කුරුසිය දෙපස සිටි වරදකරුවන් දෙදෙනාම ජේසුස් ස්වාමින් වහන්සේට අපහාස කළා ද – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රශ්ණයක් මතු කරයි

ජේසුස් ස්වාමින් වහන්සේව කුරුසිය මත මරා දමණු ලැබූ දිනයේ උන්වහන්සේගේ අවසන් පැය කීපය පිළිබඳව ලියා ඇති සුවිශේෂකවරුන් සතර දෙනා, ජේසුස් ස්වාමින්වහන්සේගේ කුරුසිය දෙපස ඇණ ගසා සිටි සොරුන් දෙදෙනා පිළිබඳව ලියා ඇති කරුණු සියළු ක්‍රිස්තියාණින්ගේ අවධානයට යොමු විය යුතු බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවේ පසුගිය අප්‍රියල් 19 වෙනි මහ සිකුරාදා දිනයේයි.
ජේසුස් ස්වාමින්වහන්සේගේ ශ්‍රී මරණය සමරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා එදින සවස 3 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැදුර තුල අප ස්වාමින් වහන්සේගේ ශ්‍රී මරණය සැමරීමේ දේව මෙහෙය සිදු කරනු ලැබුවා.

 

 

දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිත කර තිබූ ශුද්ධවූ කුරුසිය පාමුළ සිට, රැස්ව සිටි සැදැහැවතුන් අමතා දීර්ඝ දේශණයක් පවත්වමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, ජේසුස් ස්වාමින්වහන්සේගේ කුරුසිය දෙපස ඇණ ගසා සිටි සොරුන් දෙදෙනා පිළිබඳව සුවිශේෂකවරුන් සතරදෙනා සඳහන් කර ඇති කරුණු කියවන විට, කවුද හරි, කුමක්ද හරි යන ප්‍රශ්ණ දෙකම මතුවන බව ප්‍රකාශ කරනු ලැබුවේ, ශුද්ධවූ බයිබලයෙන්ම කරුණු පෙන්වා දෙමිනුයි. බයිබලයේ ඒවා සඳහන් ස්ථානයන් ද සඳහන් කරමින් සැදැහැවතුන් ඇමතූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, එදින ගෙදර ගොස් බයිබලය පිටු පෙරලා කියවන ලෙසටද ඉල්ලීමක් කරනු ලැබුවා.

 

‛‛ඔව්හු සොරුන් දෙදෙනෙකු එක්කෙනෙකු දකුණු පසෙහි ද එක්කෙනෙකු වම් පසෙහි ද උන්වහන්සේ සමග කුරුසියෙහි ඇණ ගැසූහ’’ (මාක් 15/27) යනුවෙන් මාක් තුමා සඳහන් කර ඇති අතර, මාක් තුමා ජේසුස් ස්වාමින් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ අපොස්තුළුතුමෙකු නොවෙතත්, ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොව ජීවත්ව සිටිය දී තෝරාගනු ලැබූ ජුවාම් අපොස්තුළුතුමා, ‛‛ඔව්හු උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසූහ: උන්වහන්සේ සමග තවත් දෙදෙනෙකු දෙපසින් ද උන්වහන්සේ මැදිව ද සිටින සේ ඇණ ගැසූ හ’’ (ජුවාම් 19/18) යනුවෙන් පමණක් ලියා ඇති අතර, කුරුසිය පාමුළ සිටි එකම අපොස්තුළුතුමා ද ජුවාම් අපොස්තුළුතුමා බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවා.

 

‛‛සොරු දෙදෙනෙක්, එක්කෙනෙක් දකුණු පසෙහි ද එක්කෙනෙක් වම් පසෙහි ද උන්වහන්සේ හා සමග කුරුසියෙහි ඇණ ගසනු ලැබූහ’’ (මතෙව් 27/38) යනුවෙන් මතෙව් තුමා ලියා ඇති අතර, තව දුරටත් සඳහන් කර ඇත්තේ, ‛‛උන්වහන්සේ සමග කුරුසියෙහි ඇණ ගසනු ලැබූ සොරු ද එසේම උන්වහන්සේට නිනිදා කළහ’’ (මතෙව් 27/44) යනුවෙන් බව පෙන්වා දුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මතෙව් තුමා ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොව ජීවත්ව සිටිය දී තෝරාගනු ලැබූ අපොස්තුළුතුමෙක් බව ද ප්‍රකාශ කරනු ලැබුවා.

 

 

‛‛මරණ දක්‍ෂුවමට වරදකරුවන් වූ තවත් දෙදෙනක් ද උන්වහන්සේ සමග ගෙන යන ලදහ. ඔව්හු කපාලපිටිය නම් ස්ථානයට පැමිණ, එහි දී උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ හ. වරදකරුවන්ගෙන් එක්කෙනෙකු උන්වහන්සේගේ දකුණු පස ද, අනික් එක්කෙනා වම් පස ද කුරුසිවල ඇණ ගැසූහ.’’ (ලූක් 23/32-33) යනුවෙන් සුවිශේෂක ලූකස් තුමා සඳහන් කර ඇති අතර, ඊළඟට මතෙව් තුමා සඳහන් කර ඇති ප්‍රකාශයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් යමක් සඳහන් කරමින්, ‛‛එල්ලා සිටි වරද කරුවන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින්, ‛ඔබ ක්‍රිස්තුස් නොවේද? ඔබ වත් ගළවාගෙන අපවත් ගළවා ගන්නැ’යි කීය. අනෙකා ඔහුට තරවටු කරමින්, ‛එම දක්‍ෂුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේට වත් බිය නැද්ද? අපට දක්‍ෂුවම් ලැබීම සාධාරණය: අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියටය. එහෙත් මේ තැනැත්තා කිසි ම වරදක් කර නැතැ’යි උත්තර දුන්නේය. තවද ඔහු, ‛ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩනා කල මා සිහි කළ මැනව’ යි කීය. උන්වහන්සේ ද කතා කරමින් ‛ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔබ මා සමග අද ම පරාදීසයෙහි සිටින්නෙහි ය’යි වදාළ සේක. (ලූක් 23/39-43) යනුවෙන් ලියා ඇති බව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පෙන්වා දුන්නා.

 

මතෙව් අපොස්තුළුතුමා ලියා ඇති පරිදි දෙපස සිටි සොරුන් දෙදෙනාම ජේසුස් ස්වාමින් වහන්සේට අපහාස කළාද, නැතහොත්, අපොස්තුළුතුමෙක් නොවන ලූකස් තුමා ලියා ඇති පරිදි, ජේසුස් ස්වාමින් වහන්සේට අපහාස කරනු ලැබුවේ දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් ද, යන ගැටළුව අප ඉදිරියේ මතු වන බවත්, ලූකස් තුමා, ජේසුස් ස්වාමින් වහන්සේගේ අපොස්තුළුතුමෙක් නොවුනද, පාවුළු අපොස්තුළු තුමන්ගේ ඉතා කිට්ටුවන්ත මිත්‍රයෙක් බව ද, පාවුළු අපොස්තුළු තුමන්ගේ උපදෙස් අනුව, ලූක් තුමා ලිවූ සුවිශේෂයේ, එක් වරදකරුවෙක් පමණක් ජේසුස් ස්වාමින් වහන්සේට අපහාස කල බව සඳහන් කර ඇති බව ද, මේ ඇත්ත කතාව හෙළිකල ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමා, ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ පළමුවන අපොස්තුළුතුමා බව ද, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පැහැදිළි කරනු ලැබුවා.

 

ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ පළමුවන අපොස්තුළුතුමෙක් නොසිටින්නට සම්පූර්ණයෙන්ම වැරදි කතාවක් සමාජගතවී, සියළු ක්‍රිස්තියාණින් අදටත් සොරුන් දෙදෙනාටම වරද පටවන්නට ඉඩ තිබුන බව ද, ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී අපොස්තුළුතුමෙක් පත්කල නිසා නිවැරදි සිද්ධිය දැන් හෙළි වී ඇති බව ද ඉතාමත් සවිස්තරව පැහැදිලි කරදෙනු ලැබුවේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවතත් මේ ලෝකයට දර්ශණය වී පත්කරනු ලැබූ දෙවන අපොස්තුළුතුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසිනුයි.

සියලු පුවත්

ඉපැරණි දේව මාතා ප්‍රතිමාවෙන් සැදැහැවතුන්ව ආශිර්වාද කරනු ලැබීම අගෝස්තු 29 සෙනසුරාදා

අභිනව දර්ශණ දෙව්මැඳුරට වසර අටක් සපිරේ

උන්වහන්සේ මගේ හිස මත ශුද්ධවූ කුරුසිය තැබුවා. අයිස් කැට සහිත බෑගයක් හිස මත තැබුවාක් වැනි මහා සීතලක් මුළු ඔලුව පුරාම පැතිරුණා

අපොස්තුළු ධූරය ලබා තම පනස් වෙනි ස්වර්ණ ජුබිලි නත්තල් දිව්‍ය පූජාව පුද කරනු ලැබූ අපේ ම අපොස්තුළුතුමා

ජීවිතයේ පළමු වතාවට මරිය මෑණියන් හමුවීම එක්තරා විදිහක තිගැස්මක් ඇති නොවුනා නොවෙයි

අසිරිමත් උපතක් සමගින් මෙලොවට පහළ වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ මහා අධ්‍යාත්මික ගුරුවරයෙකි

අම්මලා දූලා පරෙස්සම් වෙන්න, දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

මේ ප්‍රතිමාව මට තේරුම් ගන්න අමාරුයි. මරිය තුමී ඇයි මේ පුංචි දැරියක් තුරුළු කරගෙන ඉන්නේ? කවුද මේ දැරිය?

මේ වෙලා තියෙන දේ නම් හරිම පුදුමයි – කටුනායක සිද්ධස්ථානයේ දී මරිය තුමී තරුණයෙකුට දුන්න දේ

පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවඳ අතරින් පවසයි

6 වෙනි වතාවට අද දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් සුවද ආවා, පුළුවන්නම් යන්න පල්ලියට මහ රෑ පිච්ච මල් සුවඳ දිගේ මහ රෑ දර්ශණ දෙව්මැඳුරට ඇතුළු වූ තරුණයාගේ කතාව

ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා සිය ධූරයේ වසර 49 ක් සපුරණු ලබයි

එදත් අදත් ලොවට පහළ වූ අපොස්තුලුවරුන් නම් වූ මහා ආධ්‍යාත්මික ගුරුවරුන් ධර්මය ඉගෙන ගත්තේ මිනිස් ගුරුවරුන්ගෙන් නොව ක්‍රිස්තුස් වහන්සේගෙන්මයි

නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තකයන්ගේ පුදුම හෙළිදරව්ව

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා – එහි අනිටු විපාකයන් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙමාපියන් අමතයි

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.