logo4

නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැකගනු ලැබූ අපොස්තුළුතුමෙක් විසින් ලියනු ලැබූ යාච්ඤාව උච්චාරණය කිරීමෙන් මේ වන විට විශාල සංඛ්‍යාවක් මරිය තුමියගේ ප්‍රබල අනුග්‍රහය ලබා ඇත

නිර්මල කන්‍ය මරිය තුමිය වෙත ලියවුන යාච්ඤා රැසක් අප අතර ඇත. එහෙත් මේ සියල්ලක් අතරින් දයාබර මරිය තුමියගේ සිත් ගත් යැදුමක් බවට අද පත්වී ඇති, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සෑම සෙනසුරාදාවකම සවස කියනු ලබන යාච්ඤාව අති විශේෂ යාච්ඤාවකි.

නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැකගනු ලැබූ අපොස්තුළුතුමෙක් විසින් ලියනු ලැබූ මෙම යාච්ඤාව උච්චාරණය කිරීමෙන් මේ වන විට විශාල සංඛ්‍යාවක් මරිය තුමියගේ ප්‍රබල අනුග්‍රහය ලබා ඇත. ඒ නිසාම මෙම යාච්ඤාව මේ වන විට මරිය තුමිය අමතා කියනු ලබන ‛‛හාස්කම් යාච්ඤාව’’ බවට පත්වී ඇත.

නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ එකම පුත්‍රයා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙම ලෝකයේ දර්ශණය වී පත්කරනු ලැබූ දෙවන අපොස්තුළුතුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා විසින් ලියනු ලැබ ඇති මෙම යාච්ඤාව උච්චාරණය කිරීමෙන් ජනතාව ලබා ගනිමින් සිටින්නා වූ පිහිට කොතරම් ද කියතොත් ඒ පිළිබද විස්තර වාර්තා ලේඛණ ගත කිරීම ද මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ සදහාම ශුද්ධෝත්තම අපොස්තුළුතුමා විසින් නිලධාරියකු ද පත් කර ඇත.

2019 ජූනි 15 වෙනි සෙනසුරාදා සවස විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත රොක් වූ සැදැහැ ජනතාව අතරින් පිරිසකට, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට ඇතුළු වී හාස්කම් යාච්ඤාව පුද කිරීමට විශේෂ අවස්ථාවක් හිමි වූ අතර, එදින හාස්කම් යාච්ඤාව පුද කරනු ලැබූ අවස්ථාව මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකිවනු ඇත

සියලු පුවත්

මරිය තුමිය දැන් අපට අයිතියි, මරිය තුමී දැන් අපෙයි. එතුමියව අපට දුන්නේ ජේසුස් ස්වාමින් වහන්සේයි

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මෑණියන් ස්වර්ගස්ථ වී වසර නවයක් සම්පූර්ණ වෙයි

නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැකගනු ලැබූ අපොස්තුළුතුමෙක් විසින් ලියනු ලැබූ යාච්ඤාව උච්චාරණය කිරීමෙන් මේ වන විට විශාල සංඛ්‍යාවක් මරිය තුමියගේ ප්‍රබල අනුග්‍රහය ලබා ඇත

යාචකයෙකුටවත් යමක් නොදෙන තණ්හා සිත ගැළවීම සඳහා ලොකුම බාධාවක් – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

කුරුසිය දෙපස සිටි වරදකරුවන් දෙදෙනාම ජේසුස් ස්වාමින් වහන්සේට අපහාස කළා ද – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රශ්ණයක් මතු කරයි

කන්‍ය මරිය මාතාවෝ අද අප අතරම ජීවමාන වෙමින් ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිට අපට සැනසුම ලබා දෙන සේක – දෙව් මවුන්ට පිදෙන හාස්කම් යාච්ඤාව ලබන සෙනසුරාදාත් සවස 5 ට

බුදු රජාණන්වහන්සේ වින්දා වූ අප්‍රමාණ දුක් වේදනාවන් නිසාමයි මේ මහළු මවුපියන් අද මේ ස්ථානයේ සැනසීමෙන් ජීවත් වන්නේ – ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණෝ පවසති

කුඩා දරුවන්ට ස්වර්ග සැපතත්, නිවන් සැපතත් රහසින් පතන පුරුද්ද ගැන ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා හෙළි කරනු ලබයි

ශුද්ධවූ බයිබලය නමින් ග්‍රන්ථයක් කිසිදු අපොස්තුළුතුමෙකු පාවිච්චි කරනු ලැබුවේ නැත

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.