දරුවකු කිසිදු දිනයක නේවාසිකාගාරයක නතර නොකල යුතුයි

‛‛නේවාසිකාගාරයේත් ගෙදරත් ඇති පරතරය සියළු දෙමාපියන් තේරුම් ගත යුතුයි. නේවාසිකාගාරයක නවත්වා දරුවෙකුට අධ්‍යාපනය දීම කෘතිම ආහාර කෑමට දී සත්වයකු ඇති දැඩි කරන කරනවා වගෙයි. ගුණයකුත් නැහැ, නියම රසකුත් නැහැ. ඒ නිසා උසස් අධ්‍යාපනයක්, හොද අධ්‍යාපනයක් යන විසිතුරු වචනවලින් විසිතුරු වී ඇති වර්ගයේ අධ්‍යාපනයක් දීම සදහා දරුවකුව කිසිදු දිනයක නේවාසිකාගාරයක නතර නොකල යුතුයි’’

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙම වදන් ප්‍රකාශ කරනු ලැබුවේ සීදූවේ සුරේන් චතුරංග ප්‍රනාන්දු මහතා සහ සුගන්ධිකා පෙරේරා මහත්මියගේ කුළුදුල් දියණිය වූ සනෝෂි ආරද්‍යා දැරියගේ පාසල් අධ්‍යාපනයට මුල පුරමින් අධ්‍යාපනයේ මුල් අකුරු කියා දුන් අවස්ථාවේ දීයි.

 

2018 ජනවාරි 7 වෙනි සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, අපොස්තලික ශාලාවේ දී මෙය සිදු විය.

 

කුඩා දැරියගේ දෙමාපියන් ඇමතූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ මෙසේ ද ප්‍රකාශ කලහ.

 

‛‛දරුවකු ආහාරයට ගත යුත්තේ නේවාසිකාගාරයක හෝ හෝටලයක පිසිනු ලබන ආහාර නොව සිය මවගේ දෑතින් පිළියෙල කරනු ලබන ආහාරයි. එම ආහාරවල ඇති මවකගේ ආදරයේ රසය දරුවාට ලබා දිය යුතුයි. එම ආහාරය නේවාසිකාගාරයක හෝ හෝටලයක පිසින ආහාරවල කොහෙත්ම නැහැ. එම ආහාරවල ඇත්තේ ‛බිස්නස් රසයයි’. එම රස නීරස රසයක්.’’

 

සනෝෂි ආරධ්‍යා කුඩා දැරියගේ දෙමාපියන් අමතා ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පැවසූ වදන් ලොව සියළු දෙමාපියන්ට වැදගත් බව අද සමාජය දෙස බලන විට පැහැදිලිව පෙනෙනු ඇත.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා තව දුරටත් මෙලෙසින් ද ප්‍රකාශ කරනු ලැබූහ.

 

‛‛දරුවකුට හොදම සහ උසස්ම පාසල වන්නේ, පාසල අවසන් වී ඉතා ඉක්මනින් ම තම නිවසට ලගා විය හැකි දුරකින් පිහිටි පාසලයි. තමන් වෙනුවෙන් වෙහෙසෙන අම්මාව දරුවා දැකිය යුතුයි. තමන් වෙනුවෙන් රැකියාවට යන පියාව දරුවා දැකිය යුතුයි. පියාගේ දහදිය සුවද දරුවාට දැනිය යුතුයි. ගෙදරක එදිනෙදා ඇතිවන ගැටළු ගැන දරුවා දැනීමක් ලබා ගත යුතුයි. හොද අධ්‍යාපනය සැගවී ඇත්තේ ඒ තුලයි. ඒ නිසා දරුවකු කිසිදු දිනයක නේවාසිකාගාරයක නතර නොකල යුතුයි’’

සියලු පුවත්

ඉපැරණි දේව මාතා ප්‍රතිමාවෙන් සැදැහැවතුන්ව ආශිර්වාද කරනු ලැබීම අගෝස්තු 29 සෙනසුරාදා

අභිනව දර්ශණ දෙව්මැඳුරට වසර අටක් සපිරේ

උන්වහන්සේ මගේ හිස මත ශුද්ධවූ කුරුසිය තැබුවා. අයිස් කැට සහිත බෑගයක් හිස මත තැබුවාක් වැනි මහා සීතලක් මුළු ඔලුව පුරාම පැතිරුණා

අපොස්තුළු ධූරය ලබා තම පනස් වෙනි ස්වර්ණ ජුබිලි නත්තල් දිව්‍ය පූජාව පුද කරනු ලැබූ අපේ ම අපොස්තුළුතුමා

ජීවිතයේ පළමු වතාවට මරිය මෑණියන් හමුවීම එක්තරා විදිහක තිගැස්මක් ඇති නොවුනා නොවෙයි

අසිරිමත් උපතක් සමගින් මෙලොවට පහළ වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ මහා අධ්‍යාත්මික ගුරුවරයෙකි

අම්මලා දූලා පරෙස්සම් වෙන්න, දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

මේ ප්‍රතිමාව මට තේරුම් ගන්න අමාරුයි. මරිය තුමී ඇයි මේ පුංචි දැරියක් තුරුළු කරගෙන ඉන්නේ? කවුද මේ දැරිය?

මේ වෙලා තියෙන දේ නම් හරිම පුදුමයි – කටුනායක සිද්ධස්ථානයේ දී මරිය තුමී තරුණයෙකුට දුන්න දේ

පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවඳ අතරින් පවසයි

6 වෙනි වතාවට අද දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් සුවද ආවා, පුළුවන්නම් යන්න පල්ලියට මහ රෑ පිච්ච මල් සුවඳ දිගේ මහ රෑ දර්ශණ දෙව්මැඳුරට ඇතුළු වූ තරුණයාගේ කතාව

ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා සිය ධූරයේ වසර 49 ක් සපුරණු ලබයි

එදත් අදත් ලොවට පහළ වූ අපොස්තුලුවරුන් නම් වූ මහා ආධ්‍යාත්මික ගුරුවරුන් ධර්මය ඉගෙන ගත්තේ මිනිස් ගුරුවරුන්ගෙන් නොව ක්‍රිස්තුස් වහන්සේගෙන්මයි

නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තකයන්ගේ පුදුම හෙළිදරව්ව

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා – එහි අනිටු විපාකයන් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙමාපියන් අමතයි

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.