“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

අපොස්තලික මාධ්‍ය ජාලය මගින් ප්‍රකාශයට පත්කරනු ලැබූ ‛‛මරිය තුමී සිදුකල පුදුම අටක්’’ ග්‍රන්ථයේ මුල් පිටපත ජූලි 10 වෙනි සිකුරාදා සවස අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ කාර්‍යාලයේ දී ඒ මහතා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පිළිගන්වනු ලැබීය.

නිර්මල මරිය මාතාවන් විසිතුන් වතාවක් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පුදුමාකාර හාස්කම් බහුල සිද්ධස්ථානයක්.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමා වෙත ග්‍රන්ථය පිළිගන්වමින් සහ මෙම අවස්ථාවට සහභාගි වූ විශේෂ අමුත්තන් පිරිස අමතමින් අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා කියා සිටියේ, ‛‛මරිය තුමී සිදුකල පුදුම අටක්’’ නැමැති මෙම ග්‍රන්ථයේ සදහන් වන්නේ, අවුරුදු 45ක් පුරාවට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණ දෙව් මවුන් වෙතින් පිහිට වරප්‍රසාද ඉල්ලූ දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ලද දහස් සංඛ්‍යාත පුදුමාකාර පිහිට පිළිබද කතාවන් අටක් බවත්, ඒවා හොදම කතා අට නොව, පුදුමාකාර පිහිට ඇතුලත් කතාවන් දහස් ගණනක් අතරින්, කතාවන් අටක් පමණක් බවත් ය.

තවදුරටත් කතා කරමින් අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා ප්‍රකාශ කලේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සැදැහැවතුන් ලබා ඇති අප්‍රමාණ පුදුමාකාර පිහිට ඇතුලත් කතාවන් සියල්ලම හෝ අඩු තරමින් සිය ගණනක් කතාවන් කෙනෙක් කියවූවහොත්, මෙම ග්‍රන්ථයේ සදහන් කතා අටට වඩා හොද කතාවන් තියනවා නොවේදැයි ස්ථීරයෙන්ම අසන බවත්, සිදුවී ඇති ප්‍රාතිහාර්‍යාත්මක කතා අතරින් මෙම ග්‍රන්ථය සදහා කතාවන් තෝරා ගැනීමේ දී තමන් ද දැඩි අපහසුතාවයකට පත් වූ බවත්, එතරම් ම පුදුම කතා රැසක් අතරින් මෙම කතා අට පමණක් මෙසේ පොතක් ලෙසින් එළි දැක්වූ අතර, ඉදිරියේ දී තවත් පුදුම කතා ඇතුලත් පොත් කීපයක් ම එළිදැක්වීමට අපොස්තලික මාධ්‍ය ජාලය කටයුතු කරන බවත්ය.

‛‛මරිය තුමී සිදුකල පුදුම අටක්’’ ග්‍රන්ථය අපාස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා විසින් සංස්කරණය කර ඇති අතර, එහි මුල් පිටපත භාරගත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ග්‍රන්ථයේ සදහන් විවිධ වූ පුදුම කතාවන් පිළිබදව අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මහතා වෙතින් විස්තර විමසනු ලැබුවේ පොතේ පිටු පෙරලමින් එම කතාවන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමිනුයි.
උපතේ සිට කතා කල නොහැකිව ගොළුව සිටි සය හැවිදිරි දරුවා දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ කතා කිරීමට ඇරඹීම, පිළිකාවක තත්වයට වර්ධනය වෙමින් තිබූ, විසි දෙහැවිරිදි වියේ තරුණයකුගේ යටි බඩේ ගෙඩිය අතුදන් වීමේ කතාව, විවාහයෙන් පසු අවුරුදු දහයක් දරුවන් නොලද යුවලක් මව් පියන් බවට පත්වීමේ පුවත, දර්ශණ ඉටිපහන් දැල්ලෙන් පිළිස්සී සුවය ලද පිළිකා රෝගියාගේ කතාව ඇතුළුව කතාවන් අටක් රැගත්, ‛‛මරිය තුමී සිදුකල පුදුම අටක්’’ ග්‍රන්ථය ඔබට ලබාගත හැක්කේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් ම පමණයි.

සියලු පුවත්

ඉපැරණි දේව මාතා ප්‍රතිමාවෙන් සැදැහැවතුන්ව ආශිර්වාද කරනු ලැබීම අගෝස්තු 29 සෙනසුරාදා

අභිනව දර්ශණ දෙව්මැඳුරට වසර අටක් සපිරේ

උන්වහන්සේ මගේ හිස මත ශුද්ධවූ කුරුසිය තැබුවා. අයිස් කැට සහිත බෑගයක් හිස මත තැබුවාක් වැනි මහා සීතලක් මුළු ඔලුව පුරාම පැතිරුණා

අපොස්තුළු ධූරය ලබා තම පනස් වෙනි ස්වර්ණ ජුබිලි නත්තල් දිව්‍ය පූජාව පුද කරනු ලැබූ අපේ ම අපොස්තුළුතුමා

ජීවිතයේ පළමු වතාවට මරිය මෑණියන් හමුවීම එක්තරා විදිහක තිගැස්මක් ඇති නොවුනා නොවෙයි

අසිරිමත් උපතක් සමගින් මෙලොවට පහළ වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ මහා අධ්‍යාත්මික ගුරුවරයෙකි

අම්මලා දූලා පරෙස්සම් වෙන්න, දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

මේ ප්‍රතිමාව මට තේරුම් ගන්න අමාරුයි. මරිය තුමී ඇයි මේ පුංචි දැරියක් තුරුළු කරගෙන ඉන්නේ? කවුද මේ දැරිය?

මේ වෙලා තියෙන දේ නම් හරිම පුදුමයි – කටුනායක සිද්ධස්ථානයේ දී මරිය තුමී තරුණයෙකුට දුන්න දේ

පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවඳ අතරින් පවසයි

6 වෙනි වතාවට අද දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් සුවද ආවා, පුළුවන්නම් යන්න පල්ලියට මහ රෑ පිච්ච මල් සුවඳ දිගේ මහ රෑ දර්ශණ දෙව්මැඳුරට ඇතුළු වූ තරුණයාගේ කතාව

ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා සිය ධූරයේ වසර 49 ක් සපුරණු ලබයි

එදත් අදත් ලොවට පහළ වූ අපොස්තුලුවරුන් නම් වූ මහා ආධ්‍යාත්මික ගුරුවරුන් ධර්මය ඉගෙන ගත්තේ මිනිස් ගුරුවරුන්ගෙන් නොව ක්‍රිස්තුස් වහන්සේගෙන්මයි

නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තකයන්ගේ පුදුම හෙළිදරව්ව

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා – එහි අනිටු විපාකයන් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙමාපියන් අමතයි

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.