යාචකයෙකුටවත් යමක් නොදෙන තණ්හා සිත ගැළවීම සඳහා ලොකුම බාධාවක් – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

මම නිතරම උත්සාහ කරන්නේ ඔයගොල්ලන්ව පුළුවන් තරම් පාපයෙන් අහකට අරගෙන, අඳුරින් හැකිතාක් ආලෝකයට ගන්ඩ. පාපයෙන් අයින් කරලා, පිනට ලැදි පුද්ගලයන් පිරිසක් බවට පත් කරන්න. ඒකට තමයි ලොකූ කැපකිරීමක් කරන්නේ. ඒකට තමයි මම ලොකු උත්සාහයක් දරන්නේ, ඔයගොල්ලන්ට ඒ තත්ත්වය ඇති කරන්න.

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙම වදන් ප්‍රකාශ කරනු ලැබුවේ, 2019 නව වසරට ආසිරි පැතීමේ, නව අවුරුදු දිව්‍ය පූජාව අවස්ථාවේ දේශණය පවත්වමින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුලදීයි.

 

 

2019 නව වසරට ආසිරි පැතීමේ දිව්‍ය පූජාව දර්ශණ දෙව්මැඳුර තුල දී ආරම්භ වූයේ 2018 දෙසැම්බර් 31 වෙනි දින මධ්‍යම රාත්‍රියේ දී යි. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ආශිර්වාදය ඇතිව නව අවුරුද්ද ආරම්භ කිරීම සඳහා විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන්, දර්ශණ දෙව්මැඳුර තුලත් සිද්ධස්ථාන භූමියේත් රැස්ව සිටි අතර, ඔවුන් හමුවේ නව අවුරුදු දිව්‍ය පූජාව පවත්වමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, නව අවුරුද්ද සඳහා අවවාද රැසක් කියා දුන්නේ සිනහ මුසු මුහුණින් යුතුවයි. නව අවුරුද්ද ආරම්භයත් සමගින් රැස්ව සිටි සැදැහැවතුන්ව ද සිනහ ගන්වමින් උන්වහන්සේ ජනතා හදවත්වලට අමතනු ලැබීම සැමගේ ම සතුටට හේතුවක් වුනා.

 

ගමන් බිමන් යන විට, නොයෙකුත් ස්ථානවල දී අත දිගු කරන යාචකයන්ට කිසිම විටක පිටු නොපා ඔවුන්ට යමක් පරිත්‍යාග කරන ලෙසත් පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, යාචකයන්ට සුළු මුදලක් පරිත්‍යාග කිරීමෙන් ඔබ යාචකයෙක් බවට පත් නොවන බවත්, ඔවුන් ද කෝටිපතියන් නොවන බවත් ප්‍රකාශ කරනු ලැබුවේ විවිධ උදාහරණයන් ද පෙන්වා දෙමිනුයි. යාචකයන්ට යමක් පරිත්‍යාග කිරීමෙන් ඔවුන් කෝටිපතියන් වේ යයි ඔබ තුල ඊර්ෂ්‍යාවක් ඇත්නම්, ඊට බියක් ඇතිකර නොගෙන, අනුකම්පා සිතින් යුතුව, හදවතින්ම පරිත්‍යාගය කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියා.

 

ඇතැම් යාචකයන් යමක් ඉල්ලන්නේ නැතිව, හඳුන් කූරු පැකට්, කපුරු බෝල පැකට් වැනි යම් භාණ්ඩයක් මිළ දී ගන්නා ලෙස ඉල්ලා සිටින අවස්ථාවන් ඇති බවත්, එම භාණ්ඩ ඔබට අවශ්‍ය නැතත් ඔවුන්ව හිස් අතින් හරවා යවන්නේ නැතිව, ඔවුන්ගෙන් යමක් මිළ දී ගන්නා ලෙස පැවසූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, වැඩි දුරටත් යෝජනා කර සිටියේ, මිළ දී ගත් භාණ්ඩය ඔබට අනවශ්‍ය නම්, ඔහුට යම් උපකාරයක් ලෙස කරනු ලැබූ මිළ දී ගැනීමක් නම්, එම භාණ්ඩය ආපසු ඔහුටම ප්‍රධානය කරන මෙන්ය. කැමතිනම් භාණ්ඩයට ගෙවිය යුතු මුදලටත් වඩා යමක් ප්‍රධාන කරන ලෙස ඉල්ලා සිටි ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, එසේ කරනු ලැබීමෙන් කිසිදු හිඟයක් ඇති නොවන බව ද පැහැදිලි කරදෙනු ලැබුවා.

 

තව දුරටත් සැදැහැවතුන් අමතමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවේ, අඩු තරමින් යාචකයන්ට යමක් පරිත්‍යාග කිරීමෙන් තණ්හාවෙන් ඈත් වන්නට පුහුණුව ආරම්භ කල යුතු බවත්, දන් දීමට මනුෂ්‍යයා තුල ඇති අකමැත්ත ගැළවීම සඳහා ලොකුම බාධාව බවත්, නමුත් රෙදි පිළි සඳහා, රන් ආභරණ සඳහා මුදල් දන් දීමට කිසිදු මැලි බවක් නොදක්වන බවත්, එවැනි දේ සඳහා මැලි බවක් නොදක්වන්නේ ද සිත තුල තණ්හාව පවතින නිසා බවත් උදාහරණ සහිතවම පැහැදිලි කර දෙනු ලැබුවා. එවැනි මිළ දී ගැනීම් තමන්ගේම සිතට තෘප්තියක් ලබා ගැනීම පිණිස සිදු කරන්නාක් මෙන්, යමක් ඉල්ලා අත දිගු කරන කිසිවෙකුටවත් පිටු නොපා තෘප්තිමත් සිතකින් යුතුව යමක් ප්‍රධානය කර සතුටට පත්වන ලෙසත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවා.

සියලු පුවත්

ඉපැරණි දේව මාතා ප්‍රතිමාවෙන් සැදැහැවතුන්ව ආශිර්වාද කරනු ලැබීම අගෝස්තු 29 සෙනසුරාදා

අභිනව දර්ශණ දෙව්මැඳුරට වසර අටක් සපිරේ

උන්වහන්සේ මගේ හිස මත ශුද්ධවූ කුරුසිය තැබුවා. අයිස් කැට සහිත බෑගයක් හිස මත තැබුවාක් වැනි මහා සීතලක් මුළු ඔලුව පුරාම පැතිරුණා

අපොස්තුළු ධූරය ලබා තම පනස් වෙනි ස්වර්ණ ජුබිලි නත්තල් දිව්‍ය පූජාව පුද කරනු ලැබූ අපේ ම අපොස්තුළුතුමා

ජීවිතයේ පළමු වතාවට මරිය මෑණියන් හමුවීම එක්තරා විදිහක තිගැස්මක් ඇති නොවුනා නොවෙයි

අසිරිමත් උපතක් සමගින් මෙලොවට පහළ වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ මහා අධ්‍යාත්මික ගුරුවරයෙකි

අම්මලා දූලා පරෙස්සම් වෙන්න, දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

මේ ප්‍රතිමාව මට තේරුම් ගන්න අමාරුයි. මරිය තුමී ඇයි මේ පුංචි දැරියක් තුරුළු කරගෙන ඉන්නේ? කවුද මේ දැරිය?

මේ වෙලා තියෙන දේ නම් හරිම පුදුමයි – කටුනායක සිද්ධස්ථානයේ දී මරිය තුමී තරුණයෙකුට දුන්න දේ

පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවඳ අතරින් පවසයි

6 වෙනි වතාවට අද දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් සුවද ආවා, පුළුවන්නම් යන්න පල්ලියට මහ රෑ පිච්ච මල් සුවඳ දිගේ මහ රෑ දර්ශණ දෙව්මැඳුරට ඇතුළු වූ තරුණයාගේ කතාව

ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා සිය ධූරයේ වසර 49 ක් සපුරණු ලබයි

එදත් අදත් ලොවට පහළ වූ අපොස්තුලුවරුන් නම් වූ මහා ආධ්‍යාත්මික ගුරුවරුන් ධර්මය ඉගෙන ගත්තේ මිනිස් ගුරුවරුන්ගෙන් නොව ක්‍රිස්තුස් වහන්සේගෙන්මයි

නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තකයන්ගේ පුදුම හෙළිදරව්ව

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා – එහි අනිටු විපාකයන් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙමාපියන් අමතයි

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.