
දර්ශණ දෙව් මැඳුර තුල දෙව් මවු ප්රතිමාවෙන් පිච්ච මල් සුගන්ධය පැතිරෙත් දී ප්රතිමාවෙන් දිස් වූ අසිරිමත් ජීවමාන සලකුණු කැමරාවට හසුකර ගන්නා අන්දමයි මේ
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශන දෙව්මැදුර පුරා පසුගිය 27 ජූලි 2019 දින මහාම මහා ආශ්චර්යමත් අන්දමින් පිච්ච මල් සුවඳ විහිදුනි. එදින සවස 5.00 ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපෝස්තුළු උයනේ දේව මෑණියන්ගේ ජීවමාන සංඥා දක්වන ප්රතිමාව ඉදිරියේ හාස්කම් යාච්ඤාව ආරම්භ වීමට පෙර බැතිමතුන් විසින් ලබාගෙන තිබූ දර්ශණ ඉටි පහන් දර්ශන දෙව්මැදුර තුළට රැගෙන ගියේ එහි දෙව් මවුන් දර්ශනය වූ ස්ථානයේ ස්ථාපිතව ඇති, දෙව් මවුන් සමග ජේසු බිළිදු ප්රතිමාව පාමුල ටික වේලාවක් තැන්පත් කර තබා, නැවතත් බැතිමතුන් වෙත හාස්කම් යාච්ඤාව ආරම්භවීමට ප්රථම දැල්වීම සඳහා ලබා දීම සඳහායි. එම අවස්ථාවේදී මහා පුදුමාකාර සිදුවීමක් සිදුවිය. මෙම සිදුවීම කුමක් දැයි දැක බලා ගැනීම සඳහා සිද්ධස්ථාන ආරක්ෂක නිලධාරීන් ද විවිධ සේවාවන්වල නියුතු අනික් නිලධාරීන් ද දර්ශන දෙව්මැදුර තුළට වහා පිවිසි අතර, පසුව බැතිමතුන් වෙත දැන්වූයේ, ‛දර්ශණ ඉටිපහන්’, දර්ශණ දෙව්මැදුර තුල දේව මෑණියන් දර්ශණය වූ ස්ථානයේ පාමුලින් තබනවාත් සමගම විශාල පිච්ච මල් සුවදක් දර්ශන දෙව්මැදුර පුරාම අසිරිමත් ලෙස විහිදී ගිය බවයි. එම අවස්ථාවේදී දර්ශණ දෙව්මැදුරේ පිවිසුම් දොරටු වසා තිබුණත්, දර්ශන දෙව්මැදුර තුළින් ආ පිච්ච මල් සුවද මුළු සිද්ධස්ථාන භූමිය පුරාම විසිරී ගිය අතර, පේදුරු සහ පාවුළු උයනේ හාස්කම් යාච්ඤාව සඳහා සහභාගිවූ බැතිමතුන්ට ද දර්ශන දෙව්මැදුර තුළින් පැමිණෙන තදබල පිච්චමල් සුවද තදින්ම දැනෙන්නට විය.
මෙම දිනය තවත් සුවිශේෂී දවසක් වූයේ දේව මෑණියන් ජේසු බිළිඳුන් තම වම් හස්තයේ රදවාගෙන මේ දර්ශණ දෙව්මැදුර තුළ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් ඉදිරියේ දර්ශණය වී වසර 42ක් සම්පූර්ණ වීමයි. එනම් දේව මෑණියන් ප්රථමවරට කුඩා ජේසු බිළිදුන් තම වම් හස්තයේ රදවාගෙන අප ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් ඉදිරියේ දර්ශණ දෙව් මැදුර තුළ ප්රථම වරට දර්ශණය වූයේ 1977 ජූලි 27 වන දිනය. එය 1975 පෙබරවාරි 5 වන දින සිට නිර්මල කන්ය මරිය තුමිය මේ ශුද්ධවූ දර්ශණ දෙව්මැදුර තුල ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් ඉදිරියේ දර්ශණය වූ දර්ශණ වාර 23 න් එතුමියගේ 18වන දර්ශණය විය.
එදින හාස්කම් යාච්ඤාවට සහභාගි වූ බැතිමතුන්ට තම ඉල්ලීම් ලිපි රතු පෙට්ටිය තුළට දැමීම සඳහා දර්ශණ දෙව්මැදුර තුළට පිවිසීමට අවකාශය සලසා තිබුණ අතර ඒ නිසාම දර්ශණ දෙව්මැදුර තුළින් නොකඩවා විහිදුණු ඒ දැවැන්ත පිච්ච මල් සුවඳ ඉතාමත් උපරිම අන්දමින් බැතිමතුන්ට විද ගැනීමට අවස්ථාව සැලසුනි. මේ පිච්ච මල් සුවද පැය ගණනාවක් පුරාවටම මුළු සිද්ධස්ථාන භූමිය පුරාම ආශ්චර්යමත් ලෙස විහිදී පැවතුණේ එදින සිද්ධස්ථානය වෙත පැමිණි බැතිමතුන් පුදුමයෙන් පුදුමයට පත් කරවමිනි. මෙවැනි හාස්කමක් සිදු වූ ශ්රී ලංකාවේ පළමුවන දෙව්මැදුර වන්නේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. මහා වන්දනීය පූජනීය සිද්ධස්ථානයක් වන මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත මෑණියන්ගේ බැල්ම නොකඩවා ඇති බවට දක්වන හොදම සාක්ෂියක් ලෙස සිද්ධස්ථානය පුරා අසිරිමත් ලෙස විහිදුනු මේ පිච්චමල් සුවඳ හොදින්ම සාක්ෂි දරයි. එමෙන්ම දර්ශණ දෙව්මැදුර තුළට පිවිසුණු බොහෝ බැතිමතුන්ට දර්ශන දෙව්මැදුරේ ප්රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත කර ඇති මරිය මෑණියන්ගේ ප්රතිමාවෙන් විවිධ ජීවමාන සංඥා දැකගැනීමට හැකිවී තිබූ බව ද වාර්තා වී ඇත.
මෙම පිච්චමල් සුවඳ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ අපෝස්තලික මුදුවෙන් පවා අදටත් නොකඩවා විහිදෙයි. නිර්මල කන්ය මරිය තුමිය අප ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් ඉදිරියේ දර්ශණය වූ අවස්ථාවකදී එතුමියගේ දෝතට මේ අපෝස්තලික මුදුව රැගෙන ටිකවේලාවක්, දෙව් මවු දෝත් තුල තබාගෙන සිට, නැවතත් මේ අපෝස්තලික මුදුව අප ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් හට භාර දුන් අවස්ථාවේ පටන්, මේ දක්වා මේ අපෝස්තලික මුදුවෙන් නොකඩවාම පිච්ච මල් සුවද විහිදෙයි. උන්වහන්සේගේ මේ අපෝස්තලික මුදුව සිපාචාර කළ ඇතැම් රෝගීන් පවා ඒ අවස්ථාවේදීම සුවපත් වී ඇති බවට, එම බැතිමතුන් විසින් ම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත දන්වා තිබෙනවා. ඇත. ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා උන්වහන්සේ ඉදිරියට යන බැතිමතුන්ට මෙම අපෝස්තලික මුදුව සිපාචාර කිරීමට අවස්ථාව ලැබෙන අතර සිය දහස් ගණනක් එක දිගට මෙම අපෝස්තලික මුදුව සිපාචාර කලත් එයින් විහිදෙන පිච්චමල් සුවඳ අබමල් රේණුවක තරම්වත් අඩු නොවන ආකාරය ඉතාමත්ම පුදුමාකාරයි. එමෙන්ම මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් විසින් ආශිර්වාද කරනු ලබන ආශිර්වාදිත භාණ්ඩ මෙන්ම උන් වහන්සේගේ ඡායාරූප, බැතිමතුන් තම නිවෙස්වල තැන්පත් කර තිබෙන විට හා ඇතැම්විට සමහර බැතිමතුන් එම පිංතූර හා ආගමික භාණ්ඩ වෙනත් රටකට රැගෙන ගිය පසුව වූවත් එම පිංතූර වලින් හා ආගමික භාණ්ඩ වලිනුත් නොයෙක්වර මෙම පිච්ච මල් සුවඳ විහිදෙන ආකාරය බොහෝ බැතිමතුන්ට දැනී ඇති බව ඔවුන් විසින්ම සනාථ කර ඇති ආකාරය පිළිබද තොරතුරු ඇත්තටම පුදුමාකාරයි.
දේව මෑණියන් 23 වතාවක් දර්ශණය වී ඇති මේ අසිරිමත් කටුනායක අප ස්වාමිදූගේ පුදබිම, ලොව ජීවමාන එකම අපොස්තුළුතුමන් වැඩසිටින පුදබිම, අද වන විට ජනතාව අතර මහා හාස්කම් භූමියක් ලෙස ප්රසිද්ධ වී ඇත්තේ දිවයිනේ නන් දෙසින් පැමිණෙන බොහෝ බැතිමතුන් මෙම සිද්ධස්ථානය මගින් ලබාගන්නා වූ පිහිට වරප්රසාද, මේ සිද්ධස්ථානය වෙතට දේව මෑණියන්ගේ බැල්ම හිමි වී ඇති ආකාරය මනාව තහවුරු කරන නිසයි.
රංග ප්රසාද් පෙරේරා
mediamin September 7th, 2019
Posted In:
මෙහි ඡායාරූපයෙන් ඔබට දැකගත හැක්කේ, ජූලි 27 වෙනි සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දේව මන්දීරය තුල මා දණ ගසා ගෙන සිටි අවස්ථාවයි. මා මේ සිටින ස්ථානයේ සිට පිච්ච මල් සුවද විහිදෙන දෙව් මවු ප්රතිමාවට ඇත්තේ සුළු දුරක්. මා බලාගෙන සිටින්නේ ඒ අසිරිමත් ප්රතිමාව දෙසයි. මට මේ දැනෙන්නේ ප්රතිමාවෙන් හමනා පිච්ච මල් සුවදයි. (සුරේන් චතුරංග ප්රනාන්දු)
පිච්ච මල් සුවදින් නැහැවුනු මරිය මෑණියන්ගේ දස අට වන දර්ශනයේ 42 වන සැමරුම
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය කියන්නෙ ජේසුස් වහන්සේ දර්ශණය වෙලා අපෝස්තුළුතුමකු පත්කල සිද්ධස්ථානයක්. ඒ වගේම මරිය මෑණියන් 23 වතාවක් දර්ශණය වූ සිද්ධස්ථානයක්. මෙම දර්ශණ වාර විසි තුනෙන් දසඅට වන දර්ශණය තවත් සුවිශේෂී දර්ශණක් වුනා. එම සුවිශේෂිත්වය තමයි මරිය මෑණියන් එම දර්ශනයේ දී ජේසු බිළිදාණන්ව එතුමියගේ වම් හස්තයේ වඩවාගෙන එම දර්ශණය සිදුවීමයි. එම දසඅට වන දර්ශණය සිදුවුණේ 1977 වසරේ ජූලි මස 27 වන දිනයි. එම දර්ශනයට වසර 42 ක් සම්පූර්ණ වූයේ 2019 ජූලි මස 27 වනදායි.
2019 ජූලි මස 27 වන දිනය, සෙනසුරාදා දවසක්. එම නිසා සිරිත් පරිදි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට බැතිමතුන් සහ වන්දනාකරුවන් රාශියක් පැමිණ සිටියා. ඒ සිරිත් පරිදි එදින සවස ද පැවැත්වුන හාස්කම් යාච්ඤාවට සහභාගි වීමටයි.
වෙනදා මෙන්ම එදින ද හාස්කම් යාච්ඤා වට පෙර දර්ශන ඉටිපහන් මරිය මාතාවන් පාමුල තබා ආශිර්වාද කිරීම සදහා දර්ශන දේව මන්දීරය තුලට රැගෙන යනු ලැබුවා. ටික වෙලාවකින් මා ඇතුළු සිද්ධස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් සියළු දෙනාටම හැකි ඉක්මනින් දර්ශණ දෙව්මැදුර ඇතුලට පැමිණෙන ලෙස ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් විශේෂ දැනුම් දීමක් ලැබුණා. සියළුම නිලධාරීන් කළබලයට පත් වුනා. ආරක්ෂක නිලධාරීන් ද කළබලයට පත් වුනා.
දර්ශණ දේව මන්දිරය ඇතුලට යන තුරු මම දැනගෙන හිටියේ නැහැ, අපිව කැදවූයේ ඇයි කියලා. දර්ශන දේව මන්දීරය ඇතුලට ගියාම හරිම පුදුමාකාර දෙයක් සිදුවී තිබුණා.
මුළු දර්ශන දේව මන්දීරය පුරාම තද පිච්ච මල් සුවදක් පැතිරී තිබුනා. මරිය මාතාවන් ජේසු බිළිදුන් වඩවා ගෙන සිටින ප්රතිමාවෙන් තද පිච්ච මල් සුවදක් විහිදීමට පටන් ගෙන තිබුනා. ඒ සුවද විද ගැනීමේ භාග්ය මා ලැබුවා. සියළුම නිලධාරීන්ට ඒ වාසනාව ප්රථමයෙන් ම ලැබුණා. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ඒ භාග්යය සියළු සැදැහැවතුන්ට ප්රථමයෙන් අපට ලබා දුන්නා.
මරිය මාතාවන් ගේ දස අට වන දර්ශනයට වසර 42 ක් සම්පුර්ණ වන දිනයේ, මරිය තුමිය ගේ ජීවන සුවද විද ගැනීමට මම වාසනාව ලැබුවා. එදා සිද්ධස්ථානය ට පැමිණි සියලු දෙනාටම හාස්කම් යාච්ඤාවෙන් පසු දර්ශන දේව මන්දීරය තුලට ඇතුළු වීමේ වාසනාව ලැබුණා. ඒ භාග්ය ලැබු පිරිස ඉතාමත් වාසනාවන්තයි. දර්ශන දේව මන්දිරය තුලට වී දේව මෑණියන් දිහා බලාගෙන, එතුමිය ජේසු බිළිදු වඩවා ගත් ප්රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවද විද ගැනීමට වැඩි කාලයක් මා දර්ශන දේව මන්දීරය තුලටම වී සිටියා.
මේ සුවද මම මීට පෙර කිහිපවතාවක්ම විද තිබුනත් මේ වතාවේ තරම් තද සුගන්ධයක් මීට පෙර කිසිම අවස්ථාවක විද තිබුනේ නැහැ. ඒ සුවද තාමත් මගේ නාස්පුඩු තුල රැදී ඇති බවක් මට දැනෙනවා. දර්ශන දේව මන්දිරය පුරාත් සිද්ධස්ථාන භූමිය පුරාත්, සිද්ධස්ථානයෙන් එලියටත් මේ සුවද විහිදී ගොස් තිබුනා. එදා සිද්ධස්ථානය වෙත පැමිණි සියලුම බැතිමතුන් සහ වන්දනාකරුවන්ටත් මේ සුවද විද ගැනීමේ භාග්යය හිමිවුණා.
මේ දර්ශන දේව මන්දිරය මරිය මාතාවන්ට භාර දී අගෝස්තු මස 11 වනදාට හරියටම වසරක් සම්පුර්ණ වෙනවා. වසරක් සම්පුර්ණ වීමට ආසන්න මොහොතේ ඔබ තුමිය ගේ 18 වන දර්ශනයට වසර 42 ක් සම්පූර්ණ වන මොහොතේ අප හට මේ ලබාදුන් උතුම් වරප්රසාදය ට ස්තූතියි කටුනායක මෑණියනි.
mediamin September 7th, 2019
Posted In:
‛‛දරුවකුට හොදම පාසල දෙමාපිය දෙදෙනාගේ රැකවරණය හිමි නිවසයි. එම නිවසේ දරුවාට ගුරුවරුන් විය යුත්තේ දෙමාපිය දෙදෙනායි. දරුවාගේ මුළු ජීවිත කාලයටම බලපාන හොදම පාඩම දරුවා ඉගෙන ගන්නේ දෙමාපියන් ගෙනුයි. ඒ පාඩමේ නම ආදරයයි. දරුවකු ඒ පාඩම ඉගෙන ගන්නේ දෙමාපිය දෙදෙනා අතර පවතින ආදරය සහ සමගිය දැකීමෙනුයි’’
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙම වදන් පවසනු ලැබුවේ, ජාඇල, වැලිගම්පිටියේ චානක සුරේෂ් ප්රනාන්දු මහතාගේ සහ ඒ. ඒ. ඩී. රේණුකා ස්වර්ණමාලි මහත්මියගේ කුළුදුල් දියණිය වූ ලලන්ති චනූෂි තාරුකා දැරියගේ පාසල් අධ්යාපනයට මුල පුරමින් අධ්යාපනයේ මුල් අකුරු කියා දුන් අවස්ථාවේ දීයි.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, අපොස්තලික ශාලාවේ දී මෙය සිදු විය.
කුඩා දැරියගේ දෙමාපියන් ඇමතූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ මෙසේ ද ප්රකාශ කලහ.
‛‛කුඩා අවදියේ සිට දෙමාපිය දෙදෙනා අතර පවතින ආදරය, සමගිය දැකීමෙන් දරුවෙකු ඉගෙන ගන්නා පාඩම තුලින් ඒ දරුවාගේ සිත තුල ඇතිවන උසස් සිතුවිලි හේතුවෙන් ඒ දරුවා වැඩිහිටියකු වූ විටත් මුළු සමාජයටම ආදරය කරනවා. සමාජයේ අසරණ වූවන්ට ආදරය කරනවා. සතුන්ටත් ආදරය කරනවා. පරිසරයටත් ආදරය කරනවා.’’
අවසානයේ සිනහ මුසු මුහුණින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙලෙසින් ප්රකාශ කරනු ලැබූ සේක.
‛‛දෙමාපියන්ට සන්ඩු සරුවල් කර ගැනීමට අවශ්යයම නම් ඒවා කරගත යුත්තේ දරවන් නින්දට ගිය පසුවයි. දෙමාපියන් කිසිදු දිනයක, කුමන කරුණක් නිසාවත් දරුවන්ට පෙනෙන ලෙස, දරුවන්ට ඇසෙන ලෙස සන්ඩු සරුවල් නොකල යුතුයි. එය මුළු සමාජයටම දෙමාපියන් කරන සේවයක්.’’
ලලන්ති චනූෂි තාරුකා කුඩා දැරියගේ දෙමාපියන් අමතා ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පැවසූ වදන් ලොව සියළු දෙමාපියන්ට වැදගත් බව අද සමාජය දෙස බලන විට පැහැදිලිව පෙනෙනු ඇත.
mediamin August 23rd, 2016
Posted In: