්ෂක භටයන් ද දර්ශණ භූමිය තුල රැඳී සිටි අතර, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙව් මවු ප්රතිමාවට රන් මිණි කිරුළ පළඳවනු ලැබූ මණ්ඩපය අසල දැඩි ආරක්ෂාව යොදා තිබුණි.
රැස්ව සිටි මහා ජනකාය මැදින් අභිනව දර්ශණ දෙව් මැඳුරේ සිට ඉතාමත් සන්සුන්ව, සැමටම සුරත ඔසවා ආශිර්වාද කරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, දෙව් මවුන්ට ඔටුණු පැළඳ වීමේ දේව මෙහෙය සඳහා ප්රධාන පීඨිකාවට පිවිසි අතර, උන්වහන්සේ වටකර විශේෂ ආරක්ෂක නිලධාරීන් යොදවා තිබුණි.
දේව මෙහෙය ආරම්භ වී ස්වල්ප වේලාවකින් ‛‛ජේසු බිළිඳුන් සමගින් දෙව් මවු’’ ප්රතිමාවට නිල් මැණික් සහිත රත්තරන් කිරුළ පළඳවනු ලබන අවස්ථාව උදා වූ අතර, අධික වටිනාකමකින් යුතු නිල් මිණි රන් කිරුළ දර්ශණ දෙව්මැඳුරේ සිට සැදැහැ ජනතාව අතරින් දැඩි ආරක්ෂාව මධ්යයේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත රැගෙන එනු ලැබුවේ අපොස්තලික මාධ්ය ප්රකාශක සශික විෂාන් මහතා විසිනි. අපොස්තලික ලේකම් අශෝක ප්රනාන්දු මහතා ද ඒ සමගම විය.
ඔවුන් ඔටුන්න ද සමගින් ප්රධාන මණ්ඩපය වෙත පිවිස ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ දණ ගැසූ අතර, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න ආශිර්වාද කල සේක. ඉන්පසු මේ ඔටුන්න මද වේලාවක් සිය දෝත් මත තබාගෙන සිටි ශුද්ධෝත්තම අපොස්තුළුතුමා එය අපොස්තලික ලේකම් අශෝක ප්රනාන්දු මහතා අත තිබූ අලංකාර කොට්ටය මත තැබූ අතර ඉන්පසු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා එම මණ්ඩපයේම දකුණු පසින් ස්ථාපිත කර තිබූ දෙව් මවු ප්රතිමාව වෙත ගමන් කල සේක. අපොස්තලික ලේකම් අශෝක ප්රනාන්දු මහතා ප්රතිමාව ඉදිරියේ දී නිල් මැණික් රන් කිරුළ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත පිළිගැන්වූ අතර, සැදැහැ ජනතාව මහත් හඬින් ‛අම්මා අම්මා’ යනුවෙන් ජය ඝෝෂා කරමින් සහ අත් පොලසන් දෙමින් දර්ශණ භූමිය පුරා පැතිරී ගිය මහා හක්ෂ මධ්යයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නිර්මල කන්ය මරිය මාතාවෝ සකල විශ්වයේම අග රැජිණ ලෙසින් නිල් මැණික් සහිත වටිනා රන් කිරුළින් පුදනු ලැබූ සේක.
නිර්මල කන්ය මරිය මාතාවන්ට නිල් මැණික් රත්තරන් ඔටුන්න පැළඳවීම සඳහා අපොස්තලික මාධ්ය අධ්යක්ෂක මනෝජ් චින්තක මහතා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට සහය විය.
mediamin August 10th, 2016
Posted In: