මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

බුද්ධිමත් ක්‍රිස්තියාණි ජනතාව මේ ගැන කල්පනා කල යුතු ම බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමෝ පවසති

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය අවුරුද්දේ එක දවසකට සීමා තල නොහැකි බවත්, උන්වහන්සේගේ උත්පත්තිය එක දවසකට සීමා කලත්, උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය එක දවසකට සීමා කල නොහැකි බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2020 අගෝස්තු 15 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ප්‍රකාශ කල සේක.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව ගත කල ජීවිතයේ අවසාන කොටස පැය කීපයකට සීමා කරලා, පැය කීපයකට ලගු කරලා දුක් වීම ක්‍රිස්තියාණිකම නොවන බවත් පැවසූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමෝ ක්‍රිස්තියාණිකම යනු ඊට වඩා එහා ගිය දෙයක් බව ද, උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය වසරේ දවස් තුන්සිය හැට පහේදී ම අප සිත් තුල රැඳී පැවතිය යුතු බව ද පැවසූ සේක.

දිව්‍ය සත්ප්‍රසාදික ජේසු නැමැදීමේ සැදෑ මෙහෙය එදින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන අතර, දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි සැදැහැවතුන් මේ සදහා ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුල රැස්වී සිටියහ.

තව දුරටත් රැස්ව සිටි සැදැවතුන් අමතමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන් වහන්සේ වදාලේ, අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව ගත කල ජීවිතය පිළිබඳව විශේෂයෙන් සලකා බලත් දී උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය පිළිබඳව අප බොහෝ දුක් වන බවත්, අවුරුදු දෙදහසකටත් වැඩි කාලයකට පෙර සිදු වූ එම දුක් ප්‍රාප්තිය අවුරුදු පතා සිහිපත් කරන බවත්, ක්‍රිස්තුස් වහන්සේ යම්කිසි එකම එක සභාවකට අයත් නොවන නිසා, විවිධ සභාවන්ට අයත් ක්‍රිස්තියාණීන් කල්වාරිය පිහිටා ඇති ජෙරුසලමට යන බවත්, උන්වහන්සේ මුළු ලෝකයටම, මුළු මිනිස් වර්ගයාට ම අයිති බැවින්, ක්‍රිස්තුස් වහන්සේ අයිති මට විතරයි, නැත්නම් අපේ සභාවට විතරයි, අපේ කල්ලියට විතරයි, අපේ කණ්ඩායමට විතරයි යනුවෙන් කිසිවෙකුටවත් පවසා ක්‍රිස්තුස් වහන්සේව අයිති කර ගත නොහැකි බවත්, ක්‍රිස්තුස් වහන්සේව සියල්ලන්ට ම අයිති බවත් යී

පැයකට ආසන්න කාලයක් තම දේශණය පැවැත් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ, යම් පිරිසකට ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් යම් සංවිධානයක්, යම් සභාවක්, සමිතියක් පටන් ගත හැකි බවත් එය ගැටළුවක් නොවන නමුත් ක්‍රිස්තුස් වහන්සේව සියල්ලන්ට ම අයිති බව අමතක කල යුතු නැති අතර, ඒ බව අමතක කරනු ලැබුවහොත් එවැන්නෝ වැඩ වරද්දා ගන්නා අතර, ඇතැම් විට අමාරුවේ වැටෙන්නට ද ඉඩ ඇති බව පැවසූ සේක.

බෙත්ලෙහෙමේ දී ක්‍රිස්තුස් වහන්සේ උපත ලද ස්ථානය ලෙසින් සලකන ස්ථානයේ සවිකර ඇති ස්වර්ණමය තාරකාව අසල දී බොහෝ ක්‍රිස්තියාණින්ගේ මුහුණු නත්තල වගේම සතුටින් ආලෝකමත් වී ඇති බව ද, ඊට දින ගණනකට පසුව ජෙරුසලමට යන ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ දිවි පිදූ කල්වාරිය අසල දී දුක් බර මුහුණින් වැලපෙන අයුරු ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දුටු බවත්, බෙත්ලෙහෙම හෝ කල්වාරිය ශ්‍රී ලංකාවේ පිහිටා නැතත් ශ්‍රී ලංකාවේ ජීවත් වන ක්‍රිස්තියාණින් ද මෙලෙස ක්‍රියා කරන බවත්, නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන බවත්, එසේ කරනුයේ ඇයි ද කියා ප්‍රශ්ණ කල යුතු බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා වැඩි දුරටත් ප්‍රකාශ කල සේක.

දිව්‍ය සත්ප්‍රසාදික ජේසු නැමැදීමේ සැදෑ මෙහෙයේ දී, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේගෙන් ආශිර්වාදය දානය කිරීම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ දෝතින් සිදු වූ අතර, ඊට පෙර සැදැහැවතුන්, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට රතු පැහැති ඉටිපහන් දල්වා තැන්පත් කර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වෙත සිය ගෞරවය පුදනු ලැබීය.

ක්‍රිස්තුස් වහන්සේ හෝ අපොස්තුළුතුමෙක් හෝ ඕනෑම අධ්‍යාත්මික ගුරුතුමෙක් ජනතාවට ධර්මයෙන් මග පෙන්වා දෙන විට, එය ඔරොත්තු දෙනුයේ ඥාණවන්තයන්ට පමණක් බව උදාහණයන් සහිතව මෙහිදී විස්තර කරනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, අධ්‍යාත්මික ගුරුවරයෙක් තමා පැවසූ කිසිදු ප්‍රකාශයක් වැරදීමකින් පැවසූ දෙයක් ලෙසින් පවසා ඉවත් කර නොගන්නා අතර, ආධ්‍යාත්මික ගුරුවරයෙක් හොඳ සිහි කල්පනාවෙන්, බුද්ධිමත්ව කතා කරන බවත්, ඔවුන් කතා කරන්නේ ඥාණවන්තයන්ට බවත්, එවිට ඒ ඥාණවන්තයන් බුද්ධිමත්ව කල්පනා කර ගැටළු ඇත්නම් ඒ ගැන විමසන අතර, ලොවට පහළ වන කිසිදු අධ්‍යාත්මික ගුරුතුමෙක්, .ඒවා අභිරහස්. නැතහොත් .ඒවා අපට තේරුම් ගන්නට බැහැ. වැනි පිළිතුරු දිය නොහැකි ලිස්සා යන ප්‍රකාශයන් නොකරන බවත් පැවසූ සේක.

අධ්‍යාත්මික ගුරුතුමෙක්, .ඒවා අභිරහස්. නැතහොත් .ඒවා අපට තේරුම් ගන්නට බැහැ. වැනි පිළිතුරු දී දිය නොහැකි ලිස්සා යන ප්‍රකාශයන් නොකරන බවත් පැවසූ සේක.

සියලු පුවත්

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තකයන්ගේ පුදුම හෙළිදරව්ව

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා – එහි අනිටු විපාකයන් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙමාපියන් අමතයි

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

අපොස්තුළුතුමෙක් යනු නිදහස් කෙනෙක් කිසිදු කණ්ඩායමකට, කල්ලියකට හෝ කිසිදු සභාවකට අයිති පුද්ගලයෙක් නොවේ – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දැඩිව ප්‍රකාශ කරයි

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය මුළු ලොවටම සත්‍ය ධර්මය බෙදන දහම් පාසැලක් වේවා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රාර්ථනා කරයි

මරිය තුමිය විසින්ම කල පුදුම හාස්කමක්

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුළින් අසිරිමත් ලෙස පිච්චමල් සුවඳ විහිදෙයි

ජූලි 27 වෙනි දා කටුනායක දර්ශණ දෙව් මැඳුරේ දෙව් මවු පාමුල ලද ඇත්දැකීම්

දෙව් මවුන්ගේ සුවද විඳීමට මගේ ඉන්ද්‍රියන් පින් කර තිබුණා

දෙව් මවු දර්ශනයට හතළිස් දෙවසරක් සපිරෙන දා එතුමියගේ ස්වර්ගීය සුවඳ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයම වෙලා ගනී

මොලය ඔළුවේ තිබේනම් සියළු ක්‍රිස්තියාණින්ට සිතන්නට කාලයයි මේ

‛‛ඇත්තටම මෙය මහා විස්මයක්. මරිය තුමියගේ සුවිශේෂී ප්‍රාතිහාර්‍යයක්’’ – ජූලි 27 වෙනි දින දෙනෝ දහක් ඉදිරියේ සිදු වූ විස්මය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මතය ප්‍රකාශ කරනු ලබයි!

ජූලි 27 වෙනි දින දෙනෝ දහක් ඉදිරියේ සිදු වූ විස්මය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මතය ප්‍රකාශ කරනු ලබයි

මිනිසෙකුගේ ආයු කාලය දවස් 27375 ක් බව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

බොහෝ ක්‍රිස්තියාණින්ගේ ජීවිතය ගෙවෙන්නේ බෙත්ලෙහෙම ත් කල්වාරිය ත් ලගයි, ඒ අතර ඇති දහම ලඟ නොවෙයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන් ප්‍රකාශ කරයි

ඔබ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම නතර කරන මොහොතක් එනවා

දරුවකු කිසිදු දිනයක නේවාසිකාගාරයක නතර නොකල යුතුයි

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.