යාචකයෙකුටවත් යමක් නොදෙන තණ්හා සිත ගැළවීම සඳහා ලොකුම බාධාවක් – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

මම නිතරම උත්සාහ කරන්නේ ඔයගොල්ලන්ව පුළුවන් තරම් පාපයෙන් අහකට අරගෙන, අඳුරින් හැකිතාක් ආලෝකයට ගන්ඩ. පාපයෙන් අයින් කරලා, පිනට ලැදි පුද්ගලයන් පිරිසක් බවට පත් කරන්න. ඒකට තමයි ලොකූ කැපකිරීමක් කරන්නේ. ඒකට තමයි මම ලොකු උත්සාහයක් දරන්නේ, ඔයගොල්ලන්ට ඒ තත්ත්වය ඇති කරන්න.

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙම වදන් ප්‍රකාශ කරනු ලැබුවේ, 2019 නව වසරට ආසිරි පැතීමේ, නව අවුරුදු දිව්‍ය පූජාව අවස්ථාවේ දේශණය පවත්වමින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුලදීයි.

 

 

2019 නව වසරට ආසිරි පැතීමේ දිව්‍ය පූජාව දර්ශණ දෙව්මැඳුර තුල දී ආරම්භ වූයේ 2018 දෙසැම්බර් 31 වෙනි දින මධ්‍යම රාත්‍රියේ දී යි. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ආශිර්වාදය ඇතිව නව අවුරුද්ද ආරම්භ කිරීම සඳහා විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන්, දර්ශණ දෙව්මැඳුර තුලත් සිද්ධස්ථාන භූමියේත් රැස්ව සිටි අතර, ඔවුන් හමුවේ නව අවුරුදු දිව්‍ය පූජාව පවත්වමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, නව අවුරුද්ද සඳහා අවවාද රැසක් කියා දුන්නේ සිනහ මුසු මුහුණින් යුතුවයි. නව අවුරුද්ද ආරම්භයත් සමගින් රැස්ව සිටි සැදැහැවතුන්ව ද සිනහ ගන්වමින් උන්වහන්සේ ජනතා හදවත්වලට අමතනු ලැබීම සැමගේ ම සතුටට හේතුවක් වුනා.

 

ගමන් බිමන් යන විට, නොයෙකුත් ස්ථානවල දී අත දිගු කරන යාචකයන්ට කිසිම විටක පිටු නොපා ඔවුන්ට යමක් පරිත්‍යාග කරන ලෙසත් පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, යාචකයන්ට සුළු මුදලක් පරිත්‍යාග කිරීමෙන් ඔබ යාචකයෙක් බවට පත් නොවන බවත්, ඔවුන් ද කෝටිපතියන් නොවන බවත් ප්‍රකාශ කරනු ලැබුවේ විවිධ උදාහරණයන් ද පෙන්වා දෙමිනුයි. යාචකයන්ට යමක් පරිත්‍යාග කිරීමෙන් ඔවුන් කෝටිපතියන් වේ යයි ඔබ තුල ඊර්ෂ්‍යාවක් ඇත්නම්, ඊට බියක් ඇතිකර නොගෙන, අනුකම්පා සිතින් යුතුව, හදවතින්ම පරිත්‍යාගය කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියා.

 

ඇතැම් යාචකයන් යමක් ඉල්ලන්නේ නැතිව, හඳුන් කූරු පැකට්, කපුරු බෝල පැකට් වැනි යම් භාණ්ඩයක් මිළ දී ගන්නා ලෙස ඉල්ලා සිටින අවස්ථාවන් ඇති බවත්, එම භාණ්ඩ ඔබට අවශ්‍ය නැතත් ඔවුන්ව හිස් අතින් හරවා යවන්නේ නැතිව, ඔවුන්ගෙන් යමක් මිළ දී ගන්නා ලෙස පැවසූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, වැඩි දුරටත් යෝජනා කර සිටියේ, මිළ දී ගත් භාණ්ඩය ඔබට අනවශ්‍ය නම්, ඔහුට යම් උපකාරයක් ලෙස කරනු ලැබූ මිළ දී ගැනීමක් නම්, එම භාණ්ඩය ආපසු ඔහුටම ප්‍රධානය කරන මෙන්ය. කැමතිනම් භාණ්ඩයට ගෙවිය යුතු මුදලටත් වඩා යමක් ප්‍රධාන කරන ලෙස ඉල්ලා සිටි ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, එසේ කරනු ලැබීමෙන් කිසිදු හිඟයක් ඇති නොවන බව ද පැහැදිලි කරදෙනු ලැබුවා.

 

තව දුරටත් සැදැහැවතුන් අමතමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවේ, අඩු තරමින් යාචකයන්ට යමක් පරිත්‍යාග කිරීමෙන් තණ්හාවෙන් ඈත් වන්නට පුහුණුව ආරම්භ කල යුතු බවත්, දන් දීමට මනුෂ්‍යයා තුල ඇති අකමැත්ත ගැළවීම සඳහා ලොකුම බාධාව බවත්, නමුත් රෙදි පිළි සඳහා, රන් ආභරණ සඳහා මුදල් දන් දීමට කිසිදු මැලි බවක් නොදක්වන බවත්, එවැනි දේ සඳහා මැලි බවක් නොදක්වන්නේ ද සිත තුල තණ්හාව පවතින නිසා බවත් උදාහරණ සහිතවම පැහැදිලි කර දෙනු ලැබුවා. එවැනි මිළ දී ගැනීම් තමන්ගේම සිතට තෘප්තියක් ලබා ගැනීම පිණිස සිදු කරන්නාක් මෙන්, යමක් ඉල්ලා අත දිගු කරන කිසිවෙකුටවත් පිටු නොපා තෘප්තිමත් සිතකින් යුතුව යමක් ප්‍රධානය කර සතුටට පත්වන ලෙසත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවා.

සියලු පුවත්

නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි? – බුද්ධිමත් ක්‍රිස්තියාණි ජනතාව මේ ගැන කල්පනා කල යුතු ම බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමෝ පවසති

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තකයන්ගේ පුදුම හෙළිදරව්ව

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා – එහි අනිටු විපාකයන් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙමාපියන් අමතයි

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

අපොස්තුළුතුමෙක් යනු නිදහස් කෙනෙක් කිසිදු කණ්ඩායමකට, කල්ලියකට හෝ කිසිදු සභාවකට අයිති පුද්ගලයෙක් නොවේ – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දැඩිව ප්‍රකාශ කරයි

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය මුළු ලොවටම සත්‍ය ධර්මය බෙදන දහම් පාසැලක් වේවා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රාර්ථනා කරයි

මරිය තුමිය විසින්ම කල පුදුම හාස්කමක්

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුළින් අසිරිමත් ලෙස පිච්චමල් සුවඳ විහිදෙයි

ජූලි 27 වෙනි දා කටුනායක දර්ශණ දෙව් මැඳුරේ දෙව් මවු පාමුල ලද ඇත්දැකීම්

දෙව් මවුන්ගේ සුවද විඳීමට මගේ ඉන්ද්‍රියන් පින් කර තිබුණා

දෙව් මවු දර්ශනයට හතළිස් දෙවසරක් සපිරෙන දා එතුමියගේ ස්වර්ගීය සුවඳ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයම වෙලා ගනී

මොලය ඔළුවේ තිබේනම් සියළු ක්‍රිස්තියාණින්ට සිතන්නට කාලයයි මේ

‛‛ඇත්තටම මෙය මහා විස්මයක්. මරිය තුමියගේ සුවිශේෂී ප්‍රාතිහාර්‍යයක්’’ – ජූලි 27 වෙනි දින දෙනෝ දහක් ඉදිරියේ සිදු වූ විස්මය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මතය ප්‍රකාශ කරනු ලබයි!

ජූලි 27 වෙනි දින දෙනෝ දහක් ඉදිරියේ සිදු වූ විස්මය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මතය ප්‍රකාශ කරනු ලබයි

මිනිසෙකුගේ ආයු කාලය දවස් 27375 ක් බව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

බොහෝ ක්‍රිස්තියාණින්ගේ ජීවිතය ගෙවෙන්නේ බෙත්ලෙහෙම ත් කල්වාරිය ත් ලගයි, ඒ අතර ඇති දහම ලඟ නොවෙයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන් ප්‍රකාශ කරයි

ඔබ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම නතර කරන මොහොතක් එනවා

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.